බන්ඩප්පු හද්දා පිටිසර ගොවියෙකි.ඔහු දිනක් තම අටහැවිරිදි
පුතුද කැටුව එළදෙනක් මිලදී ගැනීමට ගියේය. එහිදී එළදෙනගේ
හිසේ සිට වලිගය දක්වාම අතගා බැලු බන්ඩප්පු ඇයගේ කටත්
හැර බැලුවේය...
''ඇයි තාත්තේ ඔය?''

''එහෙම තමයි පුතේ.. සල්ලි දීලා යමක් ගන්න කලින් හොදට
හොයල-අතගාල බලන්න ඕනේ. විශේෂයෙන්ම පණ ඇති සතෙක්
ගන්න යනකොට.. තේරුනානේ?'' බන්ඩප්පු පුතාට කියා
දුන්නේය.
දින කිහිපයකට පසු බන්ඩප්පු එළවලු කොරටුවේ වැඩ කරමින්
සිටියදී ඔහුගේ පුතා හති හෙළමින් දුවගෙන ආවේය.
''තාත්තේ.. තාත්තේ.. අන්න අර ටවුමේ කඩේට අලුතෙන් ඇවිත්
ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා.
ඉක්මනට යං! ''




......
....
..
කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා......



