අත්හරින්නට_ගිවිස_ගත්තෝ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අත්හරින්නට_ගිවිස_ගත්තෝ

    අත්හරින්නට ගිවිස ගත්තෝ සැප සොයද්දී , රජකම් අත්හළ සැප උරුම වූවෝ – හැරී සහ මෙගන්

    සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් මහාබ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ජ්‍යේෂ්ඨ භූමිකාවන් ද්විත්වයක් වූ හැරී කුමරු සහ මෙගන් රාජකීයයන් ලෙස තමන්ට උරුම වූ සියලු වරප්‍රසාද වලට සමුදුන්නෝය.

    prince-harry-duke-of-sussex-and-meghan-duchess-of-sussex-news-photo-1578608285.jpg


    සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් මහාබ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ජ්‍යේෂ්ඨ භූමිකාවන් ද්විත්වයක් වූ හැරී කුමරු සහ මෙගන් රාජකීයයන් ලෙස තමන්ට උරුම වූ සියලු වරප්‍රසාද වලට සමුදුන්නෝය. ඒ අනුව මෙතෙක් පටන් ඔවුන් සිය සියලු මූල්‍ය අවශ්‍යාතා තමන් විසින්ම සපුරා ගනිමින් රජ මාළිගයෙන් වෙන්ව සාමාන්‍යයන් මෙන් ජීවිතයක් ගත කරනු ඇත.

    ඊයේ හවස් යාමයේ ඔවුන් දෙදෙනා විසින් සිය තීරණය සැළ කර සිටියේ කිසිවෙකුගේ උපදෙස් පැතීමකින් හෝ පෙර දැනුවත් කිරීමකින් තොරවයි. සිය අනාගත උරුම කරුවන්ගේ මෙම හදිසි තීරණය කිසිදු රාජකීය සාමාජිකයෙකුගේ ප්‍රශංසාවකට හේතු නොවූ අතර ඔවුන් කම්පනයට පත්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් ඔස්සේ සිය තීරණය සමාජ ගත කළ ඔවුන් මින් ඉදිරියට සිය පුත් ආචී ද සමග මෙගන්ගේ උපන් බිම වන උතුරු ඇමරිකාවේද, හැරීගේ උපන් බිම එංගලන්තයේද ස්වාධීන ජීවිත ගත කරනු ඇත. එංගලන්ත මහ රැජින කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව දෙලොවක් අතර තනි වී සිටියදී අද දින විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙගන් ආදිපාදවරිය කැනඩාව බලා ගිය බවයි.

    ‘‘මාස ගණනාවක් තිස්සේ සිදුවූ සිදුවීම් හි ප්‍රතිඵලයක් ලෙසත්, අභ්‍යන්තර සාකච්ඡාවන් රැසකගෙන් පසුවත් රාජකීය භූමිකාව තුළ ප්‍රගතිශීලි කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් මෙම තීරණය අප ගනු ලැබුවා…‘‘ඔවුන් සිය පණිවිඩයේ එසේ සඳහන් කර ඇත.

    රජ පවුල සහමුලින්ම හැර යනවාද?

    රාජකීය පවුලේ පවුලේ ජ්‍යෝෂ්ඨ සාමාජිකයන් ලෙස සිය වගකීම්වලින් මෙසේ බැහැර වූවත්, හැරී කුමරු පවසා තිබෙන්නේ රාජකීයයන් විසින් ඉටු කළ යුතු වගකීම් සහ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ කළ යුතු රාජකාරි තමන් විසින් තවදුරටත් ඉටු කරන බවයි.

    මෙගන් කුමරිය – රැජිනක් වීමට බැහැ කිව් කැරළිකාර සුරූපිනිය

    හැරී කුමරු සහ මෙගන් අතර පවතින්නේ දැඩි අධ්‍යාත්මික සම්බන්ධයක් බව නොරහසකි. ළාබාල වියේදීම මව් සෙනෙහස අහිමි වූ ඩයනා කුමරියගේ ‘පුංචි පුතා‘ ලෙස හැදී වැඩුණු හැරී කුමරු, කඩවසම් තරුණයෙකු ලෙස සුරූපී තරුණියන්ට නිතැතින්ම ආකර්ෂණය වූ චරිතයකි. ඔහුගේ පෙම්හබ වලින් සුප්‍රසිද්ධ වූ ආදර කතාවක් වූයේ සිම්බාබ්වේ හි ධනවත්ම සුදු ජාතිකයා සහ මුගාබේගේ සුදු ජාතික මිතුරාගේ දියණිය වූ චෙල්සි ඩේවි සමග ලීඩ්ස් හි අධ්‍යාපනය ලබන සමයේ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයයි. නමුත් හැරී කුමරු ඒ සුකුමාල ආදරය අත්හැර දමයි. ඒ වෙනුවට ඔහුගේ හද බැඳ ගන්නේ වරක් දික්කසාද වූ, ළඳ බොළඳ තරුණියක නොවූ, රූපවාහිනී තිරයේ ද නමක් දිනා සිටි, සමාජ ක්‍රියාකාරිනියක ද වූ මෙගන් කුමරිය ය. අවසානයේ කුමරු සුකුමාල යුවතියන් වෙනුවට පොළොවේ පය ගැසූ සුරූපිනියක සිය ජීවන සහකාරිය ලෙස තෝරාගෙන තිබිණි.

    180519132213-52-royal-wedding-kiss-exlarge-169.jpg


    තවත් සිම්ප්සන් ආර්යාවක් නොවූ මෙගන්

    හැරීගේ සීයා වූ අටවැනි එඩ්වඩ් කුමරු ට එදා දික්කසාද කාන්තාවක් වූ වොලී සිම්ප්සන් ආර්යාවට පෙම් කළ වරදට සිහසුන අත්හරින්නට සිදුවූයේය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ හැරී කුමරුටත් ඒ ආනිශංසයම අත්වීමට ඉඩ ඇති බවයි. නමුත් තවත් පොළොවේ පය ගසාගෙන සිටි ලොවම ආදරය කළ සුරූපිනියක වූ හැරී කුමරුගේ මව, සුන්දර ඩයනා කුමරියගේ පවුල් ජීවිතයට අති මහත් බලපෑමක් කර සිටි මහ රැජින මේ ප්‍රශ්නයේදී තිරිංග ගැසුවාය. අවසානයේ බකිංහැම් මාළිගයේ ආශිර්වාදය මැද සිය සිත්ගත් සුරූපිනිය ට මංගල මුදුව පළඳවන්නට කුමරු සමත් විය. දෛවයේ සරදමකට මෙන්, මෙගන් වෙතින් ද බොහෝ විට පළ වූයේ ඩයනා කුමරියගේ හැසිරීම් රටාවයි. ඩයනා කුමරියට මෙන් පෙම්පළහිලව් නොමැති වුවත්, මෙගන් කුමරිය සහ ඩයනා කුමරිය අතර සමානකම් ගැන සිය ගණන් ලිපි පළ වී තිබේ. ඇය සාමාන්‍ය පවුලක ඉපිද, ලෝකයේ දුක් විඳින ජනතාව ගැන සානුකම්පිත වීම එයට ප්‍රධාන හේතුවක් විය.

    දැන්, රජ පවුල සමග වසර එකහමාරක් වාසය කිරීමෙන් පසුව ඔවුන් විසින්ම රජ පවුල අත්හැර යන්නට තීරණය කර ඇති සෙයකි. එදා මෙගන් වෙනුවෙන් මහරැජින දැක්වූ ඉවසිල්ල අද මෙගන් හෝ හැරී තුළ නැත. මෙගන් සහ හැරී ඊට වඩා නිදහස්කාමීන් බවට මීට වඩා සාක්ෂියක් උවමනා නැත.

    එනිසා, රජ පවුලේ සම්ප්‍රදායන් සමග ඉරු නැගෙනු- ඉර බසින හැටි දකිමින් හැරී මෙගන් යුවළ කූඩු වී සිටි කාලය අවසන් ය. මෙගන් උපන් උතුරු ඇමරිකාවේත්, හැරී උපන් එංගලන්තයේත් ඔවුන් මාරුවෙන් මාරුවට මේ ජීවිතයේ ඉතිරි කාලය සැනසිල්ලෙන් සහ සන්තෝසයෙන් යුතුව ගෙවා දැමීමට නියමිත ය.

    ගිහි ගෙය අත් හැර සත්‍යය සොයන්නට ගිවිස ගත් අපේ කාලයේ බොහෝ සංකේතීය ආගමික ප්‍රපංචයෝ අද සොයා යන්නේ මධ්‍යම ප්‍රතිපදාවට එහා ගිය කාම සුඛල්ලිකානු යෝගයයි. නමුත් උපතින්ම සැප උරුම වූවෝ තමන්ගේ මග එයම නොවේ යැයි පිළිගිනිමින් යථාවට මුහුණ දෙන්නට උත්සාහ කිරීමම ප්‍රශංසනීය වේ.


    prince-harry-meghan-markle-royal-wedding-reception.jpg




    කැමති නම් මටත් Rep+ ටිකක් දීගෙන යන්න
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,065
    1
    28,540
    113
    She is nothing but an attention seeking feminist bitch. She doesn't want to behave as per the royal code. I wonder whether this marriage lasts for 5 years.
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    ගිහි ගෙය අත් හැර සත්‍යය සොයන්නට ගිවිස ගත් අපේ කාලයේ බොහෝ සංකේතීය ආගමික ප්‍රපංචයෝ අද සොයා යන්නේ මධ්‍යම ප්‍රතිපදාවට එහා ගිය කාම සුඛල්ලිකානු යෝගයයි. නමුත් උපතින්ම සැප උරුම වූවෝ තමන්ගේ මග එයම නොවේ යැයි පිළිගිනිමින් යථාවට මුහුණ දෙන්නට උත්සාහ කිරීමම ප්‍රශංසනීය වේ.
    :yes::yes::(:(
     
    • Like
    Reactions: Oli_Vili

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපේ එවුන් නම් දුන්ගහලවත් පන්න ගන්න බෑ​

    ඕක අපේ උන් කරානම් උඹලම කියයි අැටෙන්ශන් ගන්න කියලා..සුද්දො නිසා ඔහොම කියනවා..:rofl: