අඩෝ සැකයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,328
    14,159
    113
    පෘථිවිය
    මේ කතාව 80'ස් වල හරියටම කිවුවොත් 88-89 කාල වකවානුවේ සිද්ද වුන දෙයක්

    ඒ දවස්වල, වයස 15 උඩ කොල්ලෝ කෙල්ලෝ දෙමව්පියෝ පරිස්සම් කරේ පට්ට අමාරුවෙන්

    මොකද ටයර් සෑයකට අහුවෙයි කියල

    ගෝනිබිල්ලෝ එන්නෙත් ඔන්න ඔය කියන කාලේ
    කළු කරපු ජීප් එකක් ගමට එනවා කියන්නේ ඔන්න බඩු හරි
    ඒ ජීප් එක ඇතුලේ ඉන්නවා බිල්ලා
    මේ බිල්ලා කියන්නේ එක්කෝ ජෙවිප් කරල් අහුවුණ එකෙක් එහෙමත් නැත්නම් කාට හරි ඇරියස් එකකට තව එකෙක්ට ගේමක් දෙන එකෙක්
    ඔලුව වහල මුව මේකේ දාගෙන ඇවිත්, අදාළ ගෙදර ඔක්කොම පෝලිමේ ජීප් එක ලඟට එක්කන් යනවා
    පෝලිමේ ඉන්න එකා අර ගොනිබිල්ල දන්නා එකා නම් ඔලුව වන්න විතරයි තියෙන්නේ
    එක්ව ජීප් එකට දාගන්නවා විතරයි දකින්නේ
    මේ ජීප් එකේ ගමේ වෙන අවුන්ට ඇරියස් කවර කරන්න සල්ලි වලටත් බිල්ලෝ අරන් ගියා
    එහෙම ගිහින් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ 40,000ක් මැරුණා

    දැන් වෙන්නේ අන්න ඒ සිද්දියේ එක කොටසක්
    උඹ සැකයි කියල උඹව ඕන වෙලාවක කුදලං ගිහින් හිරේ දාන්න පුළුවන්
    සතියක් දෙකක් හෝ තුනක්
    උඹට හිතෙනවනම් එකෙක්ට ගේමක් දෙන්න වැඩේ ලේසියි ලක්ෂ තුනක් හතරක් විසිකලා අන්න අරු ව සුමන දෙකක් ඇතුලට යවපන් කියන්න විතරයි තියෙන්නේ
    ඕන සැකයකට ඇතුලට දාන්න පුළුවන්

    උඹ බැඳපු එකෙක් නම් උඹව ඇතුලට දාල , ගෙදර ගෑනිව පොලිසි ගානේ, දේශපාලුවෝ ගානේ යවන්න පුළුවන්

    දැන් සලේ ඉන්නේ සැකෙට
    මොකෝ ඌ බෝම්බ බැඳන් ගියාද
    ඌ මුස්ලිම් එවුන්ට සල්ලි දීලා උඹල මැරියන් කිවුවද
    මේවා තමයි නාටක

    දැන් සැකේට කියක් ඇතුලේ ඉන්නවද
    උඹව මම ඇතුලට දානවා කියන වචනේ ඇහුවනම් , අනිවා උඹ සතියකට යනවා ඔප්පු කරගන්න බැරුව ඇප ලැබෙනවා
    කාලයක් ගිහින් නිදහස් වෙනවා
    මුලික වැඩේ වෙනවා , අතුලටනේ යන්නේ

    එකෙක් දඟලන්න එපා හරිය
    ඇතුලට යන්න සැකය ඇති
    ගේම් ඔන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,764
    17,110
    113
    35
    Spain
    කරුම කාලයක් බන් එක. අපේ ඉස්කෝලේ මේන් හෝල් එකේ කුළුණු වල මරපු උන්ගේ මිනී ෆොටෝ තිබ්බ බන් අපි පොඩිම කාලේ අත් දුටුවා භීෂණය ගැන. අවුරුදු දෙකක් විතර යනකම් ඒ පෝස්ටර් ගැලෙව්වේ නැහැ. ගුරුවරු අහක බලාගෙන ගියේ. මගේ යාලුවන්ගේ තාත්තලා මැරිලා තිබුන. වරද UNP දේශපාලනය කිරීම හෝ ආණ්ඩුවේ රස්සාවක් කිරීම.