"ජනාධිපතිවරණයදි, මහ මැතිවරණයකදී මේ රටේ වගකීම බාර ගන්න අපි සූදානම්"
අද වෙද්දී ජනතාවගෙන් විශාල පිරිසක් විකල්ප නායකයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ අනුර කුමාර දිසානායක. පක්ෂ නායකයෙක් හැටියට ඔබ මේ වගකීම භාරගන්න සූදානම් වන්නේ කොහොමද?
විශේෂයෙන්ම මෙතෙක් අපේ රටේ ඇති වූ හැම නායකත්වයකටම වඩා හැම නායක මණ්ඩලයකටම වඩා ඉතාමත් හොඳ ජනතාවට වගකියන පාලනයක් ගොඩනඟන්න අපට පුළුවන්.
ජනාධිපතිවරයකු ලෙස ඔබ ජනවරමකින් පත් කළ යුතුයි කියන මතයේ සිටින පිරිසට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දුවක් අරගෙන නෑ. කවුද තරග වදින්නේ, කොහොමද තරග වදින්නේ කියලා. කෙසේ වුවත් ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී හෝ ඕනෑම මැතිවරණයකදී මේ රටේ වගකීම භාරගන්න අපි සූදානම්. විශේෂයෙන් අපි දන්නවා අපේ රටේ මෙතෙක් ගොඩනැඟුණු හැම කැබිනට් මණ්ඩලයකට වඩා රටට වගකියන ඒ ඒ විෂයයන් ගැන දැනුම අවබෝධය තියෙන කැබිනට් මණ්ඩලයක් අපිට හදන්න පුළුවන්.
යම් දිනක ජවිපෙ ගොඩනඟන පාලනයයි පවතින පාලන තන්ත්‍රය තුළයි ඇති වෙනස මොකක්ද?
මෙතෙක් කල් හැම මන්ත්‍රි ධුරයක්ම, හැම කැබිනට් අමාත්‍ය ධුරයක්ම තමන්ගේ පෞද්ගලික වරප්‍රසාද වරදාන වෙනුවෙන් පමණයි පාවිච්චි කළේ. මේ රටේ අදූෂිත, කැපකිරීම් කරන්න පුළුවන්, ඒ ඒ විෂයයන් පිළිබඳ දැනුම් තියෙන රට ගොඩනැගීම සඳහා අවංක අරමුණක් තිබෙන කණ්ඩායමක් තමයි අපේ පාලනයකදී වගකීම් දරන්නේ මෙතෙක් ගොඩනැඟුණු හැම ආණ්ඩුවකම තිබුණේ තමන්ට ලොකු අමාත්‍ය ධුරයක්, තමන්ට ලොකු ටෙන්ඩර්, තමන්ගෙ පවුල වටා, තමන්ගේ ඥාතීන් වටා ගොඩනැඟූ පාලන බලයක්. ජනතාව රැස්කරගත් පාලනයක් ගොඩනඟන්නයි අපේ සූදානම. බහුතරයකගේ මතය තියෙන්නේ අදහස් ප්‍රකාශ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට.
ජනතාව බහුතරයක් අද වෙද්දී විවාදයකින් තොරව ජවිපෙට ඡන්දය දෙන්න ලෑස්තියි. නමුත් ඔවුන්ට පොදුවේ ගැටලුවක් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ බලය ඉල්ලුවට නිශ්චිත ඉලක්කයක් නැති බවත් ඔබලා සුපුරුදු ලෙස විපක්ෂය විවේචනය කිරීම පමණක් කරන බවත්?
