අජිත් ප්‍රසන්නට අධිකරණයෙන් දැඩි අවවාද

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    අජිත් ප්‍රසන්නට අධිකරණයෙන් දැඩි අවවාද

    තමන්ට අයිති නැති නඩු විභාග සඳහා බලෙන් පෙනී නොසිටින ලෙස නීතීඥ අජිත් ප්‍රසන්නට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් දැඩි ලෙස අවවාද කර තිබේ. ඒ, 'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර අද (30) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

    නීතීඥ අජිත් ප්‍රසන්න යනු තමන් 'රණවිරුවකු' වශයෙන් පෙනී සිටිමින් තමන්ට අදාළ නොවන නඩු විභාගවලට බලෙන් පෙනී සිටින පුද්ගලයෙකි. ඔහු අමල් කරුණාසේකර සම්බන්ධ නඩු විභාගයේදී ද මෙසේ බලෙන් පෙනී සිට බරපතළ දේශනයක් ඉදිරිපත් කර තිබිණි.

    රහස් පොලීසිය මේ සම්බන්ධයෙන් අමල් කරුණාසේකර මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට ගොස් ඇති අතර එහිදී අමල් කරුණාසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් අජිත් ප්‍රසන්නව නොදන්නා බවත් ඔහුගේ සේවය ඉල්ලා නොමැති බවත් ය. අජිත් ප්‍රසන්න රණවිරුවකු වශයෙන් පෙනී සිටිමින් එතැන රඟපාන බවත් එවන් පිස්සෙකුගෙන් සේවය ලබා ගැනීමට තමන්ට අවශ්‍ය නොමැති බවත් අමල් කරුණාසේකර මහතා රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

    අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නීතීඥ අජිත් ප්‍රසන්නගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඔහුව දෝෂාරෝපණයට ලක් කර ඇති අතර තමන්ට අයිති නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින ලෙස දැඩි ලෙස අවවාද කර තිබේ.

    අජිත් ප්‍රසන්න වැනි "වොයිස් කට් ලෝයර්ස්"ලා පිරිසක් දැන් බිහිවී ඇත. ඔවුන්ට අවශ්‍ය නඩු විභාගය අවසානයේ රූපවාහිනී කැමරාවලට පෙනී සිට වොයිස් කට් ලබාදී 'පොරක්' වන්නටය. නීතීඥ ප්‍රේම්නාත් දොළවත්ත ද මෙවැන්නෙකි. ඔවුන්ට නඩු නැත. ඔවුන් කරන්නේ අනුන්ගේ නඩුවලට බලෙන් මැදිහත් වීමය. ඒ හරහා අධිකරණය නොමඟ යැවීමට තැත් කිරීමය. මෙය නීතීඥ වෘත්තියට ම නිගාවක් බව ද සඳහන් කළ යුතුමය.

    මේජර් අජිත් ප්‍රසන්නගේ රණවිරු කතාවේ බොරුව මීට පෙර බොදුබල සේනාව විසින් එළිදරව් කර තිබිණි. ඔහු තමන් රණවිරුවකු බව ප්‍රකාශ කළ ද ක්‍රියාන්විත ප්‍රදේශවල සේවය නොකර කට්ටි පැන්න අයෙකි. ඒ සම්බන්ධයෙන් යුධ අධිකරණයෙන් දඬුවම් ද ලැබූවෙකි. නැවත විභාග වංචාවක් සම්බන්ධයෙන් ද යුධ අධිකරණයෙන් දඬුවම් ලැබූවෙකි. මේ තොරතුරු සඟවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතීඥයකු ලෙස දිවුරුම් දුන්නෙකි. එනයින් නීතීඥ අජිත් ප්‍රසන්න යනු එකම බොරුවකි. ප්‍රශ්නය වන්නේ මෙකී බොරු උල්පත බැඳ දැමීමට කෙනෙකු නොමැති වීමය.



    ajith-doc.jpg
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,189
    745
    113
    Tiwi,NT
    ඇයි බන් නීතිඥ සංගමයක් තියෙනවා නේද ලංකාවේ