අත්අඩංගුවට-ගැනීමේ-ආණ්ඩුවේ-තැතක්
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වත්මන් ජනාධිපතිවරයාට අවාසි සහගත බව හැඟී යාමත් සමඟම නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන සමාජ ක්‍රියාකාරීන් හා සිවිල් චරිත ගණනාවක් විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේ වන විට රජයේ ප්‍රබල පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුවන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මේ අනුව තවත් සමාජ ක්‍රියාකාරී ස්වාමීන් වහන්සේ නමක්, වෙබ් අඩවියක හිමිකරුවෙකු, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු මෙන්ම යුධ හමුදාවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හා විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අත්අඩංගුවට ගැනීමට සිටින පිරිසට අයත්ය.
විවිධ චෝදනා ඉදිරිපත් කරමින් මොවුන් අත්අඩංගුවට ගෙන මෙම පිරිසගේ මේ වන විට සිදු කෙරෙමින් පවතින මැතිවරණ ක්‍රියාකාරකම් අඩපණ කිරීමටත්, මොවුන් සමඟ එක්ව සිටින පිරිස් බිය වැද්දීමත් මෙහි අරමුණ බවත්, ඒ අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කටයුතු අඩපන කිරීම මගින් සිය දේශපාලන වාසි ලබා ගැනීමට මෙම මෙහෙයුම ක්‍රියාත්මකය. මෙම මෙහෙයුම වෙනුවෙන් හිටපු හමුදා ප්‍රධානියෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය කාලයේදී රජයට එක්වූ ප්‍රබල අමාත්‍යවරයෙකු හා හමුදාවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු මූලිකත්වය ගෙන කටයුතු කරන අතර, ඉහළ බලපෑම් මගින් පොලිසිය ද මෙම කටයුතුවලදී තමන්ට උවමනා පරිදි හැසිරවීමට මොවුන් සැලසුම්කර ඇත.