අත්ලාන්තිස් පුරවරය

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මුහුදට ගිලී ගිය දියුණු මහද්වීපයක කතාව බටහිර වගේම පෙරදිග ජනකතා වලත් අහන්න ලැබෙනවා. ලංකාව ගැන කියද්දිත් ඇතැම් වංශ කතා වල කියවෙන විදිහට ලංකාවේ කොටසක් මුහුදට ගිලා බැහැලා තියනවා. මේ ජන කතා අතරින් මුළු ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය කතාන්දරය වන්නේ ඇට්ලන්ටිස් එහෙමත් නැත්නම් අත්ලාන්තිස් පුරවරය පිළිබඳව කතාවයි. විවිධ කාලවලදී ගුප්ත විද්‍යාඥයන් වැනි පුද්ගලයින් අත්ලාන්තිස් පුරවරය ගැන විවිධ හෙළිදරව් කරලා තියෙනවා. ඒ ගැන පුරා විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් එතරම් එකඟතාවයක් දක්වන්නේ නැහැ. නමුත් ජනප්‍රවාද පිළිබඳව අධ්‍යයනය කරන අය සහ විකල්ප ඉතිහාස ගවේෂණකරුවන් අතර මේ ප්‍රවාදය අතිශයින් ජනප්‍රියයි .මේ නිසා අපි හිතුවා අත්ලාන්තිස් පුරවරය ගැන කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න.



    අත්ලාන්තිස් පුරවරය කොහෙද තිබ්බේ?

    01-89.jpg


    මේ ප්‍රශ්නය තමයි අත්ලාන්තිස් ප්‍රවාදය ගැන කතා කරද්දි තියෙන දැවෙන ප්‍රශ්නය. අත්ලාන්තිස් පුරවරය ගැන මුලින්ම සඳහන් වන ලිඛිත සාක්කිය විදිහට සැළකෙන ප්ලේටෝට අනුව වර්තමානයේ අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව තමයි මේ පුරවරය පැවතිලා තියෙන්නේ. ඔහුට අනුව ඔහු ජීවත්වන කාලයටත් වඩා වසර නම දාහකට පමණ කලින් තමයි අත්ලාන්තික් නගරය මුහුදට ගිලා බැසීම සිද්ධ වෙලා තියෙන්නේ. ඇතැම් ගවේෂකයෝ කියන විදිහට අත්ලාන්තිස් පුරවරය තිබිල තියෙන්නෙ මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව. සමහරු කියන විදිහට වර්තමානයේ ඇන්ටාක්ටිකාව පවතින්නේ අත්ලාන්තිස් පිහිටි භූමිය මතයි.



    එහි විශාලත්වය

    02-89.jpg


    ප්ලේටෝ සඳහන් කරන විදිහට ලිබියාව සහ ආසියාව එකට ගත් කල පවතින භූමිභාගයටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක අත්ලාන්තිස් පුරවරය පැතිරිලා තිබිලා තියෙනවා. අත්ලාන්තික් සාගරයේ භූමි ප්‍රමාණය සලකා බලද්දි අත්ලාන්තිස් පුරවරය ඒ ආශ්‍රිතව පැවැතුණ බවට සාධකයක් කියලා ඇතැම් පිරිසක් කියද්දී අනෙක් පාර්ශ්ව කියන්නේ ග්‍රීසියේ විශාලතම දූපත වන ක්‍රීට දිවයිනට සමාන භූමි ප්‍රදේශයක අත්ලාන්තිස් නගරය පැවතුණා කියලා.



    දෙවියන්ගේ ආදරය

    03-89.jpg


    අත්ලාන්තිසය ගැන කියවෙන ජනප්‍රවාද වලට අනුව මුහුදට අධිපති යැයි සැළකෙන ග්‍රීක දෙවියන් වන පොසයිඩන් විසින් මේ නගරය නිර්මාණය කොට තිබෙනවා. මොහු මිනිස් ලොව සැරි සරද්දී මුණගැසුනු ක්ලෙයිටෝ නම් සුරූපී කාන්තාව වෙනුවෙන් තමයි ඔහු මේ නගරය නිර්මාණය කරන්නේ. ඔහු විසින් ඒ සඳහා ලෝකයේ ඇති විශාලතම දූපත තෝරා ගන්නා අතර එහි ජීවත්වන ජනතාව ලෝකයේ ලක්ෂණම සහ බුද්ධිමත්ම ජනතාව බවට පත් කරනවා



    සිරගෙයක් බඳු මාළිගාව

    04-89.jpg


    කෙසේ නමුත් ක්ලෙයිටෝ කෙරෙහි දැඩි ආදරයෙන් පසුවන පොසයිඩන් විසින් ඇයව තමන් වෙතට පමණක් නතු කර ගැනීම සඳහා අත්ලාන්තිසයේ තනන ලද සුඛෝපභෝගී මාළිගාවක සිර කර තබා ගෙන සිටි බව කියවෙනවා. මේ දූපත තුළ වළල්ලක හැඩය ගත් ඇළ මාර්ග පහක් තිබුණු අතර එම ඇළ මාර්ග පහ තවත් ඇළ මාර්ග කීපයක් මගින් මුහුදට සම්බන්ධ කොට තිබෙනවා. එසේම නගරයට පිවිසෙන සෑම දොරටුවක් ම ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතුද සංවිධානය කිරීම සිදු වී තිබෙන්නේ පොසයිඩන්ගේ මඟ පෙන්වීම අනුවයි.



    ඇට්ලස්

    05-89.jpg


    ජනප්‍රවාදයේ තවදුරටත් කියවෙන පරිදි පොසයිඩන්ට සහ ක්ලෙයිටෝට නිවුන් දරුවන් දෙදෙනා බැගින් පස් වාරයකදී දරුවන් දස දෙනෙක් ලැබෙනවා. ඉන් වැඩිමලා වූ ඇට්ලස් අත්ලාන්තිසයේ පළමු පාලකයා බවට පත්වෙනවා. ඔහු විසින් සිය පියා වෙනුවෙන් සුවිශාල දේවාලයක් නගරය මැද ගොඩනගන අතර මුහුදු අශ්වයන් විසින් අදිනු ලැබූ රථයකට නැගි පොසයිඩන්ගේ රූපය නිමවා තිබී ඇත්තේ සම්පූර්ණ රත්තරනිනුයි. මේ දේවාලය කෙතරම් විශාලද කිවහොත් එහි වහලය වළාකුළුවල ගෑවුණු බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.



    පිටසක්වල සම්බන්ධය

    06-85.jpg


    අත්ලාන්තිසය පිළිබඳව ගවේෂණය කරන තවත් පිරිසකගේ මතය වන්නේ මෙම නගරය ගොඩනගන ලද්දේ පිටසක්වල ජීවීන් විසින් බවයි. ඔවුන්ට අනුව මෙම ජීවීන් කොටස පෘථිවියට පැමිණ ඇත්තේ මීට වසර පනස් දහසකට පමණ පෙරදීයි. එම කාලයේදී ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර අටසියයක් පමණ වන බව මේ පිරිස විශ්වාස කරනවා. තවත් කොටසකට අනුව අත්ලාන්තිස් පුරවරය පෘථිවිය මත තිබුණු ශිෂ්ටාචාරයක් නොවන අතර එය පිහිටා තිබී ඇත්තේ අඟහරු ලෝකය තුළයි.



    එඩ්ගා කේසිගේ හෙළිදරව් කිරීම

    07-85.jpg


    මෝහනය මගින් අතීතය පිළිබඳව හෙළි කළ එඩ්ගා කේසිට අනුව යළිත් වරක් අත්ලාන්තිසය මෙලොව විරාජමාන වන අතර එහි ජීවත් වුණු වැසියන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්භවය ලබා ඒ යුගයට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවා. කෙසේ නමුත් කේසිගේ මේ අනාවැකිය කෙසේ වේදැයි යන්න අපිට දැන ගැනීමට හැකි වන්නේ අනාගතයේදී පමණයි.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    thank you

    එඩ්ගා කේසිගේ

    විස්තරේ නම් සංසාර මන්දිර පොතේ තියනවා
    කේසි ගාවට ආව ගොඩක් අයගේ කලින් ආත්මේ
    ඔය කියන අත්ලාංතිස්සයට සම්බන්දයි
    පොත කියවපුවම මට ආපු අදහස තමයි

    අපි උපරිමයෙන් ඕනේ නම් අවුරුදු 100ක් ජිවත් වෙයි කියමුකෝ
    ඒ අවුරුදු 100 කියන්නේ කොයි තරම් පොඩි කාලයක් ද කියන එක

    book pdf
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    ත්‍රිකුණාමලේ මුදට හැතැම්ම කීපයක් එහායින් නගරෙක නටබුන් හම්බුනා නේද? මතක විදියට ඉන්දියන් ලංකන් කොලබොරේශන් ප්‍රොජෙක්ට් එකක්.
     
    • Like
    Reactions: Stimulus mind