අඩියටම වැටිලත් උත්සාහය අත්නොහල ස්වාමීන් වහන්සේ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,132
    3,161
    113
    43
    Wakanda
    1000089820.jpg

    අවුරුදු හතේදි පන්සලට ගිහින්දාපු පොඩි එකෙක්. දැන් මහනකම තමයි බිස්නස් එක. බන බිස්නස් පිරිකර බිස්නස්
    තට්ටය ලොකු වැඩක් කරා වගේ හෑල්ලකුත් ලියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,136
    113
    Mother Earth
    කවුරු වාහන ගත්තත් අදාළ නෑ. නිවන් යනවද නැද්ද කියලත් අදාල නෑ. මෙයාලට රැවටෙන අපේ වැඩිහිටි පරම්පරාව ආයේ නුතන පරම්පරාවට සිවුරේ හෙළුව දකින්න බුද්ධිය පහළ වේවා. බණ කියන්න සල්ලි ගන්නවා කියන එකම ප්‍රෝඩාවක් නෙමෙයිද. 🤷🏻‍♂️
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,887
    113
    සාදු සාදු අපේ හාමුදුරුවනේ ජයම වෙන්න ඕනෙ. 🙏
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,872
    3,056
    113
    colombo
    පොඩි කාලේම මහණ කරන ඒක නම් අනුමත කරන්න බැහැ බං. ඇරුරුදු 14-16ක් වත් වුණාම පස්සේ මහණ කරන්න හැදුවා නම් හරි.

    මේ වගේ අයාගෙන ශාසනය බේරනවා කියලත් කියන්න බැහැ නේ
     
    • Like
    Reactions: max_pain

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,939
    15,358
    113
    35
    Spain
    අඩො, උබැලාගෙ බෞද්ද ගනයො හීන අත් අරින්න නෙද මහණ වෙන්නෙ? හූ
    බුදු දහම දන්නා උන් දන්නවා ලාභ ප්‍රශංසා වැඳුම් පිඳුම් වලට ගිජු වුනු භික්ෂූන්ට මොකක්ද කරන්න ඕන කියල. කොටින්ම කිව්වොත් ඔවැනි භික්ෂූන් බුද්ධ කාලෙත් සිටිය. එක්තරා භික්ෂූවක් හිටිය බුදුන්වහන්සේගේ ඥාතී සහෝදරයෙක් වෙන ශාක්‍ය වංශිකයෙක්. මුන්වහන්සේ පැවිදි වුනේ වයසට ගිහින්. ඉති බුද්ධ ශාසනය අනුව පැවිද්දේ වයස තමයි ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල. ඒ අනුව මහණකමින් වැඩිමල් නම් අවුරුදු 7 කුඩා ස්වාමීන් වහන්සේ නමකට වුනත් වඳින්න වයසින් වැඩි භික්ෂූන්ට සිදු වෙනවා. නමුත් මුන්වහන්සේ කලේ ශාක්‍ය වංශය සහ බුදුන්ගේ ඥාතීත්වය කියල අනෙත් භික්ෂූන්ට අවලාද දොස් කීම. ලාභ රසංසා වලට ගිජු වීම. වයසින් වැඩි නිසා උපාසක උපාසිකාවන් හිතුවේ මහා සිල්වත් ධර්මධර භික්ෂූවක් කියල සත්කාර කළා. නමුත් අවසානයේ බුදුන් දෙසුවා මෙවැනි භික්ෂූන්ට කලයුතු දෙය ගැන. ඒ තමයි බ්‍රහ්ම දණ්ඩය. එයින් අදහස් කරන්නේ දුසිල් මහණුන්ට සත්කාර කිරීමෙන් වැළකීම සහ කතාබහ සතුටු සාමිචියෙන් වැළකීම. සිංහලෙන් කිව්වොත් කොන් කරලා දානව. ඉතින් මේක සහෝදර භික්ෂූන්ටත් උආසක උපාසිකාවන්ටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් තේරෙනවා නේ අපේ බුදුදහමේ තමන්ම හික්මෙන විදියට තමයි නීති තියෙන්නේ. කවුරුවත් ගහලා බැනලා හදන්න යන්නේ නැහැ. ඕක දන්නා බෞද්ධයෝ උඩ පොස්ට් එකේ ඉන්න භික්ෂූව වගේ ළාමක භික්ෂූන්ට සත්කාර කරන්නේ නැහැ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,892
    113
    ප*යාගල
    sorry.com
    දුසිල් මහණුන්ට සත්කාර කිරීමෙන් වැළකීම සහ කතාබහ සතුටු සාමිචියෙන් වැළකීම. සිංහලෙන් කිව්වොත් කොන් කරලා දානව. ඉතින් මේක සහෝදර භික්ෂූන්ටත් උආසක උපාසිකාවන්ටත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් තේරෙනවා නේ අපේ බුදුදහමේ තමන්ම හික්මෙන විදියට තමයි නීති තියෙන්නේ. කවුරුවත් ගහලා බැනලා හදන්න යන්නේ නැහැ. ඕක දන්නා බෞද්ධයෝ උඩ පොස්ට් එකේ ඉන්න භික්ෂූව වගේ ළාමක භික්ෂූන්ට සත්කාර කරන්නේ නැහැ.
    මෝඩ සින්හලුන්ට තේරෙන්නෙ නෑ බන්.කවුරුත් ඕව ප්‍රසිද්දියේ කියන්න කැමතිත් නෑ BackFire වෙන නිසා