ගෝඨාභය පැන්නීමේ හෝ ඔහු දිනවීමේ සතුටක් විශේෂයෙන් මට නම් නෑ.
මගේ සතුට ජනතාවගේ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන්. ශතවර්ෂ ගණනාවකට පස්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සු අරගලයකින් රටේ පාලකයා පන්නා දැමුවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නිවහල් මිනිසුන් බවට පත් උනා. ඒ අභිමානයෙන් තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස හැබෑ ලෙස ස්ථාපිත වෙන්නේ. ඒක ජනතාව දිනා ගතයුතු දෙකක් මිස ඔහේ ලැබෙන ඒවා නෙවෙයි.
හැමෝම කිව්වේ ගෝඨා යවන්න බෑ කියලා. නමුත් අවිහිංසාවාදී සහ සාමකාමී උපක්‍රම වලින් ඔහුව යවන්න මිනිස්සුන්ට පුළුවන් උනා. දින 100 කට පස්සේ ජනතාව මන්දිරය වට කලේ ඔහු එතෙක් නොයෑම නිසා. මිලියන ගාණක් මිනිස්සු ආවහම මීට වඩා ගොඩක් හානි වෙන්න තිබුනා. පෑගිලාම මැරෙන්න තිබුනා. නමුත් මිනිස්සු කිසි විටෙක ප්‍රචණ්ඩත්වය තෝරා ගත්තේ නෑ.
විශාල අරගලයක් තුල අතුරු සිදුවීම් වෙන්න පුළුවන්. ඒක මේකේ හැටි. ඒවා අපිට දරා ගන්න වෙනවා. මිනිස්සු 10 දෙනෙක් මිය ගියා. ගොඩක් හිරේ ගියේ. ආබාධ වලට ලක් වුනා.
කාබනික පොහොර තීරණය ගන්න මොහොතේ ඉඳලම වැරදි තීරණයක්. ඒ ගැන අපි කතා නොකර ඉමු. ඒක දැන් පරණ සංවාදයක්.
ජනාධිපතිලා පත් වෙන්නෙ ඡන්දයෙන්. ඒක කාලෙන් කාලෙට එන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. ඡන්දයකින් ක්‍රමයක් වෙනස් වෙන්නේ නෑ. පාලන රෙජීමය වෙනස් වෙනවා විතරයි. නමුත් දේශපාලන ක්‍රම වෙනස් වෙන කාලෙට එන්නේ අරගල හෝ යුද්ද. මේ කාලේ එහෙම පරිවර්තන යුගයක්. මේ කාලේ වල ආපු අරගලය අවිහිංසාවාදී හා සාමකාමී කර ගන්න අපිට පුළුවන් උනා. නැත්නම් ප්‍රතිඵල ගෝඨාභය ගෙන් නතර නොවෙන්න තිබුනා. අරගලයත් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂ්ණයක්. ඒවා එන්නේ දීර්ඝකාලයකට පස්සේ. ඔබේ ජීවිත කාලයේ එකක් දැකීමට ඔබ පිං කර තිබෙනවා. නමුත් හරි පැත්ත තෝර ගන්න තරම් ඒ පින ඔබට ඉඩ දීලා නෑ.
රටේ ආර්ථික ක්‍රමය වෙනස් කරන අරගලය ඔබ කියන එක හරි. ඒ අරගලය තාම කරන්න තියෙනවා. ඒ අරගලය වෙනුවෙන් තමයි ඔබ සමග එකම වේදිකාවේ හිට ගත්තේ. ඒ අරගලයේ නිවැරදි පැත්තේ ඔබ සිටීම සතුටක්. ඔය අරගල දෙකේම ප්‍රතිඅරගලයට මූහුණ දෙමින් අපි ඉන්නේ.
අරගලය ඉවර නෑ. ආයේ ආයේ මතු වෙනවා. විවිධ ස්වරූප වලින් මතු වෙනවා. සිස්ටම් එක වෙනස් වෙනකං මතු වෙනවා. ඒක මේකේ හැටි. ඒක තමයි ස්වභාවය.
පැතුම් කර්නර්