අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති පාස්කු දින පණිවුඩය මෙහි දැක්වෙයි.
පාස්කු දින පණිවුඩය
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබූ විජයග්‍රාහී ප්‍රීතියේ සැමරුම් දිනය පාස්කුවයි.
කිතුනු ජනතාවගේ ප්‍රධානතම මංගල්‍යක් වන පාස්කුව ලොවපුරා කිතුනු බැතිමතුන් සමඟ ශ්‍රී ලංකේය කිතුනු ජනතාව සමරනුයේ මහත් හරසරිනි.
පාස්කු මංගල්‍යයට පෙර කිතුනු බැතිමත්හු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය මහ සිකුරාදා දිනයේ සිහිපත් කරනුයේ දුක්විඳීම හා මරණය මෙනෙහි කරමිනි.
පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්යය හා ශක්තිය ජීවිතයට ළඟාකර ගතහැකි අධ්‍යාත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියලු දෙනාට එක සේ වැදගත්ය.
ඒ සඳහා ඔවුහු අළු බදාදා සිට දින හතළිහක කාලයක් දුක් ප්‍රාප්තියට වඩාත් සමීපවෙමින් යාඤාවෙන් භාවනාවෙන්, උපවාස ශීලයෙන් හා විවිධ පුණ්‍ය ක්‍රියා ඔස්සේ අධ්‍යාත්මික සහනය ප්‍රාර්ථනා කරති.
සමාජීය හා සදාචාර සම්පන්න පැවැත්ම විනාශ කරන සහ සමාජය අඳුරු ගන්වන නපුරු බලවේග පලවා හැරීම සඳහා පාස්කු අලෝකය ජනතාවට සහනාලෝකයකි.
සමාජ සාධාරණත්වය, මනුෂ්‍යත්වය සහ ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය කැපකළ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලොවට ගෙන ආ ජීවිත ආදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුනු ජනතාවට හැකිවේවා! යැයි මම ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලාංකේය කිතුනු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා !
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය