අතින් මලපහ අදින භංගි ජනයා

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අතින් මලපහ අදින භංගි ජනයා

    image_96d6aa58c7.jpg


    භංගි යනු ඉන්දියානු කුලයක් වන අතර ඔවුන් බල්මිකි හෝ වල්මිකි ලෙස හඳුන්වනු ලැබේ. ඉන්දියාව පුරා විසිරී සිටින මෙම
    ජනතාව බෙහෙවින්ම දුගී ජනතාවක් වේ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ නගරය පුරා ඇති මිනිස් මලපහ ඉවත් කිරීමයි.
    මෙම මල ද්‍රව්‍ය අතින් ඉවත් කරන්නන් ලෙස මෙම ජන කොට්ඨාසය හඳුන්වයි.


    ඉන්දියාව තුළ කුලවාදය බෙහෙවින් ඉස්මතුව ඇත. යටත් විජිත සමයේ දී ඔවුන් ගම්වලින් නගරයට​ ගෙන එනු ලැබුවේ මිනිස්
    අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ නගර පිරිසිදු කිරීම සඳහාය. කල්යාමේ දී ඔවුන් පසුව නාගරික ප්‍රජාවක් බවට පත්විය.


    බල්මිකි සාන්තුවරයාගෙන් පොදු සම්භවයක් ඇති බව මොවුහු පවසති. බල්මිකි ශුද්ධ වූ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ
    පළමු සංස්කෘත කවියා සහ කතුවරයා යැයි සැලකේ. මෙම ප්‍රජාව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ හර්යානා පන්ජාබ් දිල්ලි ගුජරාට්
    සහ චන්දි නගාර්හි ජීවත් වෙති.
    වැසිකිළි පිරිසිදු කිරීම මංමාවත් අතුගා දැමීම සහ අපද්‍රව්‍ය නළ කැණීම් කිරීම වැනි වැඩ තුනකට භංගි ජනතාව සීමා කර ඇත.
    කැණීම් කිරීම යනු සමහර විට මියගිය අය ගොඩගැනීම අදහස් කරයි. භංගි පවුලක දරුවෙකු මෙවැනි වැඩක් කිරීමට යොමුවන්නේ
    මුදල් හේතුවෙනි. මෙය ඉතා අපහසු කටයුත්තකි.


    වර්තමාන ඉන්දියාවේ මිනිස් අපද්‍රව්‍ය අතින් ඉවත් කිරීම තහනම් කිරීම ඇතුළු සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමට උත්සාහ කර ඇතත්
    සමහර භංගිවරු තවමත් ඒ ආකාරයේ වැඩ කරමින් සිටින අතර ඔවුහු සමාජයෙන් කොන්වී අන් ජනතාවගේ බොහෝ හිරිහැර
    කිරීම්වලට ලක්ව සිටිති.
    භංගි ජනතාව ඉන්දීය කුල ක්‍රමයේ පහත්ම ස්ථානය හිමිකරගෙන සිටිති. කාලයාගේ ඇවෑමෙන් වැසිකිළි හඳුන්වාදීමත් සමග හිස
    මත මල බකට් රැගෙන යාමේ පුරුද්ද නැති වී ගොස් ඇතත් නගරයේ අපිරිසිදුකමින් අඩක් ගිලී ඇති මලාපවහනවල අවහිරතා
    ඉවත් කිරීම ඔවුහු තවමත් දෑතින් සිදු කරති.
    ඔවුන් සැමවිටම සමාජයෙන් කොන් කර ඇති අතර සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් නෙරපා හරින ලද අය ලෙස සලකනු
    ලැබේ. අතුගාන්නන් වර්තමානයේ සනීපාරක්ෂක සේවකයින් ලෙස හැඳින්වේ.

    image_43f79562b4.jpg



    මා අවුරුදු කිහිපයකට පෙර කළ ඉන්දියානු සංචාරයක දී මාර්ගය දෙපස බිම වාඩිවී සිටි කාන්තාවන් පිරිසක් සමග ඡායාරූපයකට
    පෙනී සිටියෙමි. පසුව මා වෙත පැමිණි මා ගමන් කළ රථයේ සික් ජාතික රියැදුරා පවසා සිටියේ ඔවුන් කුල හීනයන් නිසා නැවත
    එසේ නොකරන ලෙසයි. මොවුන් කුල හීනයන් නිසා දුම්රිය අසුන් මත වාඩිවීම දුම්රිය ස්ථානවල ගැවසීම පවා තහනම්ය.
    එසේ වුවහොත් දරුණු තාඩන පීඩාවන්ට ලක්වෙනු ඇත.

    බොහෝ භංගී ජනයා හින්දු භක්තිකයන් වන අතර ආගමික වත්පිළිවෙත් උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර පවත්වති. සමහර භන්ගිස්වරු
    සමහරක් මුස්ලිම් ජාතිකයන් වන අතර බොහෝ භංගිවරු ශක්තිමත් හින්දු භක්තිකයන් වන ඇතැම් අය වෙනත් ආගම්වලට
    ගොස් ඔවුන් සතුව ඇති සමාජ තත්ත්වයෙන් සිටිති.
    අතින් මලපහ ඉවතලීම ඉන්දියාවේ නීතිවිරෝධීය. 2016 වර්ෂයේ සමාජ ආර්ථික හා කුල සංගණනය ඇස්තමේන්තු කර
    ඇත්තේ ඉන්දියානුවන් 182,000 කට වැඩි පිරිසක් මෙලෙස සේවය කරන අතර මානව හිමිකම් කණ්ඩායම් එම
    සංඛ්‍යාව 770,000 ක් බව පවසති.


    මෙසේ තැනින් තැනට යමින් විශේෂයෙන්ම මිනිස් මල අපද්‍රව්‍ය එකතු කරන්නන් සම්බන්ධව අවධානය යොමු කළ මුම්බායි
    හි Sangh සංවිධානයේ මිලින්ද් රණඩේ පවසන්නේ අතින් කසළ දැමීම කුල පදනම් කරගත් වෘත්තියක් වන අතර එය
    බොහෝදුරට දිලිත් ප්‍රජාවට පමණක් සීමා වී ඇති බවයි. ඉන්දියානු සමාජයේ පහත්ම මට්ටමේ. සනීපාරක්ෂක සේවකයින්
    සමේ හා ශ්වසන ආසාදන, ක්ෂය රෝගය, මැලේරියාව සහ ඩෙංගු වැනි රෝගවලට ගොදුරු වේ.


    අන් අය ඔවුන් ගැන කුමක් සිතුවත් භංගි ජනතාවට වෛද්‍ය සමාජ ආර්ථික හා අධ්‍යාපන අවශ්‍යතා ඇත. මෙම කුල හීනයන්ට
    සමාජයේ කිසිදු පිළිගැනීමක් නැත. ඔවුන් මෙම රැකියාවේ නිරත වන්නේ අපද්‍රව්‍ය සමග සම්බන්ධ වීමෙන් සිදුවන ආසාදනය
    පිළිබඳ නොදැන වන අතර මෙම නිසා ඉතා භයානක ලෙඩ රෝග මෙම කම්කරුවන්ට වැළඳී ඇත. මෙම කම්කරුවන්
    අවු. 40 - 45 වයසේ දී මියයන බව ඉන්දීය වාර්තා පෙන්වා දේ. මෙම රැකියාවේ නිරත වූවන්ට දිනකට එක් නිවසකින්
    රු. 5 - 10ක් ප්‍රමාණයක් ලැබේ. නැතහොත් රොටියක් හෝ දෙකකි. ඔවුහු සමාජතලයෙන් කොන්වී හුදකලා ජීවිතයක් ගතකරති.


    Lankadeepa
     
    • Like
    Reactions: Bart_Allen

    Itsmyfake

    Member
    Dec 12, 2011
    9
    3
    0
    විමලයා, ගම්මන්පිලය, රාජිතයා, රත්තරනා මේ කුලේ වෙන්න ඔ්න...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගූ අදිනවා දැක්කහම මතක් උනේ මේ සිද්ධිය...
    ඔන්න මගෙ හිතවතෙක් ශැංග්‍රීලා එකේ රූම් ෆිටින්ග්ස් කන්ට්‍රැක් වැඩකට ගියා පහුගිය කාලේ.. ඕකේ ෆර්නිචර් හයි කෙරිල්ලට තමා ගියේ.. මිනිහ 21 වෙනි ෆ්ලෝ එකේ වැඩ.. හැබැයි එක අවුලක් තියනවා.. කිසිම ෆ්ලෝ එකක තියන බාතෲම් වලට මුන්ට යන්න තහනම් ගියොත් 10,000 ෆයින්1ක් ගහනව... යනව නම් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ඇවිත් එකේ සවන්ට්ලගෙ එකට යන්න ඕන... මගේ යාලුවට හදිසි බොක බරක් ඇවිත් යන්න සිහියක් තිබිලා නෑ පහලට.. ෆ්ලෝ1 වීඩියෝ කැම් නැති තැනකට ගිහින් මූ කොලෙකට රීල ජනෙලේ ඇරල පහලට විසි කරලා එහෙමම ජනේලෙ වහල.. අඩෝ ගෝල් ෆේස්1 තියන පට්ට හුළගට මේක ගහගෙන ගිහින් ගෝල් රෝඩ් එකට වැටිලා.. පහු ගිය ටිකේ පට්ට හුළන් නේ.. පාර පුරා ගූ ලු.. මූ මට රහ කොර කොර කතාව කිව්ව...
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් හිතුවෙ JVP කාරයො ගැන ආටිකල් එකක්කියලා
     

    Similar threads