අතිනත් අල්වා පිළිගැනීම.
පුද්ගලයන් දෙදෙනකු අතර ආචාර සමාචාර පැවැත්වීමේ ක්‍රම විධි රාශියක් මානවයන් අතර ව්‍යාප්තව පවතී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව වැනි රටවල යොදාගන්නා දෙඅත් එකතු කර දක්වන මුද්‍රාවට අමතරව, දෙදෙනා අත් මිට මොළවා එකිනෙකට තට්ටුකිරීම, අත ඉහළට ඔසවා විහිදීම, ජපාන, කොරයානු ක්‍රමයට සිරුර නැවීම ඉන් කිහිපයකි. මේ හැම එකකටම වඩා මුළු ලෝකය පුරාම ජනවර්ග, දේශසීමා කිසිවකින් සීමා නොවූ පැතිර පවත්නා ආචාර විධි ක්‍රමය වන්නේ අතට අත දීමයි.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට තරම් අතීතයකට නෑකම් කියන මෙම ක්‍රමය රෝමන්වරුන් විසින් මුලින්ම යොදා ගන්නා ලද්දේ තමන් හමුවන පුද්ගලයා යම් ආයුධයක් සඟවාගෙන සිටිදැයි සෙවීම සඳහාය. මෙහි දී දෙඅත් පටලවා ගැනීම වෙනුවට තම අතින් අනිකාගේ මැණික් කටුව ආසන්න ස්ථානයක් අල්ලා ගැනීම සිදුකෙරිනි. එමගින් හැඳ සිටින ඇඳුමේ අතට යටින් යම් ආයුධයක් සඟවාගෙන සිටින්නේ ද යන්න සොයාගත හැකි විය.
අතට අත දීමේ වර්ථමාන ක්‍රමය විකාශය වූයේ යම් ගනුදෙනුවක් පිළිබඳ දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කර ගත් බව සනිටුහන් කිරීම සඳහාය. දැන් එය සෑම මුණ ගැසීමක දී මෙන්ම වෙන්ව යාමකදී එකිනෙකාට සුභ පැතීම සඳහා ඉතා පෘථුල ලෙස යොදාගනු ලැබේ. සාමාන්‍ය අතට අත දීමකදී දෙඅත් පස්වරක් පමණ සෙලවීම සිදු කරනු ලැබේ. නමුත් ජර්මන් ජාතිකයෝ තුන්වරක් පමණක් එසේකර තවත් දෙවාරයකට තරම් සරිලන කාලයක් අත් නිශ්ලව තබා ගනිතී.
යම් හමුවක දී අතට අත දීමට තීරණය කිරීමට පෙර දෙවැනි පාර්ශ්වය විසින් ඔබ පිළිගැනීමකට ලක්විණි ද යන්න පිළිබඳ විමසා දැන ගත යුතුය. අවිනිශ්චිත අවස්ථාවක දී අනෙකා තම අත ඔබ වෙත දිගුකරන තෙක් සිටීම වඩාත් යෝග්‍ය වන්නේ මුලින් දිරිපත්වීම අනෙකා වෙත බලපෑමක් ඇතිකිරීමට තැත් කරන බවට හැඟීමක් ඇතිවීමට ඉඩකඩ ඇති නිසාය. කාන්තාවකට අතට අත දීමේ දී ඇතැම් සංස්කෘතීන් තුළ එය නොමනා දෙයක්යැයි යන හැඟීම පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. එවන් අවස්ථාවල දී හිස මදක් සැලීමෙන් ඔබේ සුහදතාව අනෙකාට පළකිරීම වඩාත් සුදුසුය. වර්තමාන පර්යේෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ කාන්තාවන්ට අතට අත දීම සඳහා මුළින් ඉදිරිපත් වන්නේ නම් ඉන් ඇයගේ විවෘත භාවයත් එසේම අනෙකා කෙරෙහි ඇති වූ යහපත් මුල් හැගීමක් පිළිබිඹු වන බවය.
මුල්වරට හමුවන දෙදෙනකු අතට අත දීමේදී දෙදෙනා තුළම තමන්ට අනෙකා යටපත් කර ගත හැකිය යන හැඟීම හෝ ඔහු හෝ ඇය තමන් යටපත් කර ගැනීමට තැත්කරන බවට හැඟීමක් එසේත් නැත්නම් දෙදෙනාම සමතත්ත්වයේ පසුවන බවට යම් සහනදායි හැඟීමක් ඇතිවේ.
මෙම හැඟීම් අප නොදැනුවත්ම අතට අත දීමේ දී අනෙකා වෙත සම්ප්‍රේෂණය වේ. යටපත් කර ගත හැකිය යන හැඟීම ඇතිව අතට අත දීමේ දී තම අත අනෙකාගේ අතට ඉහළින් තබා ගැනීමට උත්සාහ කරනු ලැබේ.
ඔබ වම් අත සිටින්නා අනෙකාව යටපත් කර ගැනීමේ අදහසින් යුත් බැවින් අතට අත දීමේ දී තම අත අනෙකාගේ අතට උඩින් තබාගෙන ඇත. බොහෝවිට නිලයෙන් උසස් අයෙකු අතට අත දීමේ දී මෙම ක්‍රමය භාවිත කරන බව පෙනේ. මෙම ක්‍රමය පිරිමින් තුළ තරම් කාන්තාවන් තුළ දක්නට නොලැබේ. ඔවුහු බොවෝ විට අතට අත දීමේ දී පවා තම ගැහැනු බව ඉස්මතු කරලීමට තැත් කරතී. එහෙත් රාජකාරි හෝ ව්‍යාපාරික කටයුතු වල දී එසේ ගැහැනු බව ප්‍රදර්ශනය කිරීම එම කටයුත්තේ දී තමන් පරාජයට පත්වීමට හේතුවක් වේ. මින් අදහස් වන්නේ එවන් කාන්තාවන් කාන්තා බව ඉස්මතු කරන ඉරියව් හා ඉඟිවලින් තොර විය යුතු බවය. අතට අත දීමේදී අත් දැඩිව ග්‍රහණය කිරීමෙන් දෙවැනි පාර්ශ්වය කෙරෙහි තමන් තුළ පවතින කැමැත්ත නැතහොත් ඔහු හෝ ඇය පළකරන අදහස් වලට ඇති කැමැත්ත ප්‍රදර්ශනය කෙරේ.
තම ආධිපත්‍යය පෙන්වීම සඳහා අතට අත ඉහළින් තබා ගන්නා ලෙසම කෙනෙකුට තම යටහත් පහත් බව පක්ෂපාතී බව පෙන්වීම සඳහා අතට අත දීමේ දී තම අත ඉහළින් උඩු අතට තබාගෙන අනෙකාට වැඩි තැන ගැනීමට අවස්ථාව සලසා දිය හැකිය. මෙම තුන් වැනි රූපයේ ඔබගේ වම් පස සිටින්නා එසේ තම පක්ෂපාතී බව පළ කරන්නෙකු වේ. යම් විටෙක සමාව ඇදීමට අවශ්‍ය විනි නම් මෙම ඉරියව්ව සුදුසු වේ.
නමුත් යමෙකු මෙවැනි ක්‍රමයකට ඔබට අතට අත දෙන්නේ නම් ඒ සඳහා වෙනත් හේතූන්ද තිබිය හැකි බව සිහි තබා ගත යුතුය. තම අත ආරක්ෂාකර ගැනීම සඳහා ප්‍රමේහ රක්තවාත රෝගීන් (ආතරයිටීස්) හෝ චිත්‍ර ශිල්පීන්, ශල්‍ය වෛද්‍ය වරුන් වැනි අයද මෙවන් ආකාරයට අනෙකාට වැඩි ඉඩක් දෙන ආකාරයේ අතට අත දීමකට යොමු විය හැකිය.
දෙදෙනාම අනෙකා මැඩගෙන මතුවීමට තැත් දරන අවස්ථාවකදී සිදුවන්නේ එක අතක් හෝ අනෙක් අතට යට නොවී පවතින ආකාරයට සිරස් පිහිටීමකට අත් දෙකම පත්වීමය. මේ මගින් සටන සම සම වී කෙළවර වේ.
මේ නිසා අතට අත දීමක දී අනෙකා ඔබට යටපත් කර ගැනීමට තැත් කරන්නේ නම් එහි පෙනෙන ආකාරයට එම තැනැත්තාගේ අත හරවා ගැනීම ඔබ විසින් සිකළ යුතු වේ. බොහෝ විට අතට අත දීමේ දී දකුණු පාදය පෙරට තබා ගැනීම සිරිතක් බැවින් එසේ ඔබව යටත් කර ගැනීම සඳහා තම අත පහළට හරවා ඔබ වෙත යොමුකරන්නෙකු වෙතට ඔබගේ වම් පාදය ඉදිරියට තබා ලඟා වන අතරම ඔබේ අතින් නොදැනුවත්ව සිදුවන ආකාරයට අනෙකාගේ අත ඔබට අවශ්‍ය ඉරියව්වට හරවා ගත හැකිය.
අතට අත දීමකදී ඔබව යටපත් කර ගැනීමට තැත්කරන විටෙක ඔබ ඔබගේ දෝතින්ම අනෙකාගේ අත්දෙක අල්ලාගෙන ඔබට අවශ්‍ය පිහිටීමට ඔබගේ අත්ල හරවා ගැනීම කළ හැකිය. හැම විටෙකම පාහේ තම ආධිපත්‍යය පෙන්වීමට උත්සාහ කරන අයෙකු අත දිගුකළ විට එම අත ඔහුගේ මැණික් කටුවෙන් අල්ලා සෙලවීමෙන් ද ඔහුගේ අරමුණ සුන්කර ලීමට ඔබට හැකිවේ.
ඇතැම් අවස්ථා වලදී අනෙකා යටපත් කර ගැනීම අවශ්‍ය වුවත් අතට අත දීමක් යනු හැම විටෙම සුහදතාව පළ කරන ඉරියව්වක් බව මතක තබාගත යුතුය. එහි දී දෙදෙනාගේම අත් ල සිරස්ව තබා ගැනීම ඉතා වැදගත් වේ. එසේම දෙඅත් එකිනෙකට තෙරපීමේ දී එය සමානව සිදුවිය යුතුය. අනෙකා ඔබට වඩා අඩුවෙන් ග්‍රහණය කරන බව දැනෙන විටම එම ග්‍රහණයේ තරමට ඔබ ඔබේ අත බුරුල් කළ යුතුවාක් මෙන්ම අනෙකාගේ ග්‍රහණය දැඩිනම් එයට ගැළපෙන පරිදි ඔබ ද ඔබේ ග්‍රහණය දැඩි කළ යුතුය. කාන්තාවන් අතට අත දීමේ දී පිරිමින්ට වඩා අඩුවෙන් අත් ග්‍රහණය කරන බවද සිහිතබා ගැනීම වටී. මානව පරිණාමයේ දී බර වැඩ සඳහා යෝග්‍ය වන පරිදි සාමාන්‍ය පිරිමියෙකුට නිවුටන් 450ක තරම් තෙරපුමක් අත්ල මඟින් ඇතිකල හැකි වන පරිදි නිර්මාණය වී ඇත.
අතට අත දීම ඔබේ සිතැඟි අනෙකාටත් අනෙකාගේ සිතැඟි ඔබටත් නිහඬව කියා පෑම යොදා ගත හැකි කදිම අවස්ථාවක් බැවින් එය නුවණින් යුතුව මෙහෙයවීම මඟින් සමාජය තුළ සාර්ථක ලෙස හැසිරීමට ඔබට ඉඩකඩ ලැබෙනු ඇත.

මාගේ මුල්ම ලිපිය ඔබ සැමට වැදගත් වූවායැයි සිතමි.
ධනුෂ්ක රත්නායක.
ධනුෂ්ක රත්නායක.