අඩු ආදායමක් ලබන පවුලකට ආර්ථිකේ ටිප්ස් 7ක්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩු ආදායමක් ලබන පවුලකට ආර්ථිකේ ටිප්ස් 7ක්



    වසින් දවස භාණ්ඩ සහ සේවාවන් වල මිල ගණන් වැඩි වෙනවා. හැබැයි අපේ මාස් පඩිය නම් ඒකට සාපේක්ෂව වැඩි වෙන්නේ බොහොම කළාතුරකින් තමයි. අඩු ආදායමක් ලබන පවුලකට මේ තත්ත්වය බොහොම දරුණුවට බලපානවා. ඒ විදිහේ පවුලක් ආර්ථිකේ හරියට බැලන්ස් කරගන්න බැරුව ණය බරින් මිරිකෙන්න තියන ඉඩත් බොහොම වැඩියි. ඉතින් ඒ නිසා අපි හිතුවා අඩු ආදායමක් ලබන කෙනෙක්ට හෝ පවුලකට තමන්ගෙ ආර්ථිකය කඩා නොවැටී, යහපත්ව පවත්වාගෙන යන්න උපදෙස් කීපයක් ලබාදෙන්න. ඔබ හරි හම්බ කරන මුදල කොපමණ උනත් කැපවීම සහ උනන්දුවත්, මනා පාලනයකුත් ඇති කරගන්න පුළුවන්නම් මේ උපදෙස් පිළිපැදලා පවුලේ ආර්ථිකේ බැලන්ස් කරගන්න විතරක් නෙමෙයි. මුදල් ඉතිරියක් පවා සිදු කරගන්න පුළුවන් වේවි.

    1. විය හියදම් සටහන් කරගන්න


    Reaching-for-Success-from-a-Low-Income-aniwa-01.jpg


    Source – trexsol.com
    මේක තමයි අංක එක. ඒ තමයි මාසයක් ඇතුළත ඔයාට යන වියදම් ඔක්කොම සටහන් කරගෙන ගණන් මිනුම් හදාගන්න එක. වියදම් සටහන් කරන එකෙන් ලැබෙන වාසි කීපයක්ම තියනවා. ඔයා උපයන මුදල් වැය වෙන්නේ මොනවටද කියල තේරුම් ගන්න හැකිවීම, යම් යම් භාණ්ඩ සහ සේවාවන්ට ඔයාට වියදම් වන නිශ්චිත මුදල් ප්‍රමාණ ගැන අදහසක් ගන්නට ලැබීම සහ ඒ වියදම් තේරුම් ගැනීම හරහා අනාගත ආර්ථිකය සැලසුම් කරන්න හැකිවීම ඉන් ලැබෙන ප්‍රධාන වාසියි.

    මෙතැනදී ඔයාට වියදම් වෙන පුංචි රුපියල් දහය පවා සටහන් කරගන්න එක ඉතාම වැදගත්. මොකද අපි නොහිතන විදිහේ පුංචි වියදමක් උනත් මාසයක් ඇතුළතදි ඔයා නොසිතන වාර ගණනක් සිදුවෙලා වැඩි වියදමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා වියදම් කරන හැම සතයක් ගැනම සටහන් තබා ගන්න. අදාල වියදම ගියේ මොකටද කියන එක සහ දින වකවානුත් සටහන් කරගන්න.



    2. පවුලේ ආර්ථිකයට වැඩිම බලපෑමක් කරන වියදම් තේරුම් ගන්න

    Source – replygif.net
    අපි සටහන් කරගන්නා වියදම් ගැන සතිපතා සහ මාස්පතා විමසලා බැලීම වැදගත්. අපි කලින් පොයින්ට් එකේදි කිවුව පුංචි රුපියල් දහයත් ගණන් තබා ගැනීමේ වැදගත්කම එන්නෙ මෙතැනදීයි. උදාහරණෙකට හිතන්න ඔයා කඩචෝරු කන්න සෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්නවාය කියල. ඉතින් කඩේ යන වාරයක් පාසා රුපියල් දහයක විස්සක කඩචෝරු ඔයා ගෙදර අරන් එනවා වෙන්න පුළුවන්. මේ වගේ වියදම් ගැන වැඩි අවධානයක් අපිට යොමු වෙන්නෙත් නැහැ. ඒත් හරිහැටි සටහන් කරල ගණන් හදා බැලිල්ලකදි ඔයාට අහුවෙන්න පුළුවන් කඩචෝරු කන්නම මාසෙකට දහස් ගණනක් වියදම් වෙලා ඇති වග. නිතර නිතර වියදම් විශ්ලේෂණය කරලා බලද්දි අනවශ්‍ය විදිහට වැය වෙච්ච කෑම වියදම්, ගමන් වියදම්, හිතේ ආසාවට ගත්ත අනවශ්‍ය භාණ්ඩ වල වියදම් එහෙම ඔයාට අහුවෙන්න බොහොම ඉඩ තියනව. අන්න ඒ විදිහෙ වියදම් කපා හරින්න දැඩිව අදිටන් කරගන්න ඕනෙ.

    අපිට මාසෙකට යන වියදම් තේරුම් අරගෙන අනාගත මාස ඒ අනුව සැලසුම් කරගන්න එක තමයි ඊළගට කරන්න ඕනෙ. මෙතැනදී ආහාරපාන, ඉඳුම් හිටුම්, ප්‍රවාහනය වගේ අත්‍යාවශ්‍ය දේවල් වලට යන වියදම් වෙන් කරන්න ප්‍රමුඛතාවය දෙන්නත් මතක තියාගන්න ඕනෙ.


    3. වියදම් කපා හරිනවා කියන්නේ නොකා නොබී ඉන්න එක නෙමෙයි!


    Reaching-for-Success-from-a-Low-Income-aniwa-03.jpg


    Source – takepart.com
    අපි උපයන මුදලම හෝ ඊට වැඩි මුදලක් අපිට මාස්පතා වියදම් වෙනවනම් අපිට කරන්න තියෙන්නෙ දේවල් දෙකයි. එකක් තමයි ආදායම වැඩි කරගන්න බලන එක. දෙවැනි එක තමයි වියදම් අඩු කරගන්න එක. වියදම් අඩු කරද්දි යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා තමයි. හැබැයි එහෙම කියලා ජීවිතේ දුකකට හරවගන්න ඕනෙ නෑ. ගැලපෙන පිළියම් ටිකක් හොයාගන්නයි තියෙන්නෙ.

    උදාහරණෙකට හිතන්න ඔයාගෙ මාස්පතා කෑම බීම වියදම ටිකක් වැඩියි කියල. ඒ වියදම් අඩු කරගන්නත් ඕනෙ කියලා. එහෙම කියලා වේලක් අත්හැරලා හරියන්නේ නැහැ. කරන්න ඕනෙ කෑම බීම වලට අනවශ්‍ය විදිහට නාස්ති වෙන මුදල නවත්වන එකයි. හෝටල් වලින් කෑම කන එක ටිකක් අඩු කරල බැලුවොත්, වත්තේ පිටියේ එළවලුවක් දෙකක් වවාගත්තොත්, නිවසේ සිද්ධ වෙන ආහාර නාස්තිය අවම කරගත්තොත්, ආහාර මිලදී ගැනීමේදී කොලිටියටත් ලාබයටත් බඩු ගන්න පුළුවන් තැන් ගැන දැනුවත් උනොත් වෙනදාටත් වඩා හොඳට කාලා බීලා වියදමුත් අඩු කරගන්න පුළුවන් වේවි. ගමන් බිමන් වියදම් උනත් එහෙමයි. ත්‍රීවීල් එකේ යන ගමන් වාර ටිකක් අඩු කරගන්න එක, බස් ගමනට හුරුවෙන එක, එහෙමත් නැත්නම් ළඟ පාත ගමනක් ත්‍රීවීල් එකක යන්නෙ නැතිව ව්‍යායාමෙටත් එක්ක පයින් යන එක වගේ උප්පරවැට්ටි ටිකක් යොදන්න පුළුවන්.



    4. ආදායම වැඩි කරගන්න එක ගැනත් හිතන්න







    Source – huffingtonpost.com
    වියදම් අඩුකරගන්න එක වගේම මාසික ආදායම වැඩි කරගන්න ක්‍රමවේදයන් ගැනත් හිතන්න පටන්ගන්න. තමන්ගේ නිවසේ කාමරයක් කුලියට දෙන එක. තමන්ගේම ඉඩමක් තියනවනම් තව කෙනෙකුගේ අවශ්‍යතාවයක් සපුරාගැනීමට ඒකෙන් කොටසක් වෙන් කරල දීල (පාකින්, ව්‍යාපාරයක් හෝ කර්මාන්තයකට ඉඩ ආදී) ආදායමක් ලබාගන්න බලන්න පුලුවන්. ඒ විදිහේ තමන් සතුව තියෙන සම්පත් 4කින් ආදායම් ලබන හැටි ගැන අපි ලිපියකුත් ගෙන ආවනෙ. එහෙම හැකියාවක් නැතිනම් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න එක, ෆ්‍රී ලාන්සින් වැඩ වලට යොමු වෙන එක, සුලු මුදලක් යට කරල කරන්න පුළුවන් ව්‍යාපාරයක් අරඹන එක වගේ විසඳුමක් ගැනත් හිතන්න පුළුවන්.



    5. හදිසි අවශ්‍යතා සඳහා වියදමට මුදලක් ඉතිරි කරගන්න බලන්න

    Reaching-for-Success-from-a-Low-Income-aniwa-05.jpg





    Source – gobankingrates.com
    ලෙඩ දුක්, කරදර, අලාභ අපිට කලින් කිය කිය එන්නෙ නෑනෙ. ඉතින් අඩු ආදායමක් ලබන පවුලකට ඒ වගේ අභාග්‍ය සම්පන්න දේකට මුහුණ දෙන්න උනොත් අන්තිමට වෙන්නේ ලොකු මුදලක් ණය වෙන්නයි. ඒ හින්දා එහෙම තත්ත්වයකට පත් නොවෙන්න නම් පුළුවන් හැම වෙලේම අනාගත ප්‍රයෝජනයක් සඳහා මුදලක් ඉතිරි කරගන්න බලන්න. මේ වැඩේ කියන තරම් ලේසි නැහැ තමයි. ඒත් හැකි පමණ උත්සාහ කරල බලන්න.

    ඒ වගේම තමයි ඔය අවුරුද්දකට හෝ මාස කීපෙකට සැරයක් එක පාර ලොකු මුදලක් වියදම් කරන්න වෙන අවස්ථා ඇති වෙනවනෙ. අපි හිතමු ඉගෙනීම් කටයුත්තකට යන විභාග ගාස්තුවක් කියලා, එහෙම නැත්නම් ගෙදර වාහනේ සර්විස් එක, ඉන්ෂුවරන්ස් ලයිසන්ස් අලුත් කරගැනීම වගේ වියදම් කියලා. අන්න ඒ වගේ වියදම් සඳහා අවුරුද්ද පුරාවටම කොටස් වශයෙන් මුදලක් ඉතිරි කරගන්න පුළුවන්නම් වටිනවා. උදාහරණෙකට ඉන්ෂුවරන්ස් වලට අවුරුද්දකට රුපියල් 6000ක් යනවනම් ඔයාට පුළුවන් මාසෙකට රුපියල් 500 ගාණෙ ඒකට අයින් කරන්න (6000/12=500). එතකොට ඒ වියදම කරන්න ඕනෙ මාසයෙදි ඔයා ලොකුවට හිර වෙන එකක් නෑ.



    6. මොළේ කල්පනා කරලා ෂොපින් කරන්න




    Reaching-for-Success-from-a-Low-Income-aniwa-06.jpg

    Source – logrofarms.com
    අඩු ආදායම් ලාභී අය මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕනෙ. මොකද භාණ්ඩ සහ සේවා මිලදී ගන්න කියලා අපි යන තැන්වලින් අපිව අනවශ්‍ය වියදම් වලට පොළඹනව මනෝ විද්‍යාත්මක උගුල් බොහොමයක් අටවලයි තියෙන්නෙ. ඒවට අහු නොවෙන හැටි ගැන අපේ මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යද්දි තමන්ගෙ අවශ්‍යතා තේරුම් අරගෙන බඩු ලිස්ට් හදාගෙන ඒ වැඩේ කරන එක වියදම් අවම කරාවි. සුපිරි වෙළඳ සැලකින් බඩුගන්න යද්දි සැළකිළිමත් විය යුතු කරුණු ඇතුළත් මේ ලිපිය ඔබව ඒ ගැන දැනුවත් කරාවි. අනිත් ඉතාමත්ම වැදගත් කාරණේ තමයි බඩු මිලදී ගනිද්දි අනවශ්‍ය පෙළඹවීම් වලට ලක් නොවෙන්න තමන්ගෙ හිත හදාගන්න එක. අන්න ඒ වගේ අනවශ්‍ය වියදම් තේරුම් අරගෙන, ඒවා නොකරන්නට හිත හදාගන්න හැටි ගැන මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න පුලුවන්.



    7. මාස්පතා ගෙවන බිල්පත් අවම කරගන්න බලන්න



    Reaching-for-Success-from-a-Low-Income-aniwa-07.jpg


    Source – readersdigest.co.uk
    අපි හරිහැටි සැළකිළිමත් උනොත් විදුලිය, ජලය සහ දුරකථන යන මේ සියලු බිල්පත් වලට අපි ගෙවන මුදල අවම කරගන්න එක ලොකු අමාරුවක් නැහැ. අලුතින් ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගෙදරට ගෙන ඒමේදී හැකි පමණ විදුලිය අඩුවෙන් වැය කරන ඒවා මිලදී ගන්නට මතක තියාගන්න. ඒ වගේම තමයි අපි වැඩි දෙනෙක් නොදන්නවා උනාට ගෙදර ශීතකරණයට හරි විදිහට බඩු ඇසිරුවේ නැතිනම් ඒකත් විදුලි බිල වැඩි කරන්න හේතු වනවා. ශීතකරණය හරි හැටි කළමණාකරණ කරන හැටි ගැන මේ ලිපියෙන් ඔබට කියවන්න හැකි වේවි. ඒ වගේම සන්නිවේදන සහ විනෝදාස්වාදන මාර්ගයන්ට වැය කරන මුදල් ගැනත් විමසිල්ලෙන් ඉන්න. හොඳට හිතලා මතලා තමන්ගෙ ඩේටා පැකේජය තෝරගන්න. අනවශ්‍ය විදිහට ඩේටා නාස්ති වෙන එක අවම කරගන්න පිළියම් යොදන්න. කේබල් ටීවී සේවාවන් භාවිතා කරනවානම් තමන්ට අවශ්‍ය චැනල් ටික බලන්න පුළුවන් අවම පැකේජ තෝරාගන්න.

    ගෙදර දොරේ මාස්පතා බිල් අවම කරගැනීම ගැන වැඩි විස්තර රැසක් තියන මේ ලිපිය කියවන්නත් අමතක කරන්න එපා.



    අවසාන වශයෙන් කියනවනම්…
    අපි මේ ලිපියෙන් ගෙන ආවේ අඩු ආදායමක් ලබමින් ඉන්න අයෙකුට හෝ පවුලකට ආර්ථිකේ නඩත්තු කරගන්න නම් මූලික වශයෙන් හදාගන්න ඕනෙ සැලැස්මක් ගැනයි. අපේ මේ ලිපියට අපි ඇතුළත් කරලා තියන ලින්ක්ස් හරහා ගියොත් මේ දේවල් කරන හැටි ගැන සවිස්තරාත්මකව පැහැදිළි කරන ලිපි රාශියක් කියවලා තවත් පැහැදිළි අදහසක් ගන්න ඔබට පුළුවන් වේවි. ආර්ථිකය නිසි පරිදි හැඩ ගස්වා ගැනීම එක රැයින් කල හැකි දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ සැලසුම් සකස් කරමින්, විය හියදම් අධ්‍යයනය කරමින්, මුදල් හදල් ඉතිරි කරමින්, ණය බරින් නිදහස් වෙමින් තමයි මේ ගමන යන්න ඕනෙ. තමන්ට සහ තමන්ගේ පවුලේ අනාගතය යහපත් කරන ආර්ථික ඉලක්ක සකසා ගන්නත් මේ අතරතුර ක්‍රියා කරන්න මතක තියාගන්න එක වැදගත්. මොකද මුදල් උනත් ඉතිරි කරන්නන් වාලේ ඉතිරි කරන එක නෙමෙයි සිද්ධ විය යුත්තේ. තමන්ගේ අනාගත ජීවිතේ යහපත් කරගැනීම උදෙසා ඒ මුදල් යොමු කිරීමයි විය යුතු දෙය.

    Cover Image Source – avivaindia.com
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mn okata wisadum tikak kala.
    1.thiyana podiidame elawalu,palaturu hitewwa(miris,kochchi,niwithi,batu,wambatu,thibbatu,maa,bandakka,dabala,awara,maiyokka,annasi,iguru,kathurumurunga,wattakka,kakiri,gaslabu)
    2.monthly badu genawa thoga kaden.
    3.biththara kanna kikiliyo
    4.polthel ganna podi koppara massak
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොදයි හොදයි දැන් දැන් නොකා ඉන්නෙ කොහොමද කියල තෙර්ඩ් වැටෙන්ඩ පටන් අරන්...රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වය තමයි මේවගෙන් පෙන්නුම් කරන්නෙ...දැන් ඉතින් පොල් සම්බෙකුයි බතුයි කනව කියන්නෙ සුපිරි මිනිස්සුන්ගෙ කෑමක්නෙ...දුප්පත් මිනිස්සු මොනවා කනවද දෙයියනේ...