අත් යට කළු වීම අද බොහෝ යුවතියන්ට තිබෙන ගැට&#35

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    අත් යට කළු වීම අද බොහෝ යුවතියන්ට තිබෙන ගැට&#35

    බුකියෙන් තාමය් මේක ඉස්සුවේ,වැදගත් දෙයක් නිසා share කරගන්න හිතුවේ :yes::yes:

    අත් යට කළු වීම අද බොහෝ යුවතියන්ට තිබෙන ගැටළුවක්.:angry::angry:

    9ftr9c.jpg


    අත් නිරාවරණයවන පරිදි ඇඳුමක් ඇඳීමටත් එය බාධාවක්. තමන්ගේ අත යට එනම් කිහිල්ල ප්‍රදේශය එතරම් පැහැපත් නොමැති කම හේතුවෙන් බොහෝ යුවතියන් අත් නිරාවරණයවන ලෙස ඇඳුම් අඳින්න අකමැත්තක් දක්වනවා.


    නමුත් අත් යට කළු පැහැ ගැන්වී ඇත්නම් ඊට හොඳම ප්‍රතිකාරයක් අපට නිවසේදීම ඉතා සරළව කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍යය දේවල් සොයාගැනීමත් ඒ තරම් අපහසු නෑ.
    පිරිසිදු භාජනයක් ගෙන කහ කුඩු තේ හැඳි 1ක් , කඩල පිටි තේහැඳි 3ක්, දෙහි ගෙඩි භාගයක යුෂ, පොල්කිරි තේහැඳි 2ක් සහ යෝගට් තේ හැඳි 2ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය වැඩි දියාරු නොමැති ආලේපකල හැකි පල්පයක් ආකාරයෙන් විය යුතුය.


    අත් යට ප්‍රදේශය හොදින් පිරිසිදුකර මෙම ආලේපනය හොඳින් ආලේප කරන්න. විනාඩි 10ක්-15ක් තබා සෝදා හරින්න. සතියට දෙවතාවක්වත් මෙම ප්‍රතිකාරය කිරීම ඉතා වැදගත් වේ. ඔබ බලාපොරොත්තු නොවූවාටත් වඩා ඉතා ඉක්මනින් ඔබේ අත් යට පැහැපත් වේවි. එක් දිනක් පාවිච්චියෙන් පසු පල්පය ඉතිරි වේ නම් එය ආවරණය කර ශීතකරණයේ තබා නැවත පාවිච්චිකල හැකිය.


    මතක තබා ගත යුතු කරුණු


    1. වෙලඳ දැන්වීම් වලට රැවටී කිසි විටෙක කිහිළි ප්‍රදේශයේ පිළිකා කාරක deodorant-roll on තැවරීමෙන් වළකින්න. අවශ්‍යම නම් පමණක් deodorant body spray එකක් පාවිච්චි කරන්න.


    2.රෝම ඉවත් කිරීමට රේසරය භාවිතා කිරීම හැකි පමණ අවම කරන්න. මෙමගින් කිහිළි ප්‍රදේශයේ සියුම් සම සීරීමෙන් අවපැහැ ගැන්වීම වේගවත් වේ. රෝම ඉවත් කිරීමට ladies trimmer එකක් පාවිච්චි කරන්න.


    3.රේසරය භාවිතා කරන්නේ නම් අනිවාර්යයෙන්ම shaving cream/ gel හොඳින් තැවරීමෙන් පසුව (කිසි විටක සබන් භාවිතයෙන් වලකින්න ) තද කිරීමෙන් තොරව ඉතාම මෘදුව සැහැල්ලුවෙන් රෝම වැවී ඇති දිශාවටම පමණක්, රේසරය ගෙන යන්න.එකම තැන දෙපාරක් රේසරය ඇතිල්ලීමෙන් වලකින්න. සේදීමෙන් පසුව දැවිල්ලක් ඇති වේ නම් සමට හානි වී ඇත.සතියකට දෙවතාවකට වඩා shave කිරීමෙන් වලකින්න.සෑම මසකටම වරක් අලුත් රේසරයක් භාවිතා කරන්න.


    ඔබේ හිතේ හැටියට ලස්සන විලාසිතාවල ඇඳුම් ඇඳීමේ හැකියාව ඉක්මනින්ම ඔබට ලැබේවි.