අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට සිදුකළ පහරදිමක් හේතුවෙන් සිසුන් සිව්දෙනෙකු ඇතුලු පස්දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
මෙම පහරදිම එම විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.
ඊයේ (14) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.
තුවාලකරුවන් අතර රියදුරෙකු ද වන අතර ඔවුන් ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මීට පෙර ද එම විශ්වවිද්‍යාලයේම නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණා.