අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 05 කොටස
ඉතින් කොහොමද? කාලෙකට පස්සේ. ඔව් මම හිතන්නේ මාස කීපයකට පස්සේ තමයි අතිශයින්ම කාන්තාවන්ට පමණයි ලිපි මාලාවේ අලුත්ම කොටස ඔබට අරගෙන ඉන්නේ. පහුගිය කාලේ මේ ලිපි මාලාව හරහා කාන්තාවන්ට ඉතාම වැදගත්වෙන බොහොමයක් දේවල් කතාවුණ නිසා අලුත් කොටසකින් ඔබ හමුවෙනවා. අද කතා කරන්නෙත් කාන්තා ඔබට, විශේෂයෙන්ම තරුණ සහ මැදිවියේ කාන්තාවන්ට ඉතා වැදගත් මාතෘකාවක්.
අද වෙද්දි යෞවනියන්, තරුණියන් වගේම මැදි වයසේ කාන්තාවන් බොහෝ දෙනෙක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න. ඒ අතරේ තවත් පිරිසක් තමන්ගේ රහසිගත ප්‍රදේශයේ, ඒ කියන්නේ ස්ත්‍රී ලිංගය වටා ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්න කැමැත්තක් දක්වනවා. එයට සාර්ථක සහ දිගු කාලීන ක්‍රම තියන නිසා බොහෝ දෙනෙක්ට මේක සාමාන්‍ය දෙයක් වෙලා.
බොහෝ දෙනෙක් මේ විදිහට රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන්නේ හේතු කීපයක් නිසා. බටහරි රටවල කාන්තාවන් නම් මේ විදිහට කරන්නේ තමන් බිකිනි වගේ ඇඳුම් අඳිනවිට බිකිනි පෑන්ට් එකේ දෙපැත්තෙන් රෝම එළියට ඇවිත් පෙනෙද්දි කැතට පේන නිසා. ලංකාවේ බිකිනි සංස්කෘතිය එතරම් ප්‍රචලිත නැති නිසා කාන්තාවන් බොහෝ දෙනෙක් රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන්නේ ඒක පහසුයි කියලා හිතන නිසා. ඒත් රහස් ප්‍රදේශවල රෝම පැවතීම ඔබ නොහිතන ප්‍රයෝජන සහ අවදානම් අවම කිරීම් ගණනාවකට හේතු වෙනවා. අපි එකින් එක කතා කරමු.
පළමුවෙනි එක තමයි මේ විදිහට ඔබගේ ලිංගික ප්‍රදේශයේ රෝම තිබීම නිසා ආසාදන සිදුවීම පාලනය වෙනවා. බොහෝවිට ආසාදන, කුෂ්ට හෝ දිලීර බැඳීම් සිදුවෙන්නේ මේ ප්‍රදේශයේ තෙතට පැවතුනාමයි. ඒත් රෝම තියෙද්දි බොහෝවිට මේ ප්‍රදේශ ඉක්මණින් වියලෙනවා.
තවත් හේතුවක් තමයි STI හෙවත් ලිංගිකව ආසාදනය වෙන රෝග පැතිරීම පාලනයටත් රහස් ප්‍රදේශයේ රෝම පැවතීම උපකාර කරනවා. ඒ කියන්නේ ඇතැම් සමාජ රෝග නිසා ලිංගික ප්‍රදේශයේ ඇතිවෙන ආසාදන, තුවාල මේ රෝම නිසා සමට ලංවීම සහ පැතිරීම පාලනය කරනවා.
රහස් ප්‍රදේශයේ සංවේදීතාවය අඩුවීමත් රෝම ඉවත් කිරීම එක්ක වෙනවා. මොකද රෝම කියන්නේ ස්පර්ශයෙන් ඉතා ඉක්මණින් සංවේදීතාවය ඇතිවෙන දෙයක්. රෝම ඉවත් කිරීම නිසා රහස් ප්‍රදේශවලට ලිංගිකව එක්වීමේදී වගේම වෙනත් අවදානම් අවස්ථාවකදී ඇතිවිය හැකි සංවේදීතාවය අඩුවෙනවා. ඒ නිසා රෝම තියන කොට මේ සංවේදීතාවය ඉතා හොඳ මට්ටමක තියනවා.
රහස් ප්‍රදේශය සහ ඉකිලි කියන්නේ ඉක්මණින් දහඩිය දාන තැනක්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ. නමුත් රෝම පැවතීම නිසා මේ දහඩිය දැමීම සහ වේගයෙන් දහඩිය උරාගැනීම පාලනය වෙනවා. රෝම ඉවත්කරාම වෙන්නේ දහඩිය ඉතා අධිකව පිටවීම වගේම දෙපා දිගේ බේරීම.
ලිංගිකව ආකර්ශණයේ යම් අඩුවක් ඇතිවීමත් එක් හේතුවක්. බොහෝ කාන්තාවන් හිතනවා රෝම ඉවත්කලාම රහස් ප්‍රදේශ පිරිසිදු සහ ආකර්ශණීය වෙනවා කියලා. නමුත් ඇත්තම කතාව බොහොමයක් පිරිමි පාර්ශවය කැමති රෝම සහිතව තිබීමයි.
ඔන්න මේ වගේ හේතු නිසා රහස් ප්‍රදේශවල රෝම ඉවත් කිරීම නොකළ යුතුයි කියලා මතයක් තියනවා. හැබැයි ඉතින් තීරණය ඔබේ අතේ. ආයෙත් මේ වගේම ලිපියකින් ඉක්මණින්ම හමුවෙමු.
මූලාශ්‍රය - https://her.lk/sex-and-relationship/922-05