එක් පෙර කලෙක පුංචි ම වයස
සිටි ඒ අත්තම්මගෙ ගම්මානය...
නිවහන වෙත ය පාර දෙපස ම
ගස්වැල් බොහොම වෙල යාබද ය...
නිවහන ඉහළ නිහඬ ම වතු ය
ගුප්ත සොඳුරු ම මනසට සුවය...
කුරුළු කූජන ය මඳහස පෑව
උළු වහළ ය ඉහළින් මහ අහස...
සුළඟත් අතර වර්ෂා මැදිව
නැටුවෙමි තුටින මිදුල පුරාම...
කෙසඟ ය බොහොම එනමුදු නැති ය
මා ඇදගෙන යනු සුළඟ මිතුරු ය...
නමිනම් අන්නසි ලාවුළු කොකෝව
තුරු මිතුරෝ මට ඵල ලබ දුන්හ...
සෙල්ලම් සටන යෙදුන දෙපිළ ම
සතුරන් නැති ය අවසන සවස...
නේක මලින් එක් ඇසුරුම සැදුව
මිහිතල යට ය සත්ත්ව උපත ය...
ගල්වැටි අසල දවස තනිව ම
මන මන්දිර ය ගස් කොළ පෙමින...
කලකට පසුව තව ගම්මානෙක
වෙත පියනැඟුම දුක මුසු සතුට...
2307260709
#swabadahama
#mabheera
#spn
සිටි ඒ අත්තම්මගෙ ගම්මානය...
නිවහන වෙත ය පාර දෙපස ම
ගස්වැල් බොහොම වෙල යාබද ය...
නිවහන ඉහළ නිහඬ ම වතු ය
ගුප්ත සොඳුරු ම මනසට සුවය...
කුරුළු කූජන ය මඳහස පෑව
උළු වහළ ය ඉහළින් මහ අහස...
සුළඟත් අතර වර්ෂා මැදිව
නැටුවෙමි තුටින මිදුල පුරාම...
කෙසඟ ය බොහොම එනමුදු නැති ය
මා ඇදගෙන යනු සුළඟ මිතුරු ය...
නමිනම් අන්නසි ලාවුළු කොකෝව
තුරු මිතුරෝ මට ඵල ලබ දුන්හ...
සෙල්ලම් සටන යෙදුන දෙපිළ ම
සතුරන් නැති ය අවසන සවස...
නේක මලින් එක් ඇසුරුම සැදුව
මිහිතල යට ය සත්ත්ව උපත ය...
ගල්වැටි අසල දවස තනිව ම
මන මන්දිර ය ගස් කොළ පෙමින...
කලකට පසුව තව ගම්මානෙක
වෙත පියනැඟුම දුක මුසු සතුට...
2307260709
#swabadahama
#mabheera
#spn