අටා ??

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අටා පිටසක්වලයෙක් ද? උප-මානව ප්‍රයිමේටාවෙක් ද? විකෘති වූ දරුවෙක් ද? මමිකරණයට ලක් වුණ දරු ගැබක් ද? අන්තර්ජාලය පුරා මේ දින වල අරුම පුදුම "අටා" ගැන මුමුනන විවිධ අදහස් වලින් කිහිපයක් මේ. අඟල් 6ක් උසැති මේ "අටා" ඇටසැකිල්ල ගැන තොරතෝන්චියක් නැතිව නැගුන මේ අදහස් වලට නිමාවක් දෙන්නට කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී සිටිනවා. කෙසේ වුවත් අභිරහස තවමත් සම්පූර්ණයෙන්ම නම් විසඳී නැහැ.

    1pnb_fe6_u7sk2.png


    කතාව ආරම්භ වන්නේ අදින් වසර 10කට පෙර අටකාමා කාන්තාරයේ තිබී මෙම අල්ප ප්‍රමාණයේ සැකිල්ල හමු වීමත් සමගින්. එතැනින් පටන් ගත් අටා නැවතුනේ බාසිලෝනාහි චිත්‍රපට නිශ්පාදකයෙකුගේ පෞද්ගලික එකතුවකිනි.

    පසුගිය සිසිරයේදී මිතුරෙකුගේ මාර්ගයෙන් අටා ගැන අසන්නට ලැබුණු ස්ටැන්ෆර්ඩ් සරසවියේ ගේරි නොලාන් නම් විද්‍යාඥයා අදාල චිත්‍රපට නිශ්පාදකයා සම්බන්ධ කරගත්තේ අටා පිලිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමේ අටියෙන්.

    ලද අවසරයෙන් ඔහු අටාගේ ජානමය ප්‍රවේණි ද්‍රව්‍ය තුල හෝඩුවාවන් සෙවීමට පටන් ගත්තා. ඔහු මුලදී සිතුවේ අටා වසර දහස් ගණනක් පැරණි වන්නට ඇති බවක්. අටකාමා කතර තරම් වියලි ප්‍රදේශයක් මිහිමත වෙනත් නොමැති තරම්. එවන් දේශගුණයක් තුල අටා එතරම් දීර්ඝ කාලයක් වුවත් සංරක්ෂණය වී තිබීමට හොඳින්ම ඉඩකඩ තිබීම ඔහු මෙසේ සිතීමට හේතු වන්නට ඇති. නමුත් පරීක්ෂණ මගින් තහවුරු වුණේ අටා දශක කිහිපයකට වඩා පැරණි නොවන වගක්!

    කෙසේ වෙතත් යූ.එෆ්.ඕ හඹායන්නන්ගේ නම් දොම්නසට තුඩු දෙමින් මේ පරීක්ෂණ තවදුරටත් පෙන්නා දුන්නා අටා මිහිමතටම උරුම කියන බව. මිනිස් ජෙනෝමයක කියවුම් මිලියන 500කට පමණ අටා ගේ ජෙනෝම සිතියම් කිරීමෙන් පසුවයි නොලාන් සැකයකින් තොරවම අටාගේ මනුෂ්‍යභාවය තීන්දු කළේ. අටා නිදර්ශකයේ B2 ඓකදර්ශ තවදුරටත් හෙලි කරන්නේ අටාගේ මවත් දකුණු අමෙරිකාවේ බටහිර තීරයේම තැනැත්තියක් වන බවයි.

    මේ අතරතුර අටා ගේ දනහිස් අස්ථි එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කළ විද්‍යාඥ පිරිස මවිතයට පත් වුණේ ඒවා වයස අවුරුදු 6 - 8 අතර දරුවෙකුගේ පිහිටීමට දැක්වූ සමානකම දැකීමෙන්. මෙය සත්‍යයක් ලෙස පිලිගන්නේ නම් නොලාන්ට අනුව පැහැදිලි කිරීම් දෙකක් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඉන් පළමුවැන්න නම් අටා සැබෑවටම කුඩා මනුෂ්‍යයෙක් ලෙස ඉපදී එම වයස දක්වා ජීවත් වන්නට ඇති බව. බැලූ බැල්මටම විය නොහැක්කක් සේ පෙනී යන මෙම පැහැදිලිකිරීම පරීක්ෂා කිරීමට නොලාන් සැරසෙන්නේ අටාගේ අස්ථි තුලින් හිමොග්ලොබින් උකහාගෙන එහි ළදරු ප්‍රෝටීන සහ වෘද්ධ ප්‍රෝටීන අනුපාතය සොයා බැලීම තුලින්. දෙවැනි වියහැකියාව නම් අටා වයස සති 22ක දරු ගැබක් ව තිබියදී "ප්‍රර්ණය" නමැති විරල ඉක්මනින් වියපත් වීමේ රෝගයෙන් පීඩා විඳ මවු කුස තුල සිටියදීම හෝ අපරිණත උපතකින් පසු මියෑදීමයි.

    ප්‍රර්ණ රෝගී බව තහවුරු කිරීමට තරම් ජානමය හෝඩුවා තවමත් නොලාන් වෙත ලැබී නැති මුත් ඔහු දැනටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. තවත් වියහැකියාවක් ලෙස දැක්විය හැක්කේ ජන්ම විරූපිකාරකයක්: ජන්ම විකලතාවයක් ඇති කළ හැකි ධූලකයක්. වේදනානාශකයක් හරහා මෙවන් විශ ශරීරගත වීමක් වෙන්නට ඉඩකඩ තිබීම මේ අදහස ශක්තිමත් කරවන්නක්. ස්කන්ධ භේද මානයක් උපයෝගී කරගෙන අටාගේ පටක පරීක්ෂා කරමින් නොලාන් උත්සාහ ගන්නේ එවන් විශක් ශරීරගතව ඇත්දැයි විමසීමට.


    ( තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි. djHiran )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා 100% ඇත්තමයි කියන්නත් බැහැ බොරුයි කියන්නත් බැහැ බං.. ඇමෙරිකන්කාරයො ඕවා රහසක් හැටියට තියාගන්නවා ලෝකයට බොරු බයිලයක් කෙලලා..:dull:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඕවා 100% ඇත්තමයි කියන්නත් බැහැ බොරුයි කියන්නත් බැහැ බං.. ඇමෙරිකන්කාරයො ඕවා රහසක් හැටියට තියාගන්නවා ලෝකයට බොරු බයිලයක් කෙලලා..:dull:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඕවා 100% ඇත්තමයි කියන්නත් බැහැ බොරුයි කියන්නත් බැහැ බං.. ඇමෙරිකන්කාරයො ඕවා රහසක් හැටියට තියාගන්නවා ලෝකයට බොරු බයිලයක් කෙලලා..:dull:
    :yes:
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ඕවා 100% ඇත්තමයි කියන්නත් බැහැ බොරුයි කියන්නත් බැහැ බං.. ඇමෙරිකන්කාරයො ඕවා රහසක් හැටියට තියාගන්නවා ලෝකයට බොරු බයිලයක් කෙලලා..:dull:

    :yes::yes: