Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අත්ලාන්තිස් පුරවරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදට ගිලී ගිය දියුණු මහද්වීපයක කතාව බටහිර වගේම පෙරදිග ජනකතා වලත් අහන්න ලැබෙනවා. ලංකාව ගැන කියද්දිත් ඇතැම් වංශ කතා වල කියවෙන විදිහට ලංකාවේ කොටසක් මුහුදට ගිලා බැහැලා තියනවා. මේ ජන කතා අතරින් මුළු ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය කතාන්දරය වන්නේ ඇට්ලන්ටිස් එහෙමත් නැත්නම් අත්ලාන්තිස් පුරවරය පිළිබඳව කතාවයි. විවිධ කාලවලදී ගුප්ත විද්‍යාඥයන් වැනි පුද්ගලයින් අත්ලාන්තිස් පුරවරය ගැන විවිධ හෙළිදරව් කරලා තියෙනවා. ඒ ගැන පුරා විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් එතරම් එකඟතාවයක් දක්වන්නේ නැහැ. නමුත් ජනප්‍රවාද පිළිබඳව අධ්‍යයනය කරන අය සහ විකල්ප ඉතිහාස ගවේෂණකරුවන් අතර මේ ප්‍රවාදය අතිශයින් ජනප්‍රියයි .මේ නිසා අපි හිතුවා අත්ලාන්තිස් පුරවරය ගැන කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න.

අත්ලාන්තිස් පුරවරය කොහෙද තිබ්බේ?

මේ ප්රශ්නය තමයි අත්ලාන්තිස් ප්‍රවාදය ගැන කතා කරද්දි තියෙන දැවෙන ප්රශ්නය. අත්ලාන්තිස් පුරවරය ගැන මුලින්ම සඳහන් වන ලිඛිත සාක්කිය විදිහට සැළකෙන ප්ලේටෝට අනුව වර්තමානයේ අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව තමයි මේ පුරවරය පැවතිලා තියෙන්නේ. ඔහුට අනුව ඔහු ජීවත්වන කාලයටත් වඩා වසර නම දාහකට පමණ කලින් තමයි අත්ලාන්තික් නගරය මුහුදට ගිලා බැසීම සිද්ධ වෙලා තියෙන්නේ. ඇතැම් ගවේෂකයෝ කියන විදිහට අත්ලාන්තිස් පුරවරය තිබිල තියෙන්නෙ මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව. සමහරු කියන විදිහට වර්තමානයේ ඇන්ටාක්ටිකාව පවතින්නේ අත්ලාන්තිස් පිහිටි භූමිය මතයි.

එහි විශාලත්වය

ප්ලේටෝ සඳහන් කරන විදිහට ලිබියාව සහ ආසියාව එකට ගත් කල පවතින භූමිභාගයටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක අත්ලාන්තිස් පුරවරය පැතිරිලා තිබිලා තියෙනවා. අත්ලාන්තික් සාගරයේ භූමි ප්‍රමාණය සලකා බලද්දි අත්ලාන්තිස් පුරවරය ඒ ආශ්‍රිතව පැවැතුණ බවට සාධකයක් කියලා ඇතැම් පිරිසක් කියද්දී අනෙක් පාර්ශ්ව කියන්නේ ග්‍රීසියේ විශාලතම දූපත වන ක්රීට දිවයිනට සමාන භූමි ප්‍රදේශයක අත්ලාන්තිස් නගරය පැවතුණා කියලා.

දෙවියන්ගේ ආදරය

අත්ලාන්තිසය ගැන කියවෙන ජනප්‍රවාද වලට අනුව මුහුදට අධිපති යැයි සැළකෙන ග්‍රීක දෙවියන් වන පොසයිඩන් විසින් මේ නගරය නිර්මාණය කොට තිබෙනවා. මොහු මිනිස් ලොව සැරි සරද්දී මුණගැසුනු ක්ලෙයිටෝ නම් සුරූපී කාන්තාව වෙනුවෙන් තමයි ඔහු මේ නගරය නිර්මාණය කරන්නේ. ඔහු විසින් ඒ සඳහා ලෝකයේ ඇති විශාලතම දූපත තෝරා ගන්නා අතර එහි ජීවත්වන ජනතාව ලෝකයේ ලක්ෂණම සහ බුද්ධිමත්ම ජනතාව බවට පත් කරනවා

සිරගෙයක් බඳු මාළිගාව

කෙසේ නමුත් ක්ලෙයිටෝ කෙරෙහි දැඩි ආදරයෙන් පසුවන පොසයිඩන් විසින් ඇයව තමන් වෙතට පමණක් නතු කර ගැනීම සඳහා අත්ලාන්තිසයේ තනන ලද සුඛෝපභෝගී මාළිගාවක සිර කර තබා ගෙන සිටි බව කියවෙනවා. මේ දූපත තුළ වළල්ලක හැඩය ගත් ඇළ මාර්ග පහක් තිබුණු අතර එම ඇළ මාර්ග පහ තවත් ඇළ මාර්ග කීපයක් මගින් මුහුදට සම්බන්ධ කොට තිබෙනවා. එසේම නගරයට පිවිසෙන සෑම දොරටුවක් ම ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතුද සංවිධානය කිරීම සිදු වී තිබෙන්නේ පොසයිඩන්ගේ මඟ පෙන්වීම අනුවයි.

ඇට්ලස්

ජනප්රවාදයේ තවදුරටත් කියවෙන පරිදි පොසයිඩන්ට සහ ක්ලෙයිටෝට නිවුන් දරුවන් දෙදෙනා බැගින් පස් වාරයකදී දරුවන් දස දෙනෙක් ලැබෙනවා. ඉන් වැඩිමලා වූ ඇට්ලස් අත්ලාන්තිසයේ පළමු පාලකයා බවට පත්වෙනවා. ඔහු විසින් සිය පියා වෙනුවෙන් සුවිශාල දේවාලයක් නගරය මැද ගොඩනගන අතර මුහුදු අශ්වයන් විසින් අදිනු ලැබූ රථයකට නැගි පොසයිඩන්ගේ රූපය නිමවා තිබී ඇත්තේ සම්පූර්ණ රත්තරනිනුයි. මේ දේවාලය කෙතරම් විශාලද කිවහොත් එහි වහලය වළාකුළුවල ගෑවුණු බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.

පිටසක්වල සම්බන්ධය

අත්ලාන්තිසය පිළිබඳව ගවේෂණය කරන තවත් පිරිසකගේ මතය වන්නේ මෙම නගරය ගොඩනගන ලද්දේ පිටසක්වල ජීවීන් විසින් බවයි. ඔවුන්ට අනුව මෙම ජීවීන් කොටස පෘථිවියට පැමිණ ඇත්තේ මීට වසර පනස් දහසකට පමණ පෙරදීයි. එම කාලයේදී ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර අටසියයක් පමණ වන බව මේ පිරිස විශ්වාස කරනවා. තවත් කොටසකට අනුව අත්ලාන්තිස් පුරවරය පෘථිවිය මත තිබුණු ශිෂ්ටාචාරයක් නොවන අතර එය පිහිටා තිබී ඇත්තේ අඟහරු ලෝකය තුළයි.

එඩ්ගා කේසිගේ හෙළිදරව් කිරීම

මෝහනය මගින් අතීතය පිළිබඳව හෙළි කළ එඩ්ගා කේසිට අනුව යළිත් වරක් අත්ලාන්තිසය මෙලොව විරාජමාන වන අතර එහි ජීවත් වුණු වැසියන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්භවය ලබා ඒ යුගයට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවා. කෙසේ නමුත් කේසිගේ මේ අනාවැකිය කෙසේ වේදැයි යන්න අපිට දැන ගැනීමට හැකි වන්නේ අනාගතයේදී පමණයි.

[QUOTE="kpg, post: 26921370, member: 104262"] මුහුදට ගිලී ගිය දියුණු මහද්වීපයක කතාව බටහිර වගේම පෙරදිග ජනකතා වලත් අහන්න ලැබෙනවා. ලංකාව ගැන කියද්දිත් ඇතැම් වංශ කතා වල කියවෙන විදිහට ලංකාවේ කොටසක් මුහුදට ගිලා බැහැලා තියනවා. මේ ජන කතා අතරින් මුළු ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය කතාන්දරය වන්නේ ඇට්ලන්ටිස් එහෙමත් නැත්නම් අත්ලාන්තිස් පුරවරය පිළිබඳව කතාවයි. විවිධ කාලවලදී ගුප්ත විද්‍යාඥයන් වැනි පුද්ගලයින් අත්ලාන්තිස් පුරවරය ගැන විවිධ හෙළිදරව් කරලා තියෙනවා. ඒ ගැන පුරා විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් එතරම් එකඟතාවයක් දක්වන්නේ නැහැ. නමුත් ජනප්‍රවාද පිළිබඳව අධ්‍යයනය කරන අය සහ විකල්ප ඉතිහාස ගවේෂණකරුවන් අතර මේ ප්‍රවාදය අතිශයින් ජනප්‍රියයි .මේ නිසා අපි හිතුවා අත්ලාන්තිස් පුරවරය ගැන කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]අත්ලාන්තිස් පුරවරය කොහෙද තිබ්බේ?[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/01-89.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේ ප්රශ්නය තමයි අත්ලාන්තිස් ප්‍රවාදය ගැන කතා කරද්දි තියෙන දැවෙන ප්රශ්නය. අත්ලාන්තිස් පුරවරය ගැන මුලින්ම සඳහන් වන ලිඛිත සාක්කිය විදිහට සැළකෙන ප්ලේටෝට අනුව වර්තමානයේ අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව තමයි මේ පුරවරය පැවතිලා තියෙන්නේ. ඔහුට අනුව ඔහු ජීවත්වන කාලයටත් වඩා වසර නම දාහකට පමණ කලින් තමයි අත්ලාන්තික් නගරය මුහුදට ගිලා බැසීම සිද්ධ වෙලා තියෙන්නේ. ඇතැම් ගවේෂකයෝ කියන විදිහට අත්ලාන්තිස් පුරවරය තිබිල තියෙන්නෙ මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව. සමහරු කියන විදිහට වර්තමානයේ ඇන්ටාක්ටිකාව පවතින්නේ අත්ලාන්තිස් පිහිටි භූමිය මතයි. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]එහි විශාලත්වය[/COLOR][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/02-89.jpg?resize=800%2C500&ssl=1[/IMG] ප්ලේටෝ සඳහන් කරන විදිහට ලිබියාව සහ ආසියාව එකට ගත් කල පවතින භූමිභාගයටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක අත්ලාන්තිස් පුරවරය පැතිරිලා තිබිලා තියෙනවා. අත්ලාන්තික් සාගරයේ භූමි ප්‍රමාණය සලකා බලද්දි අත්ලාන්තිස් පුරවරය ඒ ආශ්‍රිතව පැවැතුණ බවට සාධකයක් කියලා ඇතැම් පිරිසක් කියද්දී අනෙක් පාර්ශ්ව කියන්නේ ග්‍රීසියේ විශාලතම දූපත වන ක්රීට දිවයිනට සමාන භූමි ප්‍රදේශයක අත්ලාන්තිස් නගරය පැවතුණා කියලා. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]දෙවියන්ගේ ආදරය[/COLOR][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/03-89.jpg?resize=800%2C500&ssl=1[/IMG] අත්ලාන්තිසය ගැන කියවෙන ජනප්‍රවාද වලට අනුව මුහුදට අධිපති යැයි සැළකෙන ග්‍රීක දෙවියන් වන පොසයිඩන් විසින් මේ නගරය නිර්මාණය කොට තිබෙනවා. මොහු මිනිස් ලොව සැරි සරද්දී මුණගැසුනු ක්ලෙයිටෝ නම් සුරූපී කාන්තාව වෙනුවෙන් තමයි ඔහු මේ නගරය නිර්මාණය කරන්නේ. ඔහු විසින් ඒ සඳහා ලෝකයේ ඇති විශාලතම දූපත තෝරා ගන්නා අතර එහි ජීවත්වන ජනතාව ලෝකයේ ලක්ෂණම සහ බුද්ධිමත්ම ජනතාව බවට පත් කරනවා [HEADING=1][COLOR=rgb(44, 130, 201)]සිරගෙයක් බඳු මාළිගාව[/COLOR][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/04-89.jpg?resize=800%2C500&ssl=1[/IMG] කෙසේ නමුත් ක්ලෙයිටෝ කෙරෙහි දැඩි ආදරයෙන් පසුවන පොසයිඩන් විසින් ඇයව තමන් වෙතට පමණක් නතු කර ගැනීම සඳහා අත්ලාන්තිසයේ තනන ලද සුඛෝපභෝගී මාළිගාවක සිර කර තබා ගෙන සිටි බව කියවෙනවා. මේ දූපත තුළ වළල්ලක හැඩය ගත් ඇළ මාර්ග පහක් තිබුණු අතර එම ඇළ මාර්ග පහ තවත් ඇළ මාර්ග කීපයක් මගින් මුහුදට සම්බන්ධ කොට තිබෙනවා. එසේම නගරයට පිවිසෙන සෑම දොරටුවක් ම ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතුද සංවිධානය කිරීම සිදු වී තිබෙන්නේ පොසයිඩන්ගේ මඟ පෙන්වීම අනුවයි. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]ඇට්ලස්[/COLOR][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/05-89.jpg?resize=800%2C500&ssl=1[/IMG] ජනප්රවාදයේ තවදුරටත් කියවෙන පරිදි පොසයිඩන්ට සහ ක්ලෙයිටෝට නිවුන් දරුවන් දෙදෙනා බැගින් පස් වාරයකදී දරුවන් දස දෙනෙක් ලැබෙනවා. ඉන් වැඩිමලා වූ ඇට්ලස් අත්ලාන්තිසයේ පළමු පාලකයා බවට පත්වෙනවා. ඔහු විසින් සිය පියා වෙනුවෙන් සුවිශාල දේවාලයක් නගරය මැද ගොඩනගන අතර මුහුදු අශ්වයන් විසින් අදිනු ලැබූ රථයකට නැගි පොසයිඩන්ගේ රූපය නිමවා තිබී ඇත්තේ සම්පූර්ණ රත්තරනිනුයි. මේ දේවාලය කෙතරම් විශාලද කිවහොත් එහි වහලය වළාකුළුවල ගෑවුණු බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]පිටසක්වල සම්බන්ධය[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/06-85.jpg?resize=800%2C500&ssl=1[/IMG] අත්ලාන්තිසය පිළිබඳව ගවේෂණය කරන තවත් පිරිසකගේ මතය වන්නේ මෙම නගරය ගොඩනගන ලද්දේ පිටසක්වල ජීවීන් විසින් බවයි. ඔවුන්ට අනුව මෙම ජීවීන් කොටස පෘථිවියට පැමිණ ඇත්තේ මීට වසර පනස් දහසකට පමණ පෙරදීයි. එම කාලයේදී ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර අටසියයක් පමණ වන බව මේ පිරිස විශ්වාස කරනවා. තවත් කොටසකට අනුව අත්ලාන්තිස් පුරවරය පෘථිවිය මත තිබුණු ශිෂ්ටාචාරයක් නොවන අතර එය පිහිටා තිබී ඇත්තේ අඟහරු ලෝකය තුළයි. [HEADING=1][COLOR=rgb(44, 130, 201)]එඩ්ගා කේසිගේ හෙළිදරව් කිරීම[/COLOR][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/07-85.jpg?resize=800%2C500&ssl=1[/IMG] මෝහනය මගින් අතීතය පිළිබඳව හෙළි කළ එඩ්ගා කේසිට අනුව යළිත් වරක් අත්ලාන්තිසය මෙලොව විරාජමාන වන අතර එහි ජීවත් වුණු වැසියන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්භවය ලබා ඒ යුගයට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවා. කෙසේ නමුත් කේසිගේ මේ අනාවැකිය කෙසේ වේදැයි යන්න අපිට දැන ගැනීමට හැකි වන්නේ අනාගතයේදී පමණයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom