අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (8) රාත්රී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බව අනාවරණය වෙයි.
නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමෙන් අනතුරුව කොළඹට පැමිණි අග්රාමාත්යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි.
අග්රාමාත්යවරයා හෙට (9) අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිත අතර එහිදී පාක්ෂිකයින් හමුවේ මේ බව ප්රකාශ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ අතර නාමල් රාජපක්ෂ මහතා පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පරණ වීඩියෝවක් එක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති ධූරය මහ ලොකු දෙයක් නොවන බවත්, තමන් සැමදා 'මහින්ද රාජපක්ෂ' බවත් ප්රකාශ කළ කතාවක් උඩුගත කර තිබේ.
ශ්රී ලංකාවේ අවස්ථා දෙකක් ජනපති පදවියටත් අවස්ථා 3 ක් අගමැති පදවියටත් පත්ව ඇති මහින්ද රාජපක්ෂ සිය දීර්ඝ දේශපාලන පරිච්ඡේදය අවසන් කරන්නේ ඔහු අපේක්ෂා නොකළ මොහොතක අපේක්ෂා නොකළ ආකාරයකටය.
'මයිනාගෝගම' පිහිටුවමින් මාසයකට ආසන්න කාලයක් තරුණ පරපුර සිදුකළ අරගලයක ප්රතිඵලයක් වශයෙනි.

Erozan pons ta gahana gaman marunoth thawath athal