🔴Music Oven Lept ( මුන්බ ලද්දී හොරුනෙ තනිකරම...)

chathura414

Well-known member
  • Jan 2, 2014
    4,413
    6,362
    113
    M-Town
    මේ සටහන ලියන්නේ ගොඩක් කණගාටුවෙන් සහ මේ දේ තවත් කෙනෙක්ට නොවෙන්න.

    ම‍ගේ ඇඟේ මියුසික් කියන එක පොඩිකාලේ තිබුන දෙයක් නෙමේ. ඒත් මට මතකයි අද වගේ මගෙ තාත්ත මට පොඩි Keyboard එකක් කොළඹ ගිහින් බස් එකේ අරන් ඇවිත් ගෙනත් දීපු විදිය 2003-2004 වගේ. ඒ ගෙනත් දීපු Yamaha PSR 160 Model එකත් එක්ක මගෙ ජීවිතේම වෙනස් උනා. කොටින්ම Music ඇඟේ නොතිබුන මට Notations නැතුව මෙලඩි එකක් අහගෙන ඒක මතකෙන් Replay කරන්න පුළුවන් හැංගිලා තිබිච්ච ටැලන්ට් එකක් එලියට ආව. ඒකත් එක්ක තමා මන් මගෙ Music Life එකට Enter වෙන්නේ. ඉස්කෝලෙත් මාව ගොඩක් ප්‍රසිද්ද උනේ මගෙ Music Talent එක නිසා. සංගීත කාමරේ ඉඳල ඕන තරන් මන් ගුරුවරුන්ගෙන් මන් බැනුම් අහල තියෙනවා. හැබැයි මගෙ ජීවිතේ මන් ආස කරේ කවදාහරි ලොකු Music Composer කෙනෙක් වෙන්න. ඒ අතර තුර තමා මගෙ තාත්ත නැතිවෙන්නේ. ඒත් එක්කම ආපහු අපහසුතා එක්ක අම්ම මට උගන්නන්න සෑහෙන්න මහන්සි උනා. මාත් පුළුවන් උපරිමයෙන් educational qualifications හදාගෙන ඉස්සරහට ආව.

    කැපිල්ල වැඩි නිසා අන්තිමට 18 පිරෙන්නත් කලින් ඉස්කෝලෙන් ලියුමක් අරගෙන තමා තාත්ත ඉතුරු කරපු ළමා ගිණුමේ තිබුන පොඩි ගානක් අරගෙන මගෙ පලවෙනි ලැප්ටොප් එක මම ගන්නේ AMD Dual Core. ඒක තමා මාව මෙච්චර දුර එන්න අඩිතාලම තිබ්බේ.

    මන් FL Studio වලට අත තියන්නේ ඉස්කෝලේ කාලෙදිමයි. මගෙන් ගොඩක් අය අහන දෙයක් තමා අයියේ ඔයා ඉගෙන ගත්තේ කොහෙන්ද කියල. මම හැමදේම ඉගෙනගත්තේ තනියම, Experiment කර කර, YouTube / Web forum වල tutorials / troubleshooting කර කර තමා මම හැමදේම ඉගෙන ගත්තේ. ඉස්සර Airtel 99 data කාඩ් එක දාගෙන හොයන්නේ VST Instrument Plugins. ඉස්සර තිබ්බ ඉන්ටර්නෙට් එක්ක VST Plugin එකක් ඩවුන්ලෝඩ් කරගන්න දවස් ගානක් කැපකරන්න වෙනවා.

    මට Computer එකට Connect කරන්න පුළුවන් පහසුකම තියෙන Midi Keyboard එකක් ගන්න ලැබෙන්නේ 2016. ඒකත් Music Oven Graduate උණ Diluka Perera brother ගෙන්. මට ප්ලේ කරන්න පුළුවන් කම තිබ්බට ඒ වෙද්දී මන් FL Studio ඒකත් එක්ක සෑහෙන ගමනක් ආපු නිසා මට Keyboard එකක් නැතුවම Computer Mouse එකෙන් Music Compose කරන්න පුළුවන් Talent එක හැදිලා තිබුනා.

