අකුරැස්සේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අකුරැස්සේ 13 දැරිය පැහැරගෙන ගොස් 6 දෙනකු අතවර කරලා

    අකුරැස්ස - විදුල සහන්|Maubima

    580302_558180330900721_2034186272_n.jpg


    අකුරැස්ස, හේනේගම, පරගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13යි මාස 10ක් පමණ වයසැති බාලවයස්කාර දැරියක් පෙරේදා (26දා) සවස පැහැරගෙන ගොස් පුද්ගලයන් හයදෙනකු විසින් දූෂණය කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. මේ දැරිය වෙළෙඳසලක් වෙත පාගමනින් යන අතරවාරයේදී ත්‍රිරෝද රථයකින් හා යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පිරිස දැරිය රථයට නංවාගෙන පාළු නිවෙසකට ගෙන ගොස් දූෂණය කරන ලදැයි මව සමඟ අකුරැස්ස පොලිසිය වෙත පැමිණ දැරිය පැමිණිලි කර ඇත.

    පැමිණිල්ල අනුව අකුරැස්ස පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (27දා) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් හා අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි රන්ජිත් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික අමරසේන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඉතිරි සැකකරුවන් පස්දෙනාද අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. මාතර අපරාධ පරීක්‍ෂණ අංශ නිලධාරීන්ද අදාළ ස්ථානය වෙත ගොස් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ. දැරිය වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු සඳහා රෝහල්ගත කර ඇත.