කිසිසේත්ම නෑ. අපි දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනවා මෙන්ම බලය ගැනීමේ අරමුණ ඇතිව මේ සියලු දේ කරන්නෙ. ඒ නිසා ජනතාව මේ රටේ බලය ලබා දෙන්න සූදානම් ඕනෑම මොහොතක අපි ඒ බලය ගන්න ලෑස්තියි. අපේ කණ්ඩායම ඉතාමත් ප්‍රබල කණ්ඩායමක්. ඔබට දකින්න අහන්න පුළුවන් වෙලා තිබෙනවා අපේ මන්ත්‍රි ධුර දරපු, මන්ත්‍රි ධුර දරන කණ්ඩායම විතරක් නෙවේ එතනින් එහා යා හැකි විශාල කණ්ඩායමක් අපට ඉන්නවා. විශේෂයෙන් ජාතික ජන බලවේගය හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායමක්, සාහිත්‍යධරයන්, විද්වතුන් සමාජ ක්‍රියාධරයන්, මෙරට ගොවි, ධීවර ඇතුළු වෘත්තීය සමිති සියලු නායකයන් මේ සියල්ල ඒකාබද්ධ කර ගත්තු ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. ඒ හැකියාව තියෙන කණ්ඩායම අපේ කණ්ඩායමේ ඉන්නවා.
නමුත් අපේ ජනතාව පුරුදු වෙලා තියෙන්නේ ජනප්‍රිය මුහුණුවලට, ප්‍රසිද්ධ භාවයට ඡන්දය දෙන්න. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙ මුහුණු පුරුදු නෑ. ජනතාවගේ දශක ගණනක ඒ සාම්ප්‍රදායික පුරුද්ද මත විශාල බලයක් ඔබලාට ලබා ගන්නට හැකියි කියලා කොහොමද තක්සේරු කරන්නෙ?
ජනතාව වසර ගාණක් පවුල් පස්සේ ගියා. ස්වාමියාගෙන් බිරියට පාලනය ගත්තා. තාත්තගෙන් පසු මල්ලි තෝරගත්තා. තාත්තගෙන් පුතාට, අයියගෙන් මල්ලිට බලය ගත්තු පවුල් පිටුපස දේශපාලනයක් අපේ රටේ සිද්ධ වුණා. ජනප්‍රිය යැයි කියන කණ්ඩායම පිටුපස ජනතාව ගියා. නමුත් අවසන් ප්‍රතිඵලය මොකක්ද ණය ටික ගෙවා ගන්න බැරි රටක්. භාණ්ඩ ටික නිෂ්පාදනය කරගන්න බැරි රටක්. නිෂ්පාදන මුළුමනින්ම කඩා වැටුණු රටක්.
ජීවත් වීම පිළිබඳ අපේක්ෂාභංගත්වයට පත් වූ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඉන්න රටක්. හැකි ඇති හැකියාව තියෙන පුද්ගලයන් රට අත් හැර යන තත්ත්වයක් තියෙන රටක්. අපරාධවලින් ගහන වූ රටක්. ජනප්‍රිය මුහුණු පවුල්වලින් පාරම්පරිකව ආ දේශපාලන ගමනේ අවසන් ප්‍රතිඵලයත් අද රටේ මිනිස්සු භුක්ති විඳිමින් තිබෙනවා. ඒ නිසා අද අපිට අවශ්‍ය වී තිබෙන්නේ ඊට විකල්ප විස¾දුමක් සහිත දේශපාලනයක්. ඉතින් මා හිතනවා ඒ කණ්ඩායම තමයි ජාතික ජන බලවේගය.
ඔබ අවස්ථා කිහිපයක චෝදනා කළා ජනාධිපතිවරයා අති උද්දච්ඡ මානසිකත්වයකින් කටයුතු කරන බව. නමුත් අනෙක් පැත්තෙන් චෝදනාවක් එල්ල කළොත් ඔබත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස දේශපාලනඥයන් හෝ සන්ධානයක් තාම පක්ෂයට එකතු කරගන්න කැමැත්තක් නැති උද්දච්ඡ මානසිකත්වයක් ඔබට තියෙනවා කියලා ඔබ ඒක භාර ගන්නේ කොහොමද?
ඒ විදිහට විවිධ වර්ගයේ සන්ධාන ඉතිහාස පුරා ගොඩනැඟී තිබෙනවා. ඔබ දන්නවා දේශපාලන නායකයෝ වේදිකාවෙ නැඟලා “යාළුයි අපි යාළුයි“ කියලා බදා වැලඳගෙන සන්ධාන ගොඩනඟන කොට. හැබැයි ඒ හැම සන්ධානයකම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ බලය ලබාගැනීම හා බලයෙන් වරප්‍රසාද භුක්ති විඳීම. නමුත් අපේ රටේ එවැනි සාම්ප්‍රදායික සංවිධානයකට අපි යන්නෙ නෑ.
