මධ්‍යයේ වැරැද්ද සම්පූර්ණයෙන්ම.
රටේ ජනතාවට කල්පනා කරන්න බුද්ධියක් නැති තත්වෙට පත් කරේ මාධ්‍යයෙන්.
මිනිහෙක් උනහම කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕන.
මේ ලෝකේ මෙච්චර චාටර් තැනක් වෙලා තියෙන්න හේතුව තමයි කල්පනා කරන්නේ නැති මිනිස්සු සමාජයට ඇවිත් ඉන්න එක. මිනිස්සු කල්පනා කරන්න දන්නවා නම් මේ ලෝකේ ගොඩක් සුන්දර තැනක් වෙනවා.
අන්න ඒකයි කල්පනා කිරිමේ වටිනාකම රත්තරං වලට වඩා වටින්නේ. නමුත් අපේ මිනිස්සුන්ට කල්පනා කරනවා තියා කල්පනා කිරිල්ලේ ඇති වටිනාකම වත් තේරෙන්නේ නැති තරමට මිනිස්සු distract වෙලා ඉන්නේ ජරාව වල් නිසා මේ media එකෙන් මිනිස්සුන්ගේ ඔළු වලට දාන. ඉතින් ඔය මෙගා ටෙලිනාට්‍ය ජරාව දාලා රටේ මිනිසුන්ගේ ඔළු ටික විනාශ කරලා දාලා තියෙන්නේ මාධ්‍ය නාලිකා වලින්.
කල්පනා කරන්න smart දේවල් හිතන්න නම් ඒ සිතුවිලි trigger වෙන්න ආරම්භයක් ලැබෙන්න ඕන.
අපි දන්නවා සිතුවිලි, සිතුවිලි මත පැන පැන එකින් එකට වෙනස් වේවි වැඩ කරනවා කියලා. ජරාව ගැන හිතනකොට සිතුවිල්ලක් ඇවිල්ල ඒ ඔස්සේ හිත වැඩ කරලා ඒ මනුෂ්‍යයා එතනින් එහාට වෙනස් අප්සට් කෙනෙක් බවට පත් වෙනවා.
ඒ වගේම උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න sci-fi movie එකක් අපි බැලුවහම අපි ඒ ගැන අපේ හිත වෙනස් අතරට හැරිලා අපි වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා අර සිතුවිලි අපේ ඔලුවේ වැඩ කරලා අපි තව දුරට හිතන්න ගන්නවා. Creative ideas එන්න ගන්නවා. නමුත් අර වගේ ජරාව බැලුවහම මිනිස්සු උදේ පාන්දර වැඩට ගිහින් ඇවිල්ලා ගෙදර අවමයි, ගෙදර ඉන්න උං උදේ ඉඳන් රෑ වෙනකම් මේ ගොං ඒවා බලලා මිනිස්සුන්ගේ හිත් වැඩ කරන හැටි හිතාගන්න පුලුවන් ද?
ඉස්සර මාධ්‍ය කියලා තිබුනේ TV විතරයි. ඉතිං මිනිස්සු වැටිලා ඉන්න වලේ ගැඹුර වත් හරියට දන්නේ නැහැ.
නමුත් දැන් අඩු ගානේ දන්නවා අපි පට්ට වළක මේ වැටිල ඉන්නෙ කියල. ඒ මාධ්‍ය වෙනස් උන නිසා. දැන් ගොඩක් මාධ්‍ය කියලා අපි පාවිච්චි කරන්නෙ Internet.
දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙමෙයි. ඒ පුටු වලට යවපු මේ රටේ බහුතර ජනතාව.
ජනතාව ඒ තත්වෙට පත් කරේ මේ කාලාකණ්ණි මාධ්‍ය.
මෙකට solution එක තමයී මිනිස්සුන් ගෙ හිත් වෙනස් කිරීම. හිත් වල තියෙන අසූචි ටික ඉවත් වෙන විඳිහේ system එකක් හදන එක.
ඒක internet එකෙන් කරනවා නම්, හොඳ හිතන්න පුළුවන් දේවල් creativity එක වැඩි වෙන හිත් වෙනස් කරන්න පුළුවන් contents මීට වඩා highlight වෙලා පෙනෙන විදිහෙ system එකක් හදන එක.
ElaKiri එකත් මේ අතින් ගොඩක් හොඳයි.
නමුත් මම පෞද්ගලිකව අත් දැකපු දෙයක් තමයි මෙහි සාකච්ඡාවක් පවත්වා ගෙන යන කොට විවෘත මනසකින් දකින මිනිස්සු කතා කරනවා අඩුයි. ඒකට හේතුව ගොං ටෝක් දෙන උං රංගන එක. උන්ට කියල වැඩක් නෑ කියලා එයාලා කටවල් වහගෙන ඉන්නවා.
එකේ එක් තරා දුරට නිවැරැදිතාවයක් තියෙනව. නමුත් guts අරගෙන කතා කරන උං ඒ අතරේ ඉන්නවා. ඔන්න උන්ට මම හිස නමා ආචාර කරනවා.
නමුත් මෙතැන සිද්ද වෙන දේ ගැන කතා කළොත්, ගොඩක් වෙලාවට argue කරණකොට එතැනට set වෙන්නේ ඔය සාම්ප්‍රදායික විදිහට ඔලුව හැදුන අප්සට් case. උන්ට අපිට මොලේ දෙන්න බැහැ. උන් එක්ක කොච්චර argue කරත් කොච්චර පැහැදිළි ලෙස කරුණු ඉදිරිපත් කරලා පෙන්නලා දුන්නට එයාල වෙනස් වෙන්නේ නැහැ.
මෙන්න මෙකට හේතුව එයාල මේ විවෘතව යෙදෙන සංවාද වල ideas දකින්නේ පෞද්ගලික විදිහට.
එකට හේතුව මෙයාලගේ ජීවිතේ මුල් කාලේ ඉඳන් මේ වෙනකම් ගත්ත හරි කියලා හිතන තීරණ ඔක්කොම අරගෙන තියෙන්නේ මේ සමාජයේ අප්සට් standard එක පදනම් කරගෙන නිසා අපි ඒ දේවල් විවේචනය කරණකොට, එයාලට මේ ideas වලට attack වෙන්කොට දැනෙන්නේ එයාලට පෞද්ගලිකව attack කරනවා වගේ.
ඉතිං එයාලා කරන්නේ ඒ අපේ විවෘත idea එකට attack කරන්න හදන එක. But Ideas are bullet proof. Idea එක මර්දනය කරන්න බැහැ. මෙතැනදී මෙයාලා කරන්නේ idea එකට මොකුත් කරන්න බැරි නිසා පෞද්ගලිකව මඩ ගහන එක.
ඒ අපිව මර්දනය කරන්න හදන එක. මේ රටේ majority එක තනිකරම ඔය විදිහේ අය. ඔය හේතුව නිසා මෙයාල ට තව කට්ටිය එකතු වෙනවා. Group ගැහෙනවා. ගැහිලා attack කරනවා අර කෙනාට පෞද්ගලික විදියට. ඔය හේතුව හින්දා තමයි මිනිස්සු කට අරින්නේ නැතිව ඉන්නේ ඕක වෙනවා කියලා කල් තියා දන්නා නිසා.
මම ඒත් බය නැතුව කතා කරලා තියෙනවා ගොඩක් මම දකින තැන් වල. නමුත් හැමෝම මෙහෙම කරන්නේ නැහැ. මං ඔය වගේ කතා කරන්නේ ඒ මිනිස්සු වෙනස් කරන්න ඕන කමක් නිසා නෙමෙයි. මම දන්නවා උං වෙනස් නොවන බව. මම ලියන්නේ තවත් open minded හිතන කොල්ලෙක් ට හිතන්න දෙයක් දෙන්න සහ කියවලා හැදෙන්න. එතකොට improve වෙනවා. මේ ලෝකේ වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් ඔයාලට මිසක් ඔය ගොං ගස් වලට නෙමෙයි කියන එක මට උබලට මතක් කරනව. මේ රට ගොඩ ගන්න පුළුවන් එකම බලාපොරොත්තුව උබල.