අගමැති-කාර්යාලයේ-ප්‍රතිපාදන

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අගමැති-කාර්යාලයේ-ප්‍රතිපාදන

    ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අගමැති කාර්යාලයේ ප්‍රතිපාදන අත්හිටුවීමට යෝජනාවක්


    _104398355_80c80876-58da-4f5c-938c-b0d8f11ad0c1.jpg


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබීම නීතිවිරෝධී බව විශ්වාසභංග යෝජනාවක් මගින් තහවුරු කර ඇති හෙයින් අග්‍රාමාත්‍ය කාර්යාලයට සැපයෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන ලෙසට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය සඳුදා පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ රටේ මූල්‍ය පාලනය සම්බන්ධව සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතුව පවතින බවය.

    ඒ අනුව, අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන් බවත්, ඒ සඳහා වැඩ කරන දින පහක කාලයක් අවශ්‍ය බව දැන්වූ හෙයින් ඊට එකඟත්වය දුන් බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසීය.

    ඔවුන් භාර දුන් යෝජනාව පහත දැක්වේ.


    _104398358_motion1911.jpg


    මේ අතර, කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, "අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ ‍යෝජනාවක් අද දින භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දෙන ලද අතර, එම යෝජනාව එළඹෙන නොවැම්බර් 29 වන දින විවාදයට ගැනීමට තීරණය කළ" බවය.

    එමෙන්ම "පාර්ලිමේන්තුව තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ සභා ගර්භය තුළ මිරිස් කුඩු ප්‍රහාරයන් එල්ල කිරීම, රාජ්‍ය දේපළ හානි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් මෙන්ම කථානායක අසුන අවභාවිත කරමින් අපහාසාත්මක ආකාරයෙන් හැසිරීම, ගුටිබැට‍ හුවමාරු සිදු කර ගැනීම" ඇතුළු විනය කඩකිරීම් සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස කතානායකවරයා විසින් අදාළ අංශ වෙතින් වාර්තා කැඳවා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

    කතානායක කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.


    _104398360_19112018.jpg


    බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, අගමැති කාර්යාලයේ ප්‍රතිපාදන අත්හිටුවීමේ යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය බහුතරය සිය පාර්ශවය සතුව පවතින බවය.

    ඉහත කී යෝජනාව නොවැම්බර් 29 වෙනි දින ඉදිරිපත් කළ පසු ඊට අදාළ ඡන්ද විමසීමේදී එය පරාජය කළ හැකි බව ද ඔහු පැවසීය.


    Source : https://www.bbc.com/sinhala/sri-lanka-46257914?ocid=socialflow_facebook

    ece72018-4534-4e21-8e89-4305c44c0010





    බලන්න නයනී
    මහ බැංකුවේ කේස් එකට අතේ අහුවෙච්ච සේට් එක මොශන් දෙනවා.:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    This Motion is not valid, Hirunika's boyfriend didn't sign it... lol... ponna patunta ewage ekakwath hariyata karaganna baha...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් රවීය,මරු එකා ඇවිල්ල තියෙන්නෙ මුදල් කපා හරින්ඩ .. :lol::lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලොල් රවීය,මරු එකා ඇවිල්ල තියෙන්නෙ මුදල් කපා හරින්ඩ .. :lol::lol::lol:

    කලු එකානේ ඇලොසියස්ට කොල් අරං මාට්ටු උනේ, බැදුම්කර කොමිසමේ කෝප් එකේ උන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කලු එකානේ ඇලොසියස්ට කොල් අරං මාට්ටු උනේ, බැදුම්කර කොමිසමේ කෝප් එකේ උන්නේ.

    :yes::yes: ඕක දැනටත් පදිචිවෙලා ඉන්නෙ අර්ජුන ඇලෝසියස් අරන් දුන්න ගෙදර..මරු බඩුව මූල්ය විනය ගැන කතා කරන්ඩ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මෙතෙක් කාලයක් ආගිය අත නැතුව සිටි ආර්ථික ඔස්තාර් හර්ෂද සිල්වා යළිත් කරලියට.