අපිට අවශ්‍ය මේ රටේ ජනතාවත් එක්ක ගොඩනැඟෙන සන්ධානයක්. ඒ වගේම අවංකභාවය තිබෙන, අදූෂිත, සැබැවින්ම මේ දේශපාලනය වෙනස් කිරීම සඳහා උවමනාව තිබෙන කණ්ඩායම් ඉන් පරිබාහිරව ඉන්නවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පමණක් ඉන්නවා කිව්වොත් ඒක නිවැරදි නෑ. ඒ නිසයි අපි ජාතික ජන බලවේගය කියලා පුළුල් කණ්ඩායමක් ගොඩනඟා තිබෙන්නේ. සියලු කණ්ඩායම්වලට එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානයක් ගොඩනඟා තියෙනවා.
මිනිස්සු එදා සිට පුරුදු වූ පක්ෂ කිහිපයක් තියෙනවා. ප්‍රධාන පක්ෂ. මං නැවත අහන්නේ අලුත් මුහුණු එකතු කරගෙන ඔබේ පක්ෂයට විශාල බලයක් අල්ලන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්නේ කොහොමද සහ ජනතාවට දෙන සහතිකය මොකක්ද?
ඔබ හිතනවාද මේ පැරැණි අසාර්ථක දේශපාලන පක්ෂ එක්ක සන්ධාන ගතවීම හරහා රට ගොඩ ගත හැකියි කියලා. කිසිසේත්ම එවැනි පැරණි අසාර්ථක දේශපාලන ව්‍යාපාරයක් සමඟ මේ ගමන යා නොහැකියි. විවිධ සන්ධාන ගොඩ නැඟුණත් ඒ ඉතිහාසය බලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයක් වටා ගොඩනැගුණා. එක්සත් ජාතික පක්ෂය සන්ධානයක් වටා ගොඩනැඟුණා.
පක්ෂවල සන්ධාන තිබුණත් අවසානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය දෙකම එකතු වෙච්ච සන්ධානයක් 2015 - 2019 දක්වා පාලනය කළා. ඒ සියලුම සන්ධානවල දේශපාලනය අසාර්ථකයි. ඒ නිසා අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ අලුත් දෙයක්. අපි දන්නවා අලුත් දෙයකට අවතීර්ණ වෙද්දී සැකය තියෙනවා. අවිශ්වාසය තියෙනවා.
හැබැයි මිනිස්සු වෙනස් වීම්වලදී අලුත් දේවල්වලට මිනිස්සු බය වුණා නම් මිනිස් සමාජය මෙතන නෙමෙයි තිබෙන්නේ. මිනිස් සමාජයේ මානව ශිෂ්ටාචාරය විශාල කර තිබෙන්නේ වෙනස්කම්වලට බිය නොවුණ, අලුත් වීම්වලට බිය නොවූ මිනිස්සු පරිවර්තනය කළ හැකි වන්නේ මේ වෙනසට බය නොවන, අලුත් දේට බය නොවන මිනිසුන්ගෙන් පමණයි.
ඒ වගේම ජනතාව සමඟ බහුතරයක් කතා කරන විට ඔවුන්ගේ ප්‍රබල ගැටලුවක් වී තිබෙන්නේ අපට තෝරා ගන්න සුදුසු නායකයෙක් නොමැති බව. ඒකෙන් අදහස් කරන්නේ ඔබත් සුදුසු නායකයකු නොවන බවද?
හැමදාම පුද්ගල චරිත පස්සේ ජනතාව ගියපු කාලය ඇති. දියසෙන් කුමාරවරු හොයාගෙන ගිය කාලෙ ඇති. දුප්පතාගේ හිතවතා ආවා. විහාරමහදේවි ආවා. පොළොන්නරුවේ ගැමියා ආවා. ආසියාවේ මහා මොළය ආවා. මොකද වුණේ තනි තනි පුද්ගල චරිත සියල්ල අසාර්ථකයි. ඒ නිසා අවශ්‍යවී තිබෙන්නේ තනි පුද්ගලයෙක් නෙමේ සාමූහික නායකත්වයක්.
