ඉහලට ඉගෙන ගත්තායින් පසුව රට හැර යන්නේ වෛද්‍යවරුන් පමණක් නොවෙයි.සයිටම් එපෝ
උපාධිය ගත් විගස රට හැර යාම බහුලවම සිද්ධ වුණේ විවිධ වර්ගයේ ඉංජිනේරුවන් අතරය. ඒ පැට්‍රල් ප්‍රශ්නයවත් බදු ප්‍රශ්නයවත් එන්නට බොහෝ පෙරය.
ඒ උපාධිත් උපාධිය..
ඒ අයද නිදහස් අධ්‍යාපනයේ අග්‍ර පලය...
සාමාන්‍ය වෛද්‍යවරුන් අතරේ රට හැර යාමද කොහොමත් තිබුණු දෙයක්ය. සමහරු උපාධිය ගෙන පිට රට යති. සමහරු ඉන්ටර්න් කර පිට රට යති. ඒ රටවල සුදුසුකම් ලැබීමේ විභාග සමත් වීම අපේ වෛද්‍යවරුන්ට මහ දෙයක් නොවෙයි...
මේ උපාධිත් උපාධිය...
නිදහස් අධ්‍යාපනයේ අග්‍ර පලය...
හැබැයි අවුරුදු පහකට විතර එහා කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යනවාට වඩා ලංකාවට ඇවිත් වැඩ කරන ට්‍රෙන්ඩ් එකක් තිබිණි...
ඇත්තටම මේ බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ට කිසිම ගැටලුවක් නැතිව තමන් විදේශ පුහුණුව නිම කළ රෝහලේම නැතිනම් ඒ රටේම රස්සාවක් ලබාගැනීම සරල දෙයකි. එහෙම තිබියදීද සාපේක්ෂව අඩු පඩියකට ලංකාවට ඇවිත් වැඩ කරේ ඇයිදැයි කාට හෝ හිතෙන්නට පුලුවන් ය...
මේවා ගැන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට පනිනවා කියා බැන අඬ ගහගන්නවා විනා සාධාරණ සාකච්ඡාවක් බොහෝ විට නොකෙරෙයි...
ඉහලම දක්ෂකම් ඇති හැම විභාගයම මුල්ම වතාවේ සමත් වන විශේෂඥ වෛද්‍යවරයෙක් පවා තම පුහුණුව අවසන් කරලා ලංකාවට එනවිට අවුරුදු තිස්හතරක් තිස්පහක් වෙයි. ඒ එන වෛද්‍යවරයා යැවෙන්නේ ඈත පලාතකටය. මේ මනුස්සයාටද තමන්ගේ කියා පවුලක් තිබෙයි. ළමයි සිටියි. උන්ට උගන්නාගන්නටද තිබෙයි. නෝනා මහත්තයා දෙන්නාම කන්සන්ටන්ලා නම් තත්ත්වය තවත් අමාරුය.
මේ හැම දේම තිබියදීත් බහුතරය ආපහු ආවේ ඇයි ?
පඩිය මොකක් වුනත් විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට "මිනිස්සුන්ට" "හැඩට" වැඩක් කරන්නට ලංකාවේ ඇති ඉඩකඩ ඊට ලොකුම හේතුවය.
එයින් ලැබෙන ආත්ම තෘප්තිය ගැන දන්නේ එහෙම වැඩ කරන මිනිස්සු ය...
එය මුදලටම ලඝු කරන්නට බැරිය...
අනික් කාරණාව සමාජයේ ලැබෙන පිලිගැනීම ය.
මං මේ කියන්නේ තමන්ගේ වැඩේ පුලුවන් දක්ෂයන් ගැනය...
විදේශගත වෙන අයට මොන ඉහල පඩිය ලැබුණත් ඒ පිළිගැනීම එහෙම නොලැබෙන බව දන්නෝ දනිති...
රජයේ පඩිය මොකක් වුනත් පුද්ගලික අංශයේ වැඩ කරලා හොඳ ජීවන තත්ත්වයක් ඇතුව ජීවත් වෙන්නට බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ට පුලුවන් විය...
මේ කාරණා හින්දා සාපේක්ෂ අඩු පඩියත්, දුර පලාත්වල වැඩ කරන්නට වීම නිසා ඇති සමාජීය ප්‍රශ්නත් තුලනය කරගෙන මැද තැනකට එන්නට බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ට පුලුවන් විය...
ඇත්තටම මා බදුල්ලේ වැඩ කරන කාලයේ දන්නා හඳුනන අයට නිතරම කියූ දෙයක් නම් " බදුල්ලේ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා ඒ අය දන්නවද දන් නෑ " කියලාය.
එච්චරටම දක්ෂකම් ඇති විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඒ කාලයේ බදුල්ලේ සේවය කළහ...
නමුත් දැන් සියල්ල උඩු යටිකුරුය...
ප්‍රශ්නය පටන් ගත්තේ පෙට්‍රල් ප්‍රශ්නය වෙලාවේය...
දුර පලාත්වල වැඩ කරන විශේෂඥ වෛද්‍යවරුන්ට ඉන්ධන ටික ලබාදෙන්නට ක්‍රමයක් හදන්නැයි මම ලීවෙමි. ඒ උන් ඉන්ධන පෝලිම්වල ලැබූ අත්දැකීම් අහලා ඇති වූ අවංක දුකෙන්ය...
එහෙත් හරිහමන් දෙයක් නොවිණි...
ඊට පස්සේ ටැක්ස් ප්‍රශ්නය ආවේය. එහිදි නම් අප අඩියක් පස්සට ගෙන ටැක්ස් ගෙවිය යුතු බව අප මතය විය. ඇත්තටම බොහෝ වෛද්‍යවරුන්ට තමන්ගෙන් ගන්නා බද්දෙන් වැඩක් වෙනවා නම් බදු ගෙවීමද ප්‍රශ්නයක් නොවීය...
එහෙත් බොහෝ අය රට හැර යන ට්‍රෙන්ඩ් එකට වැටුණේ මේ එකක්වත් නිසා යැයි මම නොසිතමි. "රටේ ඇති වූ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව" දරාගන්නට බොහෝ අයට හැකියාවක් නොවීය...
අද අප අත්විඳිමින් ඉන්නේ ඒ මූසල යතාර්ථය ය...
මේ යතාර්ථය හමුවේ අප කළ යුත්තේ කුමක් ද?
ඔවුන්ගේ හිත නොරිදා උන්ගේ ප්‍රශ්න විසඳා වැඩ කරන්නට මානසිකත්වය හදා රටේ තියාගැනීමට අවශ්‍ය මැදිහත්වීම ආණ්ඩුව කළ යුතුය...
ඒ ටික රජයටය...
රට හැර යන එකාට බැණ අඬ ගසා පලක් නැත...
ඔය යන එවුන්ගෙන් කොටසක් කොහොමටත් පනින්නට හිටි බවද ඇත්තය...
කොටසක් හිටියත් හරි හමන් වැඩක් නොකරන බවද ඇත්තය...
හැබැයි නිහඬ බහුතරය එහෙම නොවේ යැයි මම තරයේ විශ්වාස කරමි...
බහුතරය කවර අඩුපාඩුවක් හෝ දරාගෙන තමන් හැදූ රටට යමක් කළ යුතු යැයි සිතන පිරිසය...
හැබැයි උනුත් ඔබ මම වාගේම පුද්ගලික ජීවිතයක් ඇති ජීවිතයේ මූලික අවශ්‍යතා ටිකවත් සපිරෙන්නට ඕනෑ යයි හිතන මිනිස්සු ය...
හම්බන්තොට සිදුවීම වැනි ප්‍රශ්නයක් වූ විගස වෛද්‍ය සංහතියටම අනිවාරතේ දෙස්දෙවොල් තබන විට ඕං ඔය කාරණාව සිහියේ තබාගැනීම හොඳ ය...
ඒ ටික මහාජනතාවටය...
වෛද්‍යවරයෙකුට මතු නොව ඕනෑම මිනිහෙකුට රස්සාව කරන්නට යහපත් මානසිකත්වයක් ඕනෑය...
මේ සාධාරණ ප්‍රශ්නය ගැන නිර්වින්දනය වූවා සේ සිටීමෙන් බෙල්ලටම හිර වෙන තෙක් තමන් දන්නේ නැති විය හැකිය...
ලක්මාල් කුලසේකර
