අති බිහිසුණු යුද අවියක් ඇමරිකාවේ!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් සොයා ගැනිමි කරන එක බොහොම හොද දෙයක්,මානව වර්ගයාගේ හිතසුව පිනිසම යොදා ගන්නවනමි හොදයි.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    tesla64.jpg



    nikola-tesla-wireless-electricity.jpg


    නිකොලා ටෙස්ලා අපූරු මිනිසෙකි. 1856 වසරේ (වර්තමාන ක්‍රොඒෂියාවේ) ඔස්ට්‍රියානු ජාතියකු ලෙස ඔහු උපත ලබන විට පරිසරය පරිසරයම බිහිසුණු විදුලි ගර්ජනා වලින් දෙදරා ගිය විට විට මෙන්ම ඔහු අවසන් ගමන් යන විටද ඔහුගේ ම විදුලියෙන් දිලියෙන නගරයක් ඔහු වට කර ගෙන සිටියේය.පසු කලෙක අමෙරිකාවේ පුරවැසියකු බවට පත්වූ ටෙස්ලා, ප්‍රේරණ මෝටරය, ප්‍රත්‍යාවර්තක විදුලිය. ටෙස්ලා දගරය, වයර් නොමැති තොරතුරු හුවමාරුව ඇතුළු සොයා ගැනීම් විශාල ගණනකට හිමිකම් කියයි. අද අප භාවිතා කරන ජංගම දුරකථන රූපවාහිනී ගුවන් විදුලි යන්ත්‍ර පරිගණක, විදුලි පංකා විදුලි මෝටර් රථ, අපගේ නිවෙස් ආලෝකමත් කෙරෙන විදුලිය , විදුලි ට්‍රාන්ස් පෝමරය, විදුලි දුම්රිය, විදුලි මීටරය, අකුණු සන්නායක එක්ස් රේ කිරණ, දුරස්ථ පාලකය, යාන්ත්‍රික මිනිසුන් ආදී සොයා ගැනීම් සිය ගණනක පුරෝගාමියා වන්නේ හෝ හිමි කරුවා වන්නේ මේ නිකොලා ටෙස්ලායි. ඔහු නොසිටියේනම් මේ කිසිවක් අද දින වන විට අප භාවිතා කරයි යැයි නිසැකව පැවසිය නොහැක. ඔහු සතුවුනු පේටන්ට් සංඛ්‍යාව දැන ගනීමට ඇවැසි නම් මෙම යොමුවෙන් දැක ගත හැකි වන නමුත් මීට අමතරව පේටන්ට් නොදෙන ලද සොයා ගැනීම් හා නිර්මාණ සංඛ්‍යාවද අතිමහත්ය.
    පෘථිවියේ සිට අනෙක් ග්‍රහලෝක වෙත විදුලි පණිවුඩ නිකුත් කිරීමේ සිහිනය මුලින්ම දුටුවේද නිකොලා ටෙස්ලාය. එසේම තාරකා යුද වැඩ පිළිවෙළ මෙන්ම තරංග මගින් කාලගුණය පාලනය කිරීමට හැකි වන බවද මුලින්ම දන්වා සිටියේ ටෙස්ලායි. සෑම විටම තමන් සිටි කාලයට වඩා ඉදිරියෙන් සිටි ටෙස්ලාගේ සිතිවිලි නිවැරදිව වටහා ගැනීමට හැකි වූයේ එවකට සිටි කිහිප දෙනෙකුට පමණි. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවකු වුණු නිකොලා ටෙස්ලාගේ සාර්ථකත්වයට හේතුව පිළිඹද සමහර කෙනෙක් පවසන්නේ ඔහු සාම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රමයෙන් පිට සිතීමට පුරුදු වීම නිසා බව පැවසේ. 1890 ගණන් වලදී නිව්යෝර්ක් නගරයට පැමිණි යෝගී ස්වාමී විවේකානන්දන් ටෙස්ලා තුළ ඇති කළේ චිත්ත විප්ලවයකි. පුරාණ වෛදික ග්‍රන්ථ හරහා ලෝකය තේරුම් ගැනීමට උත්සාහා ගත් ඔහු පසු කලෙක ලියන ලද බොහෝ ලිපි වල දක්වා තිබුණේ තමුන්ට ආගමක් පිළිගැනීමට සිදුවේ නම් තමුන් පිළිගන්නේ බුදු සමය බවයි. එසේම සමහර නිර්මාණ ඔහු දැක තිබුණේ සිහිනෙනි.
    කම්බි නොමැතිව සංඥා යැවිය හැකි බවද ඒ අනුව ලොව පුරා විහිදුවා හැරිය හැකි රේඩියෝ සංඥා පද්ධතියක් ඉදි කල හැකි බව මුලින්ම පෙන්වූ ටෙස්ලා ඒ සදහා ජේ පී මෝර්ගන් නැමති ආයෝජකයකුගේ සහාය ලබා ගත්තේය. නමුත් ඒ සදහා ප්‍රථම කුලුණ ඉදි වත්ම ගුග්ලිමෝ මාර්කෝනි නැමැත්තකු විසින් එවැනි කුළුණක් මුලින්ම නිර්මාණය කල බව ටෙස්ලාට දැන ගනීඹට ලැබුණි. තමුන්ගේම නිර්මාණය වුවත් රේඩියