අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න්


    අග්න්‍යාශය පණ ගැන්වීම මාස 2න් සිදු කරන සිංහල බෙහෙත


    1541828150_t.jpg
    ප්‍රශ්නය - දියවැඩියා රෝගය බෝ නොවන රෝගයක්‌ වුවත්, ඉතා වේගයෙන් ජන සමාජය ඔස්‌සේ පැතිර යන බව දන්නවා. අප අද සිට මේ ලිපි පෙළ පටන් ගන්නේ දියවැඩියා රෝගය සුව කිරීම සඳහා ශාකසාර ඖෂධ යොදා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල ඉන්දියාවේ සිදු කෙරෙන පර්යේෂණ මාලාවක්‌ සම්බන්ධයන් පාඨකයන් දැනුවත් කිරීමටයි.

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නෙල්ලි, කරවිල, කුරුඳු, කෝමාරිකා යන ශාකවලින් පර්යේෂණ සිදු කරන බවත් එම පර්යේෂණ සාර්ථක වූ බවත් The Times of India නමැති පුවත්පත සඳහන් කරනවා. දියවැඩියාව කියන්නේ මොකද්ද? ශරීරයේ රුධිර සීනි ප්‍රතිශතය සාමාන්‍ය මට්‌ටම ඉක්‌මවා යැමයි. අප ගන්නා ආහාර ග්ලූකෝස්‌ බවට පත් වී සෛලවලට ප්‍රවාහනය වීම සිදුවෙනවා. මේ ග්ලූකෝස්‌ ශක්‌තිය බවට පත්වන අතර ඒ සඳහා පාදක වන්නේ Insulin නමැති ද්‍රව්‍යයයි. එහෙත් ඒ කාරණයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නැති වුණාම රුධිරයේ සීනි මට්‌ටම ඉහළ නගිනවා.

    මේ තත්ත්වය සමනය කිරීම සඳහා නෙල්ලි වලින් අපූරු ඖෂධයක්‌ සාදා ගන්නට පුළුවන්. නෙල්ලි ගෙඩි 3 ක්‌ තුනී තලපයක්‌ වන පරිදි අඹරා ගත යුතුයි. ඉන් පසු රෙද්දකට මේ තලපය දමා තද කර ඉස්‌ම ලබා ගත යුතුයි. මේ නෙල්ලි ඉස්‌ම තේ හැඳි දෙකක්‌ වතුර මිලි ලීටර් 200 කට දමා මිශ්‍රකර හැම උදැසනකම හිස්‌බඩ පානය කරනවා නම් රුධිර සීනි මට්‌ටම ඉදිරි පැය 24 තුළ පාලනය කර ගත හැකි බව සොයා ගෙන තිබෙනවා. මේ මිශ්‍රණය විටමින් C වලින් සමන්විතයි. ඒ නිසා ඔබේ අග්න්‍යාශය පරිස්‌සම් කර ගැනීමටත් පුළුවන්.

    නෙල්ලි යොදාගෙන දියවැඩියාව පාලනය කරන ක්‍රම ගණනාවක්‌ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ තිබෙනවා. නෙල්ලි ගසේ පස්‌ පංගුවම බෙහෙතට ගන්නවා. ආයුර්වේදයට අනුව විග්‍රහ කරනවා නම්, නෙල්ලි මගින් ත්‍රිදොaෂ පාලනය සිදු වෙනවා. ආයුර්වේදයේ වගේම දේශීය වෙදකමෙත් තිබෙනවා රස වර්ග 6 ක්‌. එයින් 5 ක්‌ ම නෙල්ලි ගෙඩියේ තිබෙනවා. මෙහි තිබෙන සිසිලකරන ගුණය නිසා පිත් දෝෂය පාලනය වී පිත අඩු වීම සිදුවෙනවා. එසේම මේ සිසිල්කරන ගුණය නිසා ශරීරයේ අග්න්‍යාශය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්‍ෂා වෙනවා. ශරීරයේ ගෙවී ගිය ශක්‌තිය නැවත ලබා ගැනීමට යොදා ගන්නා 'ච්‍යාවන්පුශ්' නමැති රසායනයේ ප්‍රධානතම අමුද්‍රව්‍යය තමයි නෙල්ලි. මේ රසායනය ගැන චරක සංහිතාවේ එනවා. අග්න්‍යාශය ප්‍රතිසංස්‌කරණය කරගත හැකි නම් එහි තිබෙන සෛල ක්‍රියාත්මක වී ඉන්සියුලින් නිපදවීම මාස 2න් අරඹනවා. නෙල්ලි පදනම් කරගත් අපේ පාරම්පරික ඖෂධවලට පුළුවන් නිදන්ගත තත්ත්වයට පත් නොවූ දියවැඩියාව සුවපත් කරන්නට.
    [FONT=Arial, Helvetica, sans-serif] ([/FONT][FONT=Arial, Helvetica, sans-serif]under the courtesy of hirunews.lk news web[/FONT][FONT=Arial, Helvetica, sans-serif])[/FONT]
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧


    එහෙත් ඒ කාරණයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නැති වුණාම රුධිරයේ සීනි මට්‌ටම ඉහළ නගිනවා. [FONT=Arial, Helvetica, sans-serif] ([/FONT][FONT=Arial, Helvetica, sans-serif][/FONT][FONT=Arial, Helvetica, sans-serif])[/FONT]


    මේ කතාව හරියටම හරි නෑ. ගොඩක් අය හිතන් ඉන්නෙ ශරීරයෙ නිපදවන ඉන්සියුලින් ප්‍රමානෙ මදි නිසා දියවැඩියාව හැදෙනවා කියල. එහෙම වෙන්නෙ ටයිප් 1 දියවැඩියා රෝගීන්ට විතරයි. අනිත් ප්‍රබේධය තමයි ටයිප් 2, ඒකෙදි සාමාන්‍ය කෙනෙක්ගෙ ගානටම දියවැඩියාව තියන කෙනෙක්ගේත් ඉන්සියුලින් හැදෙනවා ඒ උනාට සයිල වලට ග්ලුකෝස් විබේධනය කරන්න බෑ. ඒක හරියට ලොක් එකයි යතුරයි වගේ සීන් එකක්. තියන යතුරට ලොක් එක අරින්න බැරි වෙනවා. එහෙම උනාම නිපදවන ඉන්සියුලින් වලින් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. දියවැඩියා රෝගී population එකෙන් 90% ඉන්නෙ. ටයිප් 2 කට්ටිය. ඒ හින්ද මේ මොකුත් නොදන්න සිංහල වෙදකම් කරනවට වඩා හොඳම දේ තමයි දන්න කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න එක. ලංකාවෙ දැනට ඉන්න හොඳම අප්ඩේට් ඩොක්ටර් තමයි ප්‍රසාද් කටුලන්ද.