අචලාගේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අචලාගේ පෙම්වතා කියන කතාව
    Thursday, February 7, 2013

    මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකු වන 24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි ට සිය වම් අතර අහිමි වීතිබුන බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කරනු ලැබුවා.

    560232_509974022388019_588699285_n.jpg


    ලංකාව පුරා පසුගිය කාලයේ මෙය ආනොද්ලනාත්මක පුවතක් බවට පත්වූවා. මෙම හද කම්පා කරවන පුවත දැනගත් බොහෝ දෙනා අචලාට උදව් කිරීමට ඉදිරිපත්ව තිබුනා.

    බොහෝ දෙනා අගය කලේ මෙම සිදුවීමට අචලා දැඩි ආත්ම ශක්තියකින් මුහුණදුන් ආකාරයයි.

    තමාට හුරුපුරුදු වමත අහිමිවීමත් සමග හඬා නොවැටී එයට අචලා එයට මුහුණදුන් ආකාරය විශ්වාසකළ නොහැකි තරම්ය. එයට එක හේතුවක් ලෙස අචලාව විපතේදී තනි නොකළ මිතුරු මිතුරියන් සඳහන් කල හැක.

    මේ අතර වෙනස වැඩසටහන මගින් සිදු කල සාකච්චාවක් අතරතුර අචලා තමාගේ පෙම්වතා මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වූ ආකාරය දක්වා තිබුනේ මෙලෙසින්

    නිවේදක : අචලාට ආදරය කරන හරි , අචලා කාට හරි ආදරය කරන කෙනෙක් ඉන්නවද?
    අචලා : ඔව් ගොඩක් ඉන්නවා

    නිවේදක : මම අහපු ප්‍රශ්නය ඔයාට පැහැදිලියි කියල හිතෙනවා. නමුත් ඔයා දුන්න උත්තරේ මට පැහැදිලි නැහැ.

    අචලා :ඔය අහන්නේ මගේ පෙම්වතා ගැනද ?
    නිවේදක : ඔව්

    අචලා : (සිනාසෙමින්)...එහෙමනම් ඉතින් කියන්න තියෙන්නේ මම ආදරය කරන මට ආදරය කරන කෙනක් ඉන්නවා.

    නිවේදක :මේ සිද්ධිය සම්බන්ධයෙන් එයාගේ අදහස මොකද්ද ?

    අචලා : එයාගේ අදහස...මගේ අත වෙන් කරනවා කියල මම එයාට ඉස්සෙල්ලම කියපු වතාවේ එයා කිව්වේ "ඉතින් ඔයාට නැත්තේ එක අතයි නේ. මට අත් දෙකම තියෙනවනේ" කියල . මම ඇත්තටම ආඩම්බර වෙනවා මම එයාට අවරුදු දහයක් තිස්සේ ආදරය කරපු එක ගැන.​

    :cool::cool::cool:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    නිවේදක : අචලාට ආදරය කරන හරි , අචලා කාට හරි ආදරය කරන කෙනෙක් ඉන්නවද?
    අචලා : ඔව් ගොඩක් ඉන්නවා

    නිවේදක : මම අහපු ප්‍රශ්නය ඔයාට පැහැදිලියි කියල හිතෙනවා. නමුත් ඔයා දුන්න උත්තරේ මට පැහැදිලි නැහැ.

    අචලා :ඔය අහන්නේ මගේ පෙම්වතා ගැනද ?
    නිවේදක : ඔව්

    අචලා : (සිනාසෙමින්)...එහෙමනම් ඉතින් කියන්න තියෙන්නේ මම ආදරය කරන මට ආදරය කරන කෙනක් ඉන්නවා.


    :cool::cool::cool:

    මෙයාව නම් හරියන්නෙම නීති වේදයට තමයි. නිවේදක තුමාට ලැජ්ජ හිතෙන්නැති කෙල්ල දුන්න උත්තරේට
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    එළ කොල්ලෙක්. අතක් පයක් වගේද කකුලක් කියල කෙල්ලට අත නැති උනාට මට කෙල්ල ඉන්නව කියල හිතල ඌ ෆිට් එකේ ඉන්නව. මේව අපිටත් හොද පාඩම්. මේක තමා නියම ආදරේ. හැබැයි කොල්ල දැන් ඔහොම කිව්වට කල් යද්දි මොන වෙයිද කියන එක තමා ප්‍රශ්ණෙ. අමාරු ප්‍රශ්ණ එන්නෙ පස්සෙ...