අඩි උස පාවහන් අයිතිය පිරිමින්ට ද ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
අඩි උස පාවහන් අයිතිය පිරිමින්ට ද ?

අඩි උස පාවහන් අයිතිය පිරිමින්ටද​

අඩි උස පාවහන් ( Shoe ) කී සැනින් අපේ අවධානය කාන්තාවන් සමග බැඳුනත් මුලින්ම අඩි උස පාවහන් පරිහරනය කරනු ලැබුවේ පිරිමින් බැව් වාතා වේ. පුරාණ ඊජිප්තුවේ මස් වෙළඳාමේ ගිය වෙළෙඳුන් මස් වෙතින් වැගිරෙන ලේ තමන්ගේ පාද වල තැවරෙන නිසා ලී වලින් තනන ලද පාවහන් පැළඳ ගෙන ගමන් කිරීමට පුරුදු වූහ.



ඔවුන් මෙම සංකල්පය ලබා ගෙන ඇත්තේ පුරාණ ඊජිප්තු පිරමිඩ ආශ්‍රිතව පැවැති ඇතැම් චිත්‍ර පුවරුවල දක්නට ලැබුන අඩි උස පාවහන් පිලිබඳ සටහන් ආධාරයෙන්ය. සාමාන්‍ය ජීවිතයේදි ඔවුන් පාවහන් පැළඳ සිටියේ නැත.



අශ්වාරෝහකයින් අසු මත යනවිට ආරක්ෂාව සඳහා අඩි උස පාවහන් පළඳින ලදී


අශ්වාරෝහක පර්සියානු ජාතිකයන් අසු මත යන විට පාදවලට ආරක්ෂාව ලබනු වස් අඩි උස පාවහන් පැළඳ ගමන් කිරීම සිරිතක් කර ගෙන ඇත. ඉතාලි රජ පරම්පරාවන්ට අවශ්‍ය වූයේ ඔවුන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා සමාජයේ ඉහලින් සිටින පිරිසක් බව ප්‍රදර්ශනය කිරීමටය. ඒ නිසා ඔවුන් රජපවුලේ සහ සම්බන්ධ ප්‍රභුවරුන් අඩි උස පාවහන් පැළඳීමට යොමු වී ඇත.



කාන්තාවන් අඩි උස පාවහන් පැළඳීම වාර්තා වන්නේ ඉතාලියේ කැතරින් මෙඩිසස් රැජිණගේ පටන් ය.


කාන්තාවන් අතර අඩි උස පාවහන් පැළඳීම පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ ඉතාලියේ කැතරින් මෙඩිසස් රැජිණගේ පටන් ය. ඇය විසින් දෙවැනි හෙන්රි රජ සමග වූ විවාහ මංගල්‍ය්‍ය සිදු වෙන විට අඩි උස පාවහන් පැළඳගෙන සිටි බව වාර්තා වේ. 19 වැනි සියවස මැද භාගයේදී අඩි උස පාවහන් පැළඳගත් නිරුවත් කාන්තා ඡායාරූප හෙවත් අසභ්‍ය ප්‍රකාශන සහ තැපැල්පත් නිසා මෙම අඩි උස පාවහන් විලාසිතාව සමාජගත වීමට පටන් ගෙන ඇත.



මේ වන විට අඩි උස පාවහන් ( Shoe ) වල අයිතිය කාන්තාවන්ට හිමි වේ
කෙසේ වෙතත් දැන් අඩි උස පාවහන්වල අයිතිකරුවන් බවට කාන්තාවන් පත්ව සිටිති. එහෙත් වෛද්‍ය උපදෙස් අනුව අඩි උස පාවහන් වෙනුවෙන් ප්‍රමිති හඳුන්වා දී තිබේ.ඒ අනුව තෝරා ගන්නා පාවහන් යුගලයේ උස අඟල් දෙකක් පමණ වීම ප්‍රමාණවත්. අද බොහෝ කාන්තාවන් ඔස්ටියෝආතරයිටිස් තත්වයට ගොදුරු වන්නේ අඩි උස පාවහන් පැළඳීම නිසා ඇති වෙන අතුරු විපාක නිසාය.



එබැවින් අඩි උස පාවහන් පැළඳසිටිනවා නම් එය පැය තුන හතරක් වෙනුවෙන් සීමා කිරීම වෛද්‍යවරුන්ගේ උපදසයි. එමෙන්ම නිරාවරනය වූ දෙපා මතින් ඇවිදින විට පොළව සමග ගැටී සියුම් රුධිරවාහිනී උත්තේජනය වී රුධිරසංසරනය හොඳින් සිද්ධ වෙන නිසා පාවහන් රහිතව ඇවිදීමටත් ඔවුන් උපදෙස් ලබා දී තිබේ.



ලේඩි ගගා ගේ පාවහන් යුගල


මේ සියල්ල එසේ තිබියදී ඊශ්‍රායල ජාතික ” කොබි ලෙවී ” විසින් වෙළඳපොලට හඳුන්වා දී තිඛෙන මෙම අඩිඋස පාවහන් නිසි ප්‍රමිතියෙන් යුක්තද යන්න සැක සහිතය. පාවහන් නිර්මාන ශීල්පියෙකු වන ඔහු විවිධ හැඩතල වලින් යුක්ත පාවහන් හඳුන්වා දී තිබේ. ඒ අතර මත්ස්‍යන්, කුරුල්ලන් ආදි සත්ව රූපද වේ.



මෙම පාවහන් යුගලක් ඩොලර් 800 සිට ඩොලර් 3000 ක මුදලකට මාර්ගගත ක්‍රමයෙන් මිළට ගත හැකියි. පසුගිය දිනක ලේඩි ගගා විසින් ඇගේ ” Born The Way ” සංගීත ප්‍රසංගය ඉදිරිපත් කිරීමේදී පැළඳ සිටියේ කොබි විසින් නිර්මාණය කරන ලද ” Double Boot ” අඩි උස පාවහන් යුගලය යි.




source http://thewoman.lk/shoe-high-heels/
 
  • Like
Reactions: stasia

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලැජ්ජා නැද්ද පින්සිරි ගෑණු නමකින් ගෑණු සයිට් කොරන්න ? ඒ මදිවට ගෑණු නමකින් ස්පෑම් කරනව.