අතට අනින්න එපා යකෝ.....
තමන්ගේ අතට කවුරුහරි පිහියෙන් අනින්න හැදුවොත් මොකද කරන්නේ? අත අහකට ගන්නවා නේද? එතකොට පිහියෙන් අනින්නේ බොරු අතකට හරි හිස් අවකාශයකට නම්? ඒත් එහෙම්ම කරයි ද?
පහළ තියන වීඩියෝ බලන්න එහෙම කළාම මොකක්ද දක්වන ප්‍රතිචාරය කියලා. 
මේ සංසිද්ධියට කියන්නේ rubber hand illusion කියලා. මේ ගැන කලින් කියවපු අයත් ඇති. කලින් අහලා නැති අය ඉස්සරහට කියවගෙන යන්න…
මුලින්ම කියන්නම් මේකෙ අතීත කතාව.
1990 ගණන් වල විද්‍යාඥයෝ පිරිසක් මේ පරීක්ෂණය ඉස්සල්ලම කරලා තියෙන්නේ රබර් අතක් යොදා ගෙන (උඩ වීඩියෝ එකේ තියනවා වගේ). ඔයාලට ඕනේ නම් මේක කරලා බලන්න පුළුවන් වැඩේට කැමති කවුරුහරි පරීක්ෂණාගාර මීයෙක් අල්ලගෙන (කෙල්ල, යාළුවෙක්, ඊටීසී). 
වැඩේට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න.
1. අර කිවුව මීයා (අපි යාළුවෙක්ව ගත්තා කියමු )
2. කෘතිමයි කියල නොපෙනෙන සාමාන්‍ය ප්‍රමාණයේ රබර් අතක් (කොහෙන්ද හොයාගන්නෙ අහන්න එපා. ඕක නැතුව කරන විදිය ත්‍රෙඩ් එකේ යට හරියේ තියනවා)
3. වැඩේට ගන්න කෙනාට සහ කරන කෙනාට උසට හරියන මේසයක් සහ පුටුවක් (එහෙම නොවුනොත් ටික වෙලාවක් යද්දි අත රිදෙන්න ගන්නවා. එතකොට වැඩේ මාට්ටු ලු )
4. තුවායක් හෝ මොකක් හරි ටිකක් ලොකු රෙද්දක්
5. කෙලින් හිටවන්න පුළුවන් විදියට අටවා ගත්ත ලොකු කාඩ්බෝඩ් එකක්
6. තව මේ වැඩේ 100% හරියටම කරන්න නම් වටෙන් පිටෙන් එන බාධා අවම වෙන්න ඕනේ
ඒ වගේම වැඩේ කරන කෙනාට පොඩ්ඩක් පළපුරුද්දක් තියෙන්නත් ඕනේ ලු.

හරි දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ. කාඩ්බෝඩ් එක මේසෙ සිරස් අතට හිටවගන්න. යාළුවට කියන්න කාඩ්බෝඩ් එකෙන් එහා පැත්තෙන් මේසෙ උඩින් තමන්ගෙ දකුණු අත තියාගන්න කියලා (වම උනත් කමක් නෑ ලේසි එකක් ගන්න)
කාඩ්බෝඩ් එකෙන් යාළුවට කොහොමටවත් තමන්ගේ ඇත්ත අත පේන්න බෑ.
දැන් රබර් අත හරියටම අර දකුණු අත තියන තැනට කෙලින්ම මේසේ යාළුවට පේන පැත්තෙන් තියන්න. වැරදිලා රබර් අත ටිකක් දුරින් තිබ්බා කියමුකෝ. එතකොට මොළෙන් කියනවා රැවටෙන්න එපා ඕක බොරුවක් කියලා.
ඒ හින්දා හරියටම කරන්න. ඊට පස්සේ දකුණු අත උරහිස ළඟ ඉදන් අර කාඩ්බෝඩ් එකේ යම් දුරක් යනකම් වැහෙන්න අර රෙදි කෑල්ල දාන්න. ඒ වහද්දි යටින් අතක් තියනවා කියන ශේප් එක නොපෙනෙන්න වහන්න ඕනේ නිසා තුවායක් හරි ඝනකම් රෙද්දක් හරි තමා හොඳම.
ඒ වගේම ඇත්ත අත රෙද්දෙන් වැහුනේ කොච්චර දුරකටද ඒ තරමටම රබර් අතත් වැහිලා තියෙන්න ඕනේ. වම් අත පෙනෙන්න තිබුනත් අවුලක් නෑ ලු. නැත්නම් ඔන්න ඔහේ එකත් පේන්නෙ නැති වෙන්න තියන්න. හරියට ඔය ටික කළාම මෙහෙමයි ඉන්න ඕනේ. 

දැන් එකිනෙකට සර්වසම වස්තු දෙකක් ඕනේ. කඩදාසි/ කාඩ්බෝඩ් තීරු දෙකක්, පැන්සල් දෙකක්, පින්සල් දෙකක්, ඕනා එකක් කමක් නෑ හැබැයි සර්වසම වෙන්න ඕනේ. දැන් යාළුවට කියන්න රබර් අත දිහා බලාගෙන ඉන්න කියලා. ඊළඟට රබර් අතත් වැහිලා තියන දකුණු අතත් එකම රිද්මයට එකම දිශාවට එකම බර යොදලා එකම විදියට පිරිමදින්න. කරන විදියේ පොඩි හරි වෙනසක් ආවොත් ඒත් වැඩේ හරියන්නේ නෑ. 2004 දි University College (London) වලදි කරපු පරීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් තත්පර 11 කදි, වැඩේට යොදාගන්න පුද්ගලයාට මේ රබර් අත, තමන්ගේ වැහිලා තියන ඇත්ත අත විදියට දැනෙන්න ගන්නවාලු.
මේ ගැන වැඩි දුර පරීක්ෂණ කරපු Guterstam, Gentile & Ehrsson කියන තුන්දෙනා තවත් අපූරු සොයාගැනීමක් කරලා තියනවා. ඒ තමයි රබර් අත නැතුව හිස් අවකාශයක් යොදාගෙන මේ පරීක්ෂණය මේ විදියටම කළත් ලැබුන ප්‍රතිඵලය සමානයි ලු. ඒ concept එකට කියන්නේ The invisible hand illusion කියලා. මෙතනදි පරීක්ෂණයේ නිරවද්‍යතාවය වැඩි කරගන්න විශේෂ උපකරණත් භාවිතා කළා ලු.
එතනදි රබර් අතක් තියන්නෙ නැතුව වහලා තියන අත තියන තැනට හරියටම සමාන තැන හිස් අවකාශයත් වහපු අතත් කලින් විදියටම සර්වසමව පිරිමදින්න ඕනේ. එහෙම කරලා ලැබුන පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව, අර හිස් අවකාශයට පිටින් කෙනෙක් ඇවිත් පිහියෙන් අනින්න හැදුවම, වැඩේට ගත්ත අයගේ මවිල් කෙලින් වෙලා
හීන් දහඩිය දාල දේහ උෂ්ණත්වය එක සැරේ ඉහළ ගියාලු, ඇත්තටම අතට පිහියෙන් ඇන්නා වගේ.
සමහරු හයියෙන් කෑ ගහලා ඇත්ත අත යහතින් තියනවද බැලුවත් ලු.
පිරිමදින වෙලාවෙදි කස්ට්යගේ මොළය ස්කෑන් කළාම සංවේදක සංඥා එකිනෙකට සම්බන්ධ කරන්න තියන මොළයේ කොටසේ රුධිර සංසරණය ඉහළ ගියා ලු. 
The invisible hand illusion
මේක මෙහෙම හරියටම වෙන්න නම් අර කලින් කිවුවා වගේ අදෘශ්‍යමාන අත අර වහපු අත තියන දුරින්ම තියෙන්න ඕනේ, පිරිමදින දිශාව,රිද්මය, යොදන බර සමාන වෙන්න ඕනේ සහ ඇත්ත අත තුවායෙන් එළියට විවෘත වෙලා තියන සීමාවේ වැඩේ වෙන්න ඕනේ.
මේ විදියට දෘශ්‍ය සහ ස්පර්ශක සංඥා නිවැරදිව synchronize වෙලා ආවම අපට තවත් අතක් තියනවා කියන හැඟීම දැනෙනවා ලු.
මේ කස්ටිය ඒ පරික්ෂණයේ නිගමන විදියට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. උපන් දා ඉදන් අපි අපෙ ශරීර කොටස් අපේ මයි කියලා හඳුනාගෙන ඉන්නේ. ඒ වුනාට ඒ සිතුවිල්ල හරිම බිඳෙන සුළුයි.
මේ වගේ පොඩි වෙලාවකින් අපි ඕක බොරු අතක් කියල දැන දැනත් ඒකත් අපේය කියලා හිතාගෙන ඒකට හානියක් වෙන්න යද්දි බය වෙනවා. අපේ ඇඟේ කෑලි බෑලි ටික දැනගෙන උන්නත් මොළය විසින් එක එක වෙලාවෙදි අපේ සංවේදක වලින් එන සංඥා එක්ක අපේ ශරීර කොටස් වල පිහිටීම හැමතිස්සෙම යාවත්කාලීන (update) කරගන්නවා ලු. නිකම් හිතලා බැලුවොත් දැන් අපේ අත තියෙන්නේ මෙතනයි කියලා අත දිහා නොබලා අපිට කියන්න පුළුවන්.
මෙතනදි ඔන්න අත පිරිමදින එකේ සිග්නල් එක මොළයට ආවා. ඊළඟට ඇහැට පේනවා ඒ සිග්නල් එකේ රිද්මයටම තවත් දෙයක් පිරිමදිනවා. පිරිමදින වස්තුව දිහා බලාගෙනත් ඉන්නේ. ඒ නිසා ඇත්ත අතට එන සංවේදනයේ සිග්නල් එකයි පිරිමදින්න ගත්ත වස්තුවයි ත් ගැලපෙනවා. එතකොට මොළයෙන් කියනවා මේ එන සිග්නල් වල හැටියට නම් අත තියෙන්නේ මේ ළඟ පාත තමා කියලා අත තියෙන්න පුළුවන් locations ටික ගණනය කරගන්නවා. ඔය ඔක්කොම එකට ගලපාගෙන ඉස්සරහ රබර් අතක් තියා මොකුත් නැති වුනත් අර ගණනය කළ සීමාවේ අත තියනව කියලා මොළයෙන් කියනවා. ඒකට අනුව ප්‍රතිචාර දක්වනවා. 
මේ වගේ දෙයක් වැදගත් වෙන්නේ කාටද?
අපිට මේක ජොලි වැඩක් විදියට කරන්න හිතුනට ඇත්තටම මේ සිද්ධිය නිසා දුක් විදින අය ඉන්නවා ලු.
ඒ ගැන Ehrsson කියන්නේ මෙහෙම කතාවක්. අනතුරකට මුහුණ දීලා හරි අතක ඇති වුන මොකක් හරි ආබාධයක් නිසා අත කපලා දාන්න වුන ගොඩක් දෙනෙක්ට අත නැති උනාට පස්සෙත් අත තාම තියනවා කියන හැඟීම දැනෙනවා ලු. ඒ වගේම අත කපන්න කලින් දැනුනු වේදනාව අත නැතුව තියෙද්දිත් මොළයට දැනෙනවා ලු.
ඒකත් එක්කම ඒ අතට කළින් ඔය පරීක්ෂණයේදි කළා වගේ හානියක් වෙන්න යනවා වගේ පෙනුනොත් වේදනාවත් දැනෙනවා ලු. ඒක වෙන්නෙ දීර්ඝ කාලයක් තිස්සේ අත එතන තිබුනා කියන දත්තය මොළයේ තැන්පත් වෙලා තියන නිසා ලු. දැන් අත නැති වුනත් මේ දකින දේවල් වෙන්නේ ඒ අතටයි කියලා දැනෙනවා ලු. මේක එක එක්කෙනාගේ මානසික තත්වය අනුව වෙනස් වෙනවලු. ඇත්තටම තියන අතක වේදනාවට බෙහෙත් කරන්න පුළුවන්, ඒත් නැති අතකට කොහෙන් බෙහෙත් කරන්නද?
ඒ නිසා ඔය කියන තත්වෙට මුහුණ දීපු අයට ප්‍රතිකාර කරන්න ක්‍රමයක් විදියට මේ කියන සංසිද්ධිය යොදාගන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරගෙන යනවාලු. 
UPDATE :
Source: දත් කිඹුලා සහෝදරයා
"මේ කාරණය වෛද්‍ය පොත් පත් වල සදහන් වෙන්නේ හොල්මන් අත් වේදනාව -Phantom limb pain-කියලා. මේ වගේ ම කියල එකක් තියනව දත් ඔක්කොම ගලවල තියන අයට එන phantom tooth pain."
කියවගෙන ගියාට වැඩක් නෑ.
වැඩේ කරලම බලන්න. හරියට කළොත් නිවැරදි ප්‍රතිඵල ඇත. 
මේ විස්තර ඔක්කොම translate කළේ The rubber hand illusion, The invisible hand illusion web site දෙකෙන්.
ඔය invisible hand illusion එක ගැන අර තුන් දෙනාගේ journal article එක මෙන්න. මට නම් ඒක කියෙව්වට තේරෙන්නේ නෑ
තේරෙන කෙනෙක් කියවගන්න.
තව දෙයක් මේකෙ biological details නම් අහන්න එපා පුතෝ මම නම් දන්නෙ නෑ..

තිබ්බ විදියටම translate කරලා දැම්මේ 

මේ විදියට දෘශ්‍ය සහ ස්පර්ශක සංඥා නිවැරදිව synchronize වෙලා ආවම අපට තවත් අතක් තියනවා කියන හැඟීම දැනෙනවා ලු.මේ කස්ටිය ඒ පරික්ෂණයේ නිගමන විදියට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. උපන් දා ඉදන් අපි අපෙ ශරීර කොටස් අපේ මයි කියලා හඳුනාගෙන ඉන්නේ. ඒ වුනාට ඒ සිතුවිල්ල හරිම බිඳෙන සුළුයි.

Last edited: