අජිත් රෝහණ සුපුරුදු තනතුර ට නැවතත්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

    අපරාධ, රථවාහන අංශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධුරය ද අජිත් රෝහණ මහතා විසින් දරනු ඇත.

    මේ අතර පොලිස් මාධ්‍ය ඒකකය සහ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් මහතා තවදුරටත් එම තනතුරුවල රාජකාරි කරන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

    ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබේ.


    271850378_487584439381086_6645538788125427609_n.jpg