අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    සයිටම් එපෝ
    ඉහලට ඉගෙන ගත්තායින් පසුව රට හැර යන්නේ වෛද්‍යවරුන් පමණක් නොවෙයි.
    උපාධිය ගත් විගස රට හැර යාම බහුලවම සිද්ධ වුණේ විවිධ වර්ගයේ ඉංජිනේරුවන් අතරය. ඒ පැට්‍රල් ප්‍රශ්නයවත් බදු ප්‍රශ්නයවත් එන්නට බොහෝ පෙරය.

    ඒ උපාධිත් උපාධිය..

    ඒ අයද නිදහස් අධ්‍යාපනයේ අග්‍ර පලය...

    සාමාන්‍ය වෛද්‍යවරුන් අතරේ රට හැර යාමද කොහොමත් තිබුණු දෙයක්ය. සමහරු උපාධිය ගෙන පිට රට යති. සමහරු ඉන්ටර්න් කර පිට රට යති. ඒ රටවල සුදුසුකම් ලැබීමේ විභාග සමත් වීම අපේ වෛද්‍යවරුන්ට මහ දෙයක් නොවෙයි...

    මේ උපාධිත් උපාධිය...

    නිදහස් අධ්‍යාපනයේ අග්‍ර පලය...
    හැබැයි අවුරුදු පහකට විතර එහා කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යනවාට වඩා ලංකාවට ඇවිත් වැඩ කරන ට්‍රෙන්ඩ් එකක් තිබිණි...

    ඇත්තටම මේ බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ට කිසිම ගැටලුවක් නැතිව තමන් විදේශ පුහුණුව නිම කළ රෝහලේම නැතිනම් ඒ රටේම රස්සාවක් ලබාගැනීම සරල දෙයකි. එහෙම තිබියදීද සාපේක්ෂව අඩු පඩියකට ලංකාවට ඇවිත් වැඩ කරේ ඇයිදැයි කාට හෝ හිතෙන්නට පුලුවන් ය...

    මේවා ගැන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට පනිනවා කියා බැන අඬ ගහගන්නවා විනා සාධාරණ සාකච්ඡාවක් බොහෝ විට නොකෙරෙයි...

    ඉහලම දක්ෂකම් ඇති හැම විභාගයම මුල්ම වතාවේ සමත් වන විශේෂඥ වෛද්‍යවරයෙක් පවා තම පුහුණුව අවසන් කරලා ලංකාවට එනවිට අවුරුදු තිස්හතරක් තිස්පහක් වෙයි. ඒ එන වෛද්‍යවරයා යැවෙන්නේ ඈත පලාතකටය. මේ මනුස්සයාටද තමන්ගේ කියා පවුලක් තිබෙයි. ළමයි සිටියි. උන්ට උගන්නාගන්නටද තිබෙයි. නෝනා මහත්තයා දෙන්නාම කන්සන්ටන්ලා නම් තත්ත්වය තවත් අමාරුය.

    මේ හැම දේම තිබියදීත් බහුතරය ආපහු ආවේ ඇයි ?

    පඩිය මොකක් වුනත් විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට "මිනිස්සුන්ට" "හැඩට" වැඩක් කරන්නට ලංකාවේ ඇති ඉඩකඩ ඊට ලොකුම හේතුවය.

    එයින් ලැබෙන ආත්ම තෘප්තිය ගැන දන්නේ එහෙම වැඩ කරන මිනිස්සු ය...

    එය මුදලටම ලඝු කරන්නට බැරිය...

    අනික් කාරණාව සමාජයේ ලැබෙන පිලිගැනීම ය.

    මං මේ කියන්නේ තමන්ගේ වැඩේ පුලුවන් දක්ෂයන් ගැනය...
    විදේශගත වෙන අයට ⁣මොන ඉහල පඩිය ලැබුණත් ඒ පිළිගැනීම එහෙම නොලැබෙන බව දන්නෝ දනිති...

    රජයේ පඩිය මොකක් වුනත් පුද්ගලික අංශයේ වැඩ කරලා හොඳ ජීවන තත්ත්වයක් ඇතුව ජීවත් වෙන්නට බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ට පුලුවන් විය...

    මේ කාරණා හින්දා සාපේක්ෂ අඩු පඩියත්, දුර පලාත්වල වැඩ කරන්නට වීම නිසා ඇති සමාජීය ප්‍රශ්නත් තුලනය කරගෙන මැද තැනකට එන්නට බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ට පුලුවන් විය...

    ඇත්තටම මා බදුල්ලේ වැඩ කරන කාලයේ දන්නා හඳුනන අයට නිතරම ⁣කියූ දෙයක් නම් " බදුල්ලේ මිනිස්සු කොච්චර වාසනාවන්තද කියලා ඒ අය දන්නවද දන් නෑ " කියලාය.
    එච්චරටම දක්ෂකම් ඇති විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඒ කාලයේ බදුල්ලේ සේවය කළහ...

    නමුත් දැන් සියල්ල උඩු යටිකුරුය...

    ප්‍රශ්නය පටන් ගත්තේ පෙට්‍රල් ප්‍රශ්නය වෙලාවේය...
    දුර පලාත්වල වැඩ කරන විශේෂඥ වෛද්‍යවරුන්ට ඉන්ධන ටික ලබාදෙන්නට ක්‍රමයක් හදන්නැයි මම ලීවෙමි. ඒ උන් ඉන්ධන පෝලිම්වල ලැබූ අත්දැකීම් අහලා ඇති වූ අවංක දුකෙන්ය...

    එහෙත් හරිහමන් දෙයක් නොවිණි...

    ඊට පස්සේ ටැක්ස් ප්‍රශ්නය ආවේය. එහිදි නම් අප අඩියක් පස්සට ගෙන ටැක්ස් ගෙවිය යුතු බව අප මතය විය. ඇත්තටම බොහෝ වෛද්‍යවරුන්ට තමන්ගෙන් ගන්නා බද්දෙන් වැඩක් වෙනවා නම් බදු ගෙවීමද ප්‍රශ්නයක් නොවීය...

    එහෙත් බොහෝ අය රට හැර යන ට්‍රෙන්ඩ් එකට වැටුණේ මේ එකක්වත් නිසා යැයි මම නොසිතමි. "රටේ ඇති වූ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව" දරාගන්නට බොහෝ අයට හැකියාවක් නොවීය...

    අද අප අත්විඳිමින් ඉන්නේ ඒ මූසල යතාර්ථය ය...

    මේ යතාර්ථය හමුවේ අප කළ යුත්තේ කුමක් ද?

    ඔවුන්ගේ හිත නොරිදා උන්ගේ ප්‍රශ්න විසඳා වැඩ කරන්නට මානසිකත්වය හදා රටේ තියාගැනීමට අවශ්‍ය මැදිහත්වීම ආණ්ඩුව කළ යුතුය...

    ඒ ටික රජයටය...

    රට හැර යන එකාට බැණ අඬ ගසා පලක් නැත...

    ඔය යන එවුන්ගෙන් කොටසක් කොහොමටත් පනින්නට හිටි බවද ඇත්තය...
    කොටසක් හිටියත් හරි හමන් වැඩක් නොකරන බවද ඇත්තය...
    හැබැයි නිහඬ බහුතරය එහෙම නොවේ යැයි මම තරයේ විශ්වාස කරමි...
    බහුතරය කවර අඩුපාඩුවක් හෝ දරාගෙන තමන් හැදූ රටට යමක් කළ යුතු යැයි සිතන පිරිසය...

    හැබැයි උනුත් ඔබ මම වාගේම පුද්ගලික ජීවිතයක් ඇති ජීවිතයේ මූලික අවශ්‍යතා ටිකවත් සපිරෙන්නට ඕනෑ යයි හිතන මිනිස්සු ය...

    හම්බන්තොට සිදුවීම වැනි ප්‍රශ්නයක් වූ විගස වෛද්‍ය සංහතියටම අනිවාරතේ දෙස්දෙවොල් තබන විට ඕං ඔය කාරණාව සිහියේ තබාගැනීම හොඳ ය...

    ඒ ටික මහාජනතාවටය...

    වෛද්‍යවරයෙකුට මතු නොව ඕනෑම මිනිහෙකුට රස්සාව කරන්නට යහපත් මානසිකත්වයක් ඕනෑය...

    මේ සාධාරණ ප්‍රශ්නය ගැන නිර්වින්දනය වූවා සේ සිටීමෙන් බෙල්ලටම හිර වෙන තෙක් තමන් දන්නේ නැති විය හැකිය...

    ලක්මාල් කුලසේකර
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර

    පල් හෑලි
     
    • Like
    Reactions: War Fighter

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    අරගල කොරලා සිස්ටම් චේන්ජ් කරලා තියන වෙලාවේ ඕවා නම් බොරු කයි කතන්දර 🤭🤪🤭😂
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මේ නාමල් ගමගේ කියන්නේ සුපිරි චරිතයක්. පුටේ 🚲 කෙසෙල් කැන තියාගෙන ටවුන් එකට යනවා විකුණන්න , මිනිස්සු දහස් ගානකගේ ජීවිත බේරපු හදවතින්ම මහත්මයෙක්
    Patta waddek mcn ❤️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මගේ යාලුවෙක් ඩොකෙක් වෙලා , VOG කෙනෙක්ට ගොට්ට අල්ලන් VOG වෙන්න ගියා. අරූ රට ගියා....ඊළඟට ආපු මූට කපලා උගේ කෙනෙක් කරගත්තා. යාලුවා ඇනස්තටික් පස්සේ ගියා. දැන් සර්ජන් කෙනෙක් පස්සේ ගිහින් හති වැටිලා , OPD Doctor කෙනෙක් විදිහට ඉන්නවා.

    con කෙනෙක් වෙන මාර්ගය තීරණය කරන්නේ දැන් cons ඉන්න ලා. ඉතින් උන්ගෙන් උදව්වක් කරගන්න පිම්පි වැඩ කරන්න වෙනවා. මේක කාළයක් තිස්සේ කුණුවුණ සමාජ ප්‍රශ්ණයක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඉහලම දක්ෂකම් ඇති හැම විභාගයම මුල්ම වතාවේ සමත් වන විශේෂඥ වෛද්‍යවරයෙක් පවා තම පුහුණුව අවසන් කරලා ලංකාවට එනවිට අවුරුදු තිස්හතරක් තිස්පහක් වෙයි. ඒ එන වෛද්‍යවරයා යැවෙන්නේ ඈත පලාතකටය. මේ මනුස්සයාටද තමන්ගේ කියා පවුලක් තිබෙයි. ළමයි සිටියි. උන්ට උගන්නාගන්නටද තිබෙයි. නෝනා මහත්තයා දෙන්නාම කන්සන්ටන්ලා නම් තත්ත්වය තවත් අමාරුය.

    මේ මම දන්න කෙනෙක්ගෙ අත්දැකීමක්. එයත් ඔය වගේ. සුපිරි මීටරයක්. කරන්නෙත් දන්න විදියට ලංකාවෙ කලින් කවුරුවත් specialised නොවෙච්ච ෆීල්ඩ් එකක්. එයා දැන් පුහුණුව ඉවර වෙන්න කිට්ටුව ඉන්නෙ. ආයෙ එයිද කියලා ෂුවර් නෑ. යන රටේ නවතින්න නෙවෙයි ගියේ.

    ආයෙ නොඑන්න තියෙන ලොකුම හේතුව එයාට වැඩ කරන්න සුදුසු තැනක් නොලැබීම. ඒ කිව්වෙ ඒ වගේ කෙනෙක්ට ජාතික රෝහල වගේ තැනක වැඩ කරන්න ලැබෙන්න ඕන. නැත්තං කරපු දෙයින් වැඩක් වෙයිද කියන සැකය තියෙනවා.

    ඕක වෙන්නෙ නෑ GMOA, අනිත් කොන්සලා අතර තියෙන politics නිසා සහ ඒ ඈත හොස්පිටල් වල ඉන්නකොට තියෙන ඔය අනිත් ප්‍රශ්න නිසා. (Family commitments) ඉතින් ඒකෙ ප්‍රතිඵලේ තමයි රටට වැඩක් කරන්න එන්න ඉන්න කෙනෙක් නැති වෙන එක.

    මගේ යාලුවෙක් ඩොකෙක් වෙලා , VOG කෙනෙක්ට ගොට්ට අල්ලන් VOG වෙන්න ගියා. අරූ රට ගියා....ඊළඟට ආපු මූට කපලා උගේ කෙනෙක් කරගත්තා. යාලුවා ඇනස්තටික් පස්සේ ගියා. දැන් සර්ජන් කෙනෙක් පස්සේ ගිහින් හති වැටිලා , OPD Doctor කෙනෙක් විදිහට ඉන්නවා.

    con කෙනෙක් වෙන මාර්ගය තීරණය කරන්නේ දැන් cons ඉන්න ලා. ඉතින් උන්ගෙන් උදව්වක් කරගන්න පිම්පි වැඩ කරන්න වෙනවා. මේක කාළයක් තිස්සේ කුණුවුණ සමාජ ප්‍රශ්ණයක්

    මේකත් ඇත්ත. ඔය කොන්සලා අතරෙ වෙනම බමුණු කුලයක් වගෙි එකක් තියෙනව අහල තියෙන විදියට. ඕක සයිටොං ගෙනල්ලවත්, ඉන්දියාවෙන් ලෝ කොලිටි නමට දොස්ටරලා ගෙනල්ලාවත් හදන්න බෑ.
    ------ Post added on Aug 15, 2023 at 4:07 AM
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    ඔය විශේෂඥ වෛද්‍යවරුන්ගෙ හිඟයට කවුරුත් කතා නොකරන තව හේතුවක් තමයි දැනට ඉන්න වෛද්‍යවරුන්ගෙ උනන්දුව මදි කම. medical student ඉන්න කාලේ ඇහුවොත් හැමෝම වගේ උනන්දුවෙන් ඉන්නෙ intern, දුෂ්කර සේවා කාලේ ඉවරවුණ ගමන් පුලුවන් ඉක්මනට තියෙන විභාග ටික කරලා consultant කෙනෙක් වෙන්න. ඒත් දැන් අයගෙන් ටික දෙනෙක් ඇර අනිත් අය ඉස්පිරිතාලෙට නාකි වෙනවා. එක්කො වෙන business වැඩ. අලුතෙන් දෙයක් ඉගෙනගන්න උනන්දුවක් නෑ. මේක රටේ ප්‍රශ්න එන්න කලින් ඉඳන් තිබුණ trend එකක්

    සමහරවිට ඔහොම වෙන්න ඇත්තෙ consultant වෙන්න වෙන මහන්සියට සාපේක්ෂව ලැබෙන දේවල්වල මදිකමක් හෝ ඊට වඩා ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රම තියෙන හින්දා වෙන්න ඇති. කොහොම වුණත් consultant ලා වෙනම අලුතෙන් හදන්න බෑනෙ, ඉතින් ඉන්න medical officers ලාව ඒකට උනන්දු කරේ නැත්නම් ඉස්සරහට තව අඩු වෙනවා.
    දොස්තරලාගෙ කතා බහකදී දැනගන්න ලැබිච්ච දෙයක්. ඔය පස්චාත් උපාධි පවා බරපතල විදිහට අහේතුකව ෆේල් කරන එකත් කරනවලු. උන්ටත් පස්චාත් උපාධි වලට වියදම් කරලම හටි වැටිලා ඉන්නේ. ඉතින් රටකට හරියයි ද
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    දොස්තරලාගෙ කතා බහකදී දැනගන්න ලැබිච්ච දෙයක්. ඔය පස්චාත් උපාධි පවා බරපතල විදිහට අහේතුකව ෆේල් කරන එකත් කරනවලු. උන්ටත් පස්චාත් උපාධි වලට වියදම් කරලම හටි වැටිලා ඉන්නේ. ඉතින් රටකට හරියයි ද
    මේක ඇත්ත.
    පශ්චාත් උපාධි දෙන මොකද්ද එකට පහුගිය කාලේ නඩු දාලත් තිබුණා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    මගේ යාලුවෙක් ඩොකෙක් වෙලා , VOG කෙනෙක්ට ගොට්ට අල්ලන් VOG වෙන්න ගියා. අරූ රට ගියා....ඊළඟට ආපු මූට කපලා උගේ කෙනෙක් කරගත්තා. යාලුවා ඇනස්තටික් පස්සේ ගියා. දැන් සර්ජන් කෙනෙක් පස්සේ ගිහින් හති වැටිලා , OPD Doctor කෙනෙක් විදිහට ඉන්නවා.

    con කෙනෙක් වෙන මාර්ගය තීරණය කරන්නේ දැන් cons ඉන්න ලා. ඉතින් උන්ගෙන් උදව්වක් කරගන්න පිම්පි වැඩ කරන්න වෙනවා. මේක කාළයක් තිස්සේ කුණුවුණ සමාජ ප්‍රශ්ණයක්
    The system has been destroyed.
    ක්‍රමය අවභාවිතා කරලා ඒකෙ විනාශයට උදව් කරලා දැන් වැලපෙනවා.
    " ධර්මය රකින්නා ධර්මයෙන් රැකදේ"
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    හැම රටකම List තියෙනවා හැම රටකම List එකේ ඉන්න අය ගොඩ දෙනෙක් මැරෙනවා ලංකාව හොඳ නැත්නම් UK, Canada ගිහින් බලන්න පුළුවන් කොහොමද සෙල්ලම කියලා
    USA නම් අතේ සල්ලි නැත්නම් කොහොමත් මැරෙන්න තමා වෙන්නේ
    අමෝ අමෝ සෞක්‍ය ඔස්තාර්. එල බොක්ක. මන් හිතුවේ ලංකාවේ විතරයි කියල මිනිස්සු මැරෙන්න. දැන් සතුටින් මැරෙන්න පුළුවන්
     
    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    Onco
    දොස්තරලාගෙ කතා බහකදී දැනගන්න ලැබිච්ච දෙයක්. ඔය පස්චාත් උපාධි පවා බරපතල විදිහට අහේතුකව ෆේල් කරන එකත් කරනවලු. උන්ටත් පස්චාත් උපාධි වලට වියදම් කරලම හටි වැටිලා ඉන්නේ. ඉතින් රටකට හරියයි ද
    Oncology selection exam තියෙන්නේ අවුරුද්දකට එක පාරක්. Vacancy තියෙන්නේ 4යි. Exam ලියනවා 100ක් විතර
     
    • Sad
    Reactions: Brandy2020