අඩ්රස් නෑ

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    ඔන්න ඉතින් මම අද ගම්පහ නගරයේ සිනමා ශාලාවකට ගියා අඩ්රස් නෑ film එක බලන්න. සිනමා ශාලාව ගැන කියන්න දෙයක් නෑ මල් හතයි.;) seat එකේ මකුළු දැල් එහෙම කඩලා කුඹි ටිකත් ගසලා දාලා:shocked: මැද හරියේ seat එකක වාඩි උනා කියමුකෝ. bell 3නම ගහලා film එක පටන්ගන්න කොට නිකමට වගේ පිටිපස්ස හැරිලා බැලුවා crowd එක කොහොමද කියල. කිව්වට විශ්වාස කරයිද මන්දා, මමත් ඇතුළුව මුළු hall එකේම හිටියේ 20 දෙනයි.:shocked:

    කතාව නම් හිතට වැදුනා.මුදලාලිලාගේ order එකට මිනිස්සු මරන, කුඩා ළමයි හිඟා කෑමේ යොදවා, කාන්තාවන් ගණිකා ජාවාරමේ යොදවා මුදල් හම්බ කරගන්නා මුඩුක්කු පාතාලය පිලිබඳ තිත්ත ඇත්ත රටටම හෙළි කරන සිනමා පටයකි. ජැක්සන් ඇන්තනි(නාසි වත්තේ හිට්ලර්),මහේන්ද්‍ර පෙරේරා(හිගාකන චැප්ලින්) විශිෂ්ට රංගනයක යෙදෙනවා.fights එහෙම තාත්විකයි.

    maxresdefault.jpg


    තව බලපු කට්ටිය ඉන්නවද? කොහොමද කට්ටියගේ අදහස් film එක ගැන?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගම්පහ ඒවාට යනවද බන් ෆිල්ම් බලන්න ?:lol::no:

    උබේ මුළු ගෙදරටම මකුණෝ සෙට්වෙයි ..දැන්ම තියලා ලෑස්තිවෙයන් :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජැක්සන් ගේ පවුලම ඉන්නවනේ බොලේ ‍ෆිල්ම් එකේ.. මම දන්න විදියට මේ ‍ෆිල්ම් එක ගැන හොඳ ෆීඩ් බැක් එකක් තියෙනව.පුලුවන් අය බලන්න යන්න. ගම්පහ ‍ෆිල්ම් එකක් බලන්න යන්නත් ලැජ්ජයි බං හෝල් වල තත්ත්වය ඇහුවම..මොකෝ බං මේවට උනේ.. දැන් ඉන්න කපල් වත් ඕවට රිංගන්නේ නැද්ද..මං අහන්නේ.. මම සූරිය අරණ ‍ෆිල්ම් එක බලන්න ගිහින් ලොවෙත් කට්ටක් කාලා අන්තිමට බලන්න ගියපු වෙලාවේ එකට පස්සෙ තිබුණ ෆෝ එක තමා බැලුවේ..එහෙම කට්ටක් කාල ‍ෆිල්ම් බලන්න ගිය හෝල් වල දැන් එක ෆෝ එක පෙන්න ගන්න 20ක් වත් නෑ කියුවම..
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    කපල් එකකට තියා එකෙක්ට තනියම වත් යන්න සුදුසු තත්වයක නෙමේ film halls තියෙන්නේ දැන්. film hall හදපු දවසේ ඉදල තවම කිසිම repair එකක් කරලා නෑ. සුරිය අරණ බලපු කාලේ විදිහමයි hall එක.:growl: film rolls ඔතලා දුවන එක්දහස් නමසිය බරගනන්වල projectors තමයි තාම තියෙන්නේ. වෙනස තියෙන්නේ seat වල කුෂන් නෑ, fans කැරකෙන්නේ නෑ.:shocked:
    ticket කඩන එකාමයි canteen එකෙත් ඉන්නේ.torch ගහ ගහ යන්නෙත් ඌමයි.;)