අත්අඩංගුවට ගත් මහින්දගේ මැරයන් ඇමැති වෙල
අත්අඩංගුවට ගත් මහින්දගේ මැරයන් ඇමැති වෙල්ගමගේ අණින් නිදහස්
අද අළුයම 1.00 ට පමණ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකාරියකගේ නිවසට පැමිණ තර්ජනය කර, නිවසට අලාභහානි කළ එක්සත් ජනති නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කර්මාන්ත සංවර්ධන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් එම මැර පිරිස සිය රාජ්‍ය බලය යොදා නිදහස් කරවා ගෙන ඇත.
වාර්තාවන අන්දමට අද අළුයම 1.00 ට පමණ 250-2396 අංක දරන ඩබල් කැබ් රථයෙන් මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස මතුගම බෝඹුවල ප්‍රදේශයේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකාරියකගේ නිවසට පැමිණ ඇති අතර, මෙම මැර පිරිස අදාල තැනැත්තියට මරණ තර්ජනය කර ඇති අතර, පසුව එම නිවසට අලාභහිනි සිදු කොට ඇත. මෙම මැර කණ්ඩයම මෙහෙයවා ඇත්තේ සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ කළුතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වන කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සම්බන්ධීකරණ ලෙකම්වරයෙකු වන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී දම්පල් හදුන්ගොඩ නමැත්තාය.
පසුව නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණල්ලක් කර ඇති අතර, දොඩංගොඩ පොලිසිය විසින් දම්පත් හදුන්ගොඩ ඇතුළු මෙම මැර පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පසුව දොඩංගොඩ පොලිසියට පැමිණ දුරකතන ඇමතුමක් ලබා දී ඇති අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මෙම පිරිස වහාම නිදහස් කරන ලෙස නියෝග කර ඇත. මෙම නියෝගයට අනුව දොඩංගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම මැර පිරිස කිසිදු පැමිණිල්ලකින් තොරව අද අළුයම නිදහස් කර ඇත.
LT