ඒ නිසා ජාතික ජන බලවේගය අර්බුදයෙන් ගොඩගත හැකි සාමූහික නායකත්වයක් සහිත වැඩපිළිවෙළක්. එනිසා මේ රට ගොඩනැඟීම කෙරෙහි ජනතාවට ආරාධනා කරනවා ඒ වෙනස කරන්න අපි විශ්වාස කර අපිට සහාය දෙන්න කියලා. දියසෙන් කුමාරවරු, වැඩකරන අපේ විරුවා වැනි නම් කියල කිව්වට එහි යථාර්ථය තේරුම් ගන්න.
දියසෙන් කුමාරයා හරි වැඩකරන අපේ විරුවා හරි අනුර කුමාර හරි කවුරු මොන බලවේගයක් හරහා ආවත් මේ ටි්‍රලියන 16කට අධික ණයක් තියෙන රටක් ගොඩනඟන්න සැලසුමක් ඕනෑ. කොහොමද ඔබ ඒ දේ භාරගන්නෙ?
අපේ රටේ තිබෙන අගාධය ගත්තොත් සරල නෑ. ඒ කියන්නේ රටකට විය හැකි සියලුම පන්නයේ කඩාවැටීම්වලට භාජන වී තිබෙනවා. ඒ නිසා පළමු කොටම අපේ රටේ පුරවැසියන් පොදු එකඟතාවකට ආ යුතුයි. පැරණි දේශපාලන අසාර්ථක කඳවුරුවලට අපේ රටේ අනාගතයක් නොමැති බව. අනතුරුව ඔබ අහන ප්‍රශ්නය අපට මේ ගොඩනැඟීම සඳහා පිළිවෙළක් තිබේද? ඔව්. පැහැදිලිවම අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. හැබැයි මං කියන්නේ නෑ ආපු හැටියෙම ස්වර්ග රාජ්‍යයක් පහළ කරනවා කියලා.
අපි කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය, පොදු ව්‍යවසායකයා, ජනතාව සාමූහිකව රට ගොඩනැඟීමට වැඩපිළිවෙළක් මත ක්‍රියාත්මක කළොත් මේ රට ගොඩනඟන්න පුළුවන් කියලා. එනිසා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ පොදු සාමුහික ක්‍රියාවලියට මැදිහත් වී අපි හැම දෙනාම එකතුවෙලා මේ රට ගොඩනඟමු කියන අවංක මැදිහත්වීමක් කළොත් ඉතා සාර්ථක බව.
ඔබලත් ඇවිල්ලා ජනතාවට ප්‍රකාශ කළොත් යම් කැපකිරීමක් කරන්න කියලා?
ඔව්. ඒකට යම් ජනතාවකගේ මැදිහත්වීම අවශ්‍යයි. කළ යුතු වන්නේ පාලකයා පෞද්ගලික ජෙට්වලින් තිරුපති යමින්, විශාල නාස්තිකාර වියදම්වල නිරත වෙමින්, සියලුම වාහන ආනයනය නතර කර තිබෙද්දී පාලකයන්ට පමණක් වාහන ආනයනය කරමින්, පාලකයා විශාල මන්දිරවල සිට ඒවා නඩත්තු කරන්න මහජන ධනය කෝටි ගණන් වියදම් කරමින් ජනතාවට කැපකිරීම් කරන්න කියන එක යුක්තිසහගත නෑ.
පොහොර ප්‍රශ්නෙදී පවා හොරකම් කරන පාලකයෝ ඉන්නා රටක ජනතාවට කැප කිරීම් කරන්න කියලා ආරාධනා කිරීම මොන තරම් ලැජ්ජා නැති වැඩක්ද උඩුමහලේ ඉන්න දේශපාලකයෝ පොළොවට බහින්න ඕන. එවැනි දේශපාලනයකට විතරයි ජනතාවට කිරීම් කරන්න කියලා ඉල්ලන්න පුළුවන්.