අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට ජාත්‍යන&#

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට ජාත්‍යන&#

    අගමැතිකමෙන් ඉවත්වන්නැයි රනිල්ට ජාත්‍යන්තර බලපෑම්


    රට ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා. අස්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහට තානාපති අංශ ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    එසේ ඉල්ලා අස්වී එජාපයේ වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කරගෙන ජනපතිවරණයාගේ නිල කාලය අවසන් වනතුරු රට ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද අගමැතිවරයාට තානාපති අංශ දැනුම් දී ඇති බවද සඳහන්ය.
    යම් හෙයකින් විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත් වුවහොත් ඔහුට විපක්ෂයට යාමට සිද්ධ වනු ඇති බවත් එසේ වුවහොත් දැනට විපක්ෂ නායක ධුරය දරමින් දෙමළ ජාතික සන්ධානය වාර්ගික සමගිය වෙනුවෙන් කරනු ලබන වැඩපිළිවෙල අවුල් වී යළිදු වරක් රටේ බෙදීමක් ඇති වනු ඇති බවද තානාපති අංශ අනතුරු හඟවා තිබේ.

    මේ නිසා තනි පුද්ගලයෙකු වශයෙන් තමාගේ තනතුර ගැන පමණක් නොසිතා රටේ ඉදිරි අනාගතය ගැන සිතා මේ මොහොතේ අගමැතිවරයා ඉවත්විය යුතු බව තානාපති අංශවල මතය වී ඇත.

    ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් රැසක තානාපතිවරුන්ද අගමැතිවරයා විශ්වාසභංගයේදී කටයුතු කරමින් සිටින ආකාරය අධ්‍යයයන කිරීමෙන් පසු ඉහත සඳහන් කරුණ ඔහුට දැනුම් දී ඇති බවද සඳහන්ය.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිලගෙ පක්ෂෙ ඇතුලෙ උනුත් කී පාරක් ඕකව නායකකමෙන් අයින් කරන්ඩ හැදුවද ගියේම නෑනෙ,මොකෙක්ද එකෙක් හිරිකොත ඉස්සරහ ගිණි තියන් මැරුනද කොහෙද කාලෙකට කලින් ඒත් රනිල් දෙයිය නෙවෙයි ගියේ..දැන් යයි රටයි පක්සෙයි ගැන හිතල මේන් කියල.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕකා යන්නේ නෑ මලාට. අමුර්තය බිල හරි සදාකාලික නායක කමේ ඉදී. :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරා ඒකාධිපතියා කිව්ව පොනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරා ඒකාධිපතියා කිව්ව පොනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය :lol:

    :rofl::rofl::rofl: රනිලගෙ ජ්‍රජාත්‍රන්ත්‍රවාදය රෙද්දෙ පල්ලෙ බේරෙනව..
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ උනාට මරා වගේ ඒකාධිපති මිනීමරු නෙමෙයි. අපේ මොළයානෝ අපි රැකගනිමු.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඒ උනාට මරා වගේ ඒකාධිපති මිනීමරු නෙමෙයි. අපේ මොළයානෝ අපි රැකගනිමු.

    එතකොට ආයුබෝවන්ඩ බටලන්ද කියන්නේ ?