අගැමතිතුමා කුමන්ත්‍රණයක් හෙලි කරයි
තමාව අගැමතිධූරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්රනයක් පවතින බවත්, මේ සඳහා බොරු උපවාසකාර ඇමතියෙක් සහ ආරක්ෂක ලොක්කෙක් සම්බන්ධ බව තමා දන්නා බවත් අගැමති දි.මූ ජයරත්න මහතා පවසයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඥාතීන්ගේ පක්ෂයක් නොවන බවත්,නෑයන් අගැමතිවරු කිරීමට ඉඩ දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉඩ නොදෙන බව පැවසූ අගැමතිවරයා එවැනි පියවරකට ආවොත් පක්ෂයේ ඉන්න ඇමතිවරු පොන්නයෝ නොවන බවත් පැවසූ අගැමතිවරයා කුමන්ත්රණකරුවන්ට අනතුරු ඇඟවීමක්ද කලේය.තමන්ගේ 50 වසරක දේශපාලන දිවියේ කලු සල්ලි හෝ මිනිස් ලේ තැවරී නැති බවත්, කළු සල්ලි රැස් කරපු අයගේ සම්පූර්ණ විස්තර තමා දන්නා බවත්, සියල්ල එලි කරන බවත් කියමින් රතු එලියක්ද දැල්වීය.පචායුධ පුද්ගලයන්ගේ කුමන්ත්‍රණ වලට හසු වී තමාට විශ්වාස භංගයක් ගෙන ඒමෙන් වලකින ලෙස ජ.වි.පෙ න් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්ද අගැමතිවරයා කලේය.

ඕකට යන්න කලේ හරි...වැඩකට නැති එකෙක්නෙ.හැබැයි එන්න ඉන්න එක මුටත් අන්තද දන්නේ නෑ..