අතිවිශේෂ හෙළිදරව්ව!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,161
    12,145
    113
    Ohio, USA
    අතිවිශේෂ හෙළිදරව්ව!

    ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමේ හමුදා ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ මුල්ම කාර්යාලය ඊයේ (04) රාත්‍රියේ පන්නිපිටිය, දෙපානමදී ආරම්භ කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ සැළසුම් කර තිබූ ප්‍රචාරක යාන්ත්‍රණය මුළුමනින්ම බිඳවැටී සිවිල් පුද්ගලයින් යොදා ගනිමින් එය නැවත ස්ථාපනය කළ නොහැකි මට්ටමට පත්ව තිබීමෙන් මෙම නව වැඩපිළිවෙල දියත් කර ඇති බව අනාවරණය වේ.

    මෙම ක්‍රියාන්විතයට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි කලාප හතරකට බෙදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් සහ දැනට සේවයේ යෙදී සිටින මේජර්වරයකු යටතේ ප්‍රධාන වගකිව යුතු සිවිල් පුද්ගලයින් සිව් දෙනෙකුද පත් කර ඇති බව අනාවරණය වේ. විශ්‍රාමික සහ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්හට මැතිවරණ මෙහෙයුම වෙනුවෙන් වෙනමම දුරකතනද ලබා දී ඇති බව අනාවරණය වේ.

    කොළොන්නාව සහ තදාසන්න ප්‍රදේශ කලාප අංක 01 වශයෙන් නම් කර ඇති අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් වසන්ත බණ්ඩාර එයට පත් කර තිබේ. ඔහුගේ සහායට ඩබ්.එම්.ඒ.එස්. සුභාෂ් වීරසිංහ පත්කර ඇති අතර මේජර් ජෙනරාල්වරයාට ලබා දී තිබෙන දුරකතන අංකය 0785214014 වේ. කලාප අංක 02 වශයෙන් කෝට්ටේ සහ තදාසන්න ප්‍රදේශ නම් කර තිබේ. එහි මූලිකයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර පත්කර ඔහුගේ සහායට නිමල් සෝමරත්න නැමැත්තෙකු යොදවා ඇත. මේජර් ජෙනරාල්වරයාල ලබා දී තිබෙන දුරකතන අංකය 0777274014වේ.

    කලාප අංක 03 වශයෙන් මහරගම සහ තදාසන්න ප්‍රදේශ නම්කර තිබේ. එහි මූලිකයා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වන අතර චින්තක සුරංග නැමැත්තෙකු සහායකයා වශයෙන් පත්කර ඇත. මේජර් ජෙනරාල්වරයාගේ දුරකතන අංකය 0773243032 යනුවෙන් සඳහන්ය. දෙහිවල සහ තදාසන්න ප්‍රදේශ කලාප අංක 04 වශයෙන් නම්කර දැනට රාජකාරියේ යෙදී සිටින මේජර් ඩී.එල්. අත්තනායක පත්කර තිබේ. ඔහුට ලබා දී තිබෙන දුරකතන අංකය 0771088405 ය. ඔහුගේ සහායට බී.ඒ. සනත් නැමැත්තෙකු පත්කර තිබේ.

    මෙයට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරට ඉතා හදිසියේ හොර රහසේ ගෙන්වන ලද අති නවීන මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් එය එම ස්ථානයෙන් ඉවත් කළ බව අනාවරණය වේ.



    Code:
    http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12918:2014-12-05-06-12-14&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1517398_1563651827184233_5021764653519566525_n.jpg