    ඔයාල මේක විස්වාස කරන එකක් නැහැ මෑතකදී මන් ආපහු දාපු උත්තම මුනි දළදා Instrumental Version එක Compose කරේ මන් Mouse එකෙන් Notes manual draw කරලා. ඔයාල විස්වාස නොකරන ඒ වගේ කිහිපයක් මන් Comment Section එකේ දාන්නම්.

    විශ්ව විද්‍යාල යන්න වරම් ලැබුනත් මන් ඒ හීනේ අත ඇරියේ මට අවශ්‍ය Field එකට Enter වෙන්න අවශ්‍ය නිසා. මගෙ ඇඟේ තිබ්බේ Music උනාට මට තව හැකියාවක් තිබුන පොඩි පොඩි වීඩියෝ කෑලි අටවන්න. ඒ කාලේ තිබුනේ ගොඩක් ම Cyberlink Power Director / Ulead Video Studio වගේ Softwares. අද වගේ ඩවුන්ලෝඩ් නැහැ කොළඹ ගිහින් CD එක අරන් එන්න ඕනේ මල්වත්ත පාරෙන්. ඉතින් ඒකත් එක්ක ඒ ලෙවල් වලින් පස්සේ මම Video Editor කෙනෙක් විදියට තැන් කිහිපයකම වැඩ කරා. පඩියට වඩා ඒකටත් තිබ්බ දැඩි ආසාව නිසා. ඔහොම තමා ටිකෙන් ටික මන් ඒ පැත්තෙන් මගෙ Career එක Develop කරගත්තේ.

    අමාරුවෙන් කොහොමහරි 30,000/- ක විතර සැලරි එකක් ගන්න තැනට මන් ආව. ඒක මට ඒ දවස් වල හැටියට ලොකු මුදලක්. ඉතින් මේ සල්ලි මගෙ අතට එද්දී මගෙ හැංගිලා තිබ්බ ආසාව ආපහු මතුවෙන්න ගත්ත. ඔය අතරතුර තමා මන් දකින්නේ Music Oven Institute එක. දැන් ෆීල්ඩ් එකේ ඉන්න Anushka Udana Liyanage ල එහෙම කරපු Graduation එකේ ෆොටෝස් එහෙම දකිද්දී ආස හිතුනා. ඊටත් වඩා පොඩි කාලේ අපේ හිත් වලට කාවැදුණු iPods වල mp3 දාන් අහපු රම්බරි වගේ සින්දු කියපු ලහිරු පෙරේරා ගෙ නමින් මේක යන නිසා තිබ්බ ආසාව වැඩි උනා.

    ඉතින් මටත් ආස හිතුන Audio Engineering Course එක කරන්න. හොයල බැලුවම ලක්ෂ 180,000 ක් + පවුම් £350 විතර මුදලක් ගෙවන්න ඕනේ. දාහක් දේවල් හිතල කොහොමහරි යනවා කියල හිතල සල්ලි එකතු කරලා නොකා නොබී, අලුත් ඇඳුමක් වත් නොගෙන ඉතුරු කරලා එයාල එක්ක Join උනා. මන් ගෙදරට කිසිම දේකට කරදර කරේ නැහැ මොකද මාව උස් මහත් කරන්න එයාල ලොකු දෙයක් කරපු නිසා මගෙ අධිශ්ටානය තිබ්බේ එයාලට කරදර නොකර තනියම නැගිටින්න සහ දවසක තැනකට එන්න.

    කාලය හෙමීට ගෙවිල ගියා කෝස් එක ඉවර උනාට පස්සේ කට්ටිය සයිලන්ට් උනා. අපිට ලොකුවට Technical දේවල් ඉගැන්නුවේ නැතත් London Examination Board එකේ Assignment වලට ආවේ ගොඩක්ම Technical දේවල්. අපේ බැජ් එකේ කොල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා Study කරලා අපි වැඩේ ගොඩ දැම්ම. Music Oven එක music ආස ඕනෑම කෙනෙක්ට එන්න කියල මේවා මාකට් කරාට මේකේ Certificate ගන්න මේ වගේ Scientific based knowledge කරන්න ඕනේ කියන එක උස්සන්නේ නැහැ. ඉතින් ආසාවට එන පොඩි කොල්ලෝ Assignment fail වෙලා බැජ් පිටින් හැලෙනවා.

    අපි වැඩේ ගොඩ දැම්මත් අන්තිමට මෙයාල Respond නොකරන නිසා අපිට ටිකක් තදින් මේක බලන්න උනා. අපි Direct contact කරා London Examination Board එක. එයාල කියනවා DRI International කියල එකකට තමා ඕක Registered ඒකත් එක්ක එයාලගේ ගිවිසුම අවසන් කරලා තියෙන්නේ කියල. මේ ගැන කිසිම දැනුම්දීමක් Music Oven එක එයාලගෙ Students ලට දැනුවත් කරලා නැහැ. මේ වෙද්දී Management එකේ හිටියේ දිලිනි කියල කෙනෙක්. එයාගෙන් ඇහුවම බයිලා කියනවා කාලෙන් කාලෙට. කාලයක් කොවිඩ් නිසා තියන්න බෑ කියල අවුරුදු ගානක් Graduation පස්සට දැම්මා. ඔහොම කාලේ අරගෙන අරගෙන ගියා.

    අපිට උගන්නපු Lectures ලට මේක දැනුවත් කරා. එයාලට උනත් වගකීමක් තියෙනවා මේ ගැන මොකද ඔයාලට ගෙව්වේ අපේ සල්ලි වලින් සහ අපි විස්වාස කරේ ඔයාලගේ මූණු ඔයාලගේ සමාජ තත්වය. සමාවෙන්න එයාලව උනත් මන් මෙතනට mention කරනවා තරහ උනත්.
    Amila Amarasinghe Viresh Cooray Chika La Signore Thisal Randunu Vinod Melpitiya

    ලහිරු අයියා මග අරින්න ගත්ත. Music Oven එක ලහිරුගේ කියල එලියට පෙනුනට එයා ඒකෙ Brand ambassador කෙනෙක් විතරයි කියල අපිට දිලිනි (Management) කිව්වා. ඒකට අපිටත් පොඩ්ඩක් අවුල් ගියා මොකද ලහිරුට පොඩි කාලේ ඉඳන්ම අපි ආස ගායකයෙක් නිසා. අන්තිමට Certificate එක ඉවර කරා කියල පොඩි කොළ කෑල්ලක් දුන්න. එතකොට කොහුවල තිබ්බ Music Oven එක නුගේගොඩට අරන් ගිහින් තවමත් නොදන්නා ළමයි ඇවිත් කෝස් එක කරනවා.

    ආයේ කට්ටිය නාඩගමක් නැටුවා London Examination වෙනුවට London Media Academy කියල එකකින් Certificate එක දෙන්නද කියල. අපිත් මෝඩ නෑනේ මොකද්ද මේ අපි නොදන්න London Media Academy කියල අපි Domain එක Trace කරලා හොයද්දි තමා හම්බුනේ මේක මේ ලංකාවේ හදපු සයිට් එකක් මෑත කාලෙක මේ වැඩේටම කියල. Domain details පහල තියෙනව Comment Section එකේ. එයාල හිතන්න ඇති අපි හාවෝ කියල. Address එක බැලුවමත් එන්නේ මොකද්ද warehouse එකක් ලන්ඩන් වල. අපි එක Reject කරලා අපි කිව්වා අපෙන් සල්ලි ගත්තනේ පවුම් £ වලින් මුලදීම LEB එකට ගෙවන්න කියල ඒ නිසා අපිට ඕනේ ඒකෙන් විතරයි කියල. අන්තිමට ගිහින් බලද්දී අතනිනුත් බඩු අස් කරන් ගිහින්.

    මන් මේ ගැන නීති සම්බන්දව දන්න කෙනෙක් ගෙන් ඇහුවම කිව්වේ මේ වගේ දෙයක් උනාම අවුරුදු 2 කට වඩා පරණ නම් නඩු දාන්න බැහැ කියල. සමහර විට මෙයාල සැලසුම් සහගතව කරේ මේක. කාලේ යවන්න. අපේ බැජ් වල අයටත් මේකේ ආසාව නැතුව ගියා. කවුරුත් Music Oven එකට විරුද්දව පාරට බැස්සේ නැහැ. මට මේ ගැන තියෙන්නේ පුදුම වේදනාවක්. ලහිරු අයියේ ඔයාලට 180,000 කියන්නේ දවසේ ආදායමකින් පංගුවක් වෙන්න පුළුවන්. ඒ උනාට මට ඒ ගාන Music Oven එකට ගෙවන්න මන් සැහෙන්න අවුරුදු ගානක් දුක් වින්දා. හයිවේ බස් තියෙද්දී කෝච්චියේ ආවේ තර්ඩ් ක්ලාස් එකේ එල්ලිලා සල්ලි ඉතුරු කරන්න.

    මන් මේ පෝස්ට් එක ලියන්නේ මට ඔයාලගේ සල්ලිවත් Certificate වත් එපා. අඩුම ගානේ ඔයාල ඒකෙ Front Face එක විදියට මේ වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න මේ ලමයිගෙන් ඔයාල සමාව ඉල්ලන්න ඕනේ අඩුම ගානේ Certificate දෙන්න බැරි උනු Assignment පාස් උනු අයට University Fee කියල ගත්ත පවුම් £ 350 Refund කරන්න ඕනේ. මොකද මිනිස්සු නිසා තමා ඔයාල ප්‍රසිද්ද වෙලා ඉන්නේ. මිනිස්සු කපල ඔයාලට ගමනක් නැහැ. Management එක මේකෙන් වංචා කරාට මුණ ගියේ ඔයාලගේ. මේකට කට්ටිය පාරට බහින්නේ නැහැ මොකද පහුගිය බැජ් වල ඉන්න කොල්ලෝ ගොඩක් Assignment Fail නිසා. අද Music Oven එකේ කෑලිත් නැහැ. අපේ සල්ලි ගැහුවා මාරු උනා. හැබැයි ඉඳල හිටලා ටිකක් Social Media වල ප්‍රසිද්ද චරිත වලට කාලෙන් කාලෙට Certificate එක දෙනවා අපි දකිනවා. සතුටුයි දකිද්දී එකෙක්ට හරි හරියනකොට. අපි පොඩි මිනිස්සු නිසා වෙන්නැති අපිව ඕවට අහුවෙන්නේ නැත්තේ සමහර විට.

    ඒ හීනේ නැති කරපු නිසා මගෙ කාලේ මන් ආපහු Video Productions වලටම යොමු කරලා Career එක Continue කරා. දැන් මට ඒකෙන් වැඩක් නැහැ. මතක් වෙද්දී හිතට මාර දුකක් තියෙනවා මොනවා උනත්. මේ හැමදේටම සාක්කි මේකේ කමෙන්ට් වල මන් දානවා.

    ලහිරු ඇතුළු Music Oven Team එක මේක දකිනකන් කට්ටිය Share කරලා මේ ලමයිගෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලයි කියල හිතනවා.

    මන් මේ හැමදේම ලියන්නේ සාක්කි එක්ක. ඒවා පහල මන් දානවා 👇

    Comments 🤌

    🔴La signore කියන්නේ motivation අප්පච්චිගේ පුතා කියලා දැන ගද්‍දි වයස කියද 😐

    🔴මේකනම් ඇත්තටම කැතයි 🥴 මෙ ඉන්නෙ එක්කෙනෙක්. තව ඇති .. Music Oven Institute එකේ මම 3rd batch මුලින්ම හිටියෙ .. වැඩෙ සුපිරියටම කලා . සම්පුර්නෙන්ම ඉගැන්නුවෙ චිකා සහ ලහිරු දෙන්නා.. හැබැයි එකපාරට ක්ලාස් එක ලොකු උනා. කට්ටිය එන්න ගත්තා අපෙ කෝස් එක අන්තිම ටික නොකර නවත්තල අලුත්තැනකට music oven ගියා.. පස්සෙ අපෙ ඉතුරු කොටස කරන්න එතෙන්ට එන්න කියනව කියන පොරොන්දුව මත. ඒක උනේ නෑ batch 40k යනකනුත් සද්දයක් නැති නිසා චිකාට කතා කලා මට 41 එකට join වෙන්න කිවුවා ඩිස්කවුන්ට් එකක් එක්ක පරන කෙනෙක් නිසා. එතකොට තම මෙ සුපිරි කොල්ලො ටික මට හම්බුනෙ. ටිකක් යනකොට තෙරුනා කලින් තිබ්බ කල්චර් එක මෙකෙ දැන් නෑ.. ගොඩක් අය කොටස් බෙදාගෙන ඉගන්වන්නෙ . කොටින්ම කිඋවොත් වැඩේ මට අවුල් ගියා. හැබැයි කොල්ලො ටිකේ ෆිට් එක නිසා මම දිගටම ගියා. උගන්නපු සමහර ගුරුවරු හොදයි සමහරු.. "මචන් උබ දන්නවනෙ පොඩිඋන්ට මේක කියල ඩිපන්" කියල ශේප් උන අයත් හිටියා. අදටත් මන් අර කිඋව වගෙ දන්න දේවල් කියල දෙනව. මගෙ වැඩ වලට සම්බන්ද කරගෙන අවස්තා දෙනව. ඒ පොඩි කෝල්ලො ටික හරි උනන්දුයි ආසයි වැඩේට. මෙ එකෙක් විතරයි. මෙ ගැන කතා නොකරන තව ඉන්නව .. තව ඇති... La Signore Viresh Cooray Chika කෝල්ලො අවේ ඔයාල නිසා නැතුව අර කතාකරන්න දන්නෙ නැති ගොන් දිලිනි ල නිසා නෙවෙයි.. කතා කරන්න ලමයින්ට පුලුවන්නම් ..

    🔴දාර scam එකක් නෙ එතකොට music oven එකෙන් කරලා තියෙන්නෙ අප්පා

    🔴සරලව; ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සංගීත, නාට්‍ය, ටෙලි නාට්‍ය, සාහිත්‍ය ඉන්න බහුතරයක් අමු හොරු. මමත් ඔය හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ ටච් කරල තියෙන නිසා කියන්නෙ ☹

    Source - https://www.facebook.com/share/p/Ds4PypzD579wJ7BH/?mibextid=oFDknk
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,232
    185
    63
    Gedara
    ...විශ්ව විද්‍යාල යන්න වරම් ලැබුනත් මන් ඒ හීනේ අත ඇරියේ මට අවශ්‍ය Field එකට Enter වෙන්න අවශ්‍ය නිසා. මගෙ ඇඟේ තිබ්බේ Music උනාට මට තව හැකියාවක් තිබුන පොඩි පොඩි වීඩියෝ කෑලි අටවන්න...

    Yanna epai yako campus select wuna nam. oya wedeth side eken karanna tibba. uba wage una tiyene ewun hambennath tibba.
     
    • Like
    Reactions: wawula

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    22,016
    1
    37,094
    113
    චූවගෙ රෑෂ් එකේ
    හෑලි පීපල්
    images
     
    • Like
    Reactions: wawula

    iworld

    Well-known member
  • Sep 8, 2007
    15,414
    20,532
    113
    චී ලංකාව

    ඕක නිසා තමයි ඔය ලංකාවේ ප්‍රසිද්ධ කට්ටිය සතේකට විශ්වාස කරන්නෙ නැත්තෙ. අලි හොරු.
     
    • Like
    Reactions: wawula

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    9,520
    1
    19,729
    113
    සරලව; ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සංගීත, නාට්‍ය, ටෙලි නාට්‍ය, සාහිත්‍ය ඉන්න බහුතරයක් අමු හොරු. මමත් ඔය හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ ටච් කරල තියෙන නිසා කියන්නෙ ☹

    ඔය කියල තියෙන්නේ කලාකාරයෝ බහුතරය JVP වෙන්න හේතුව

    https://elakiri.com/threads/කලාකරුවෝ-jvp-වීම.2170343/
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,867
    897
    113
    Sri Lanka
    පෝස්ට් එක දාලා තියෙන්නෙත් මරු බඩුව හැබැයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,454
    1
    12,852
    113
    අපෝ ඔයා රබට රාබට කිය කිය වැලේ වැල් නැතුව ඉන්න ඒකාගෙන් ඉගෙන ගන්නත් යනවා බාන් උබල. හෙන ගොන් නේ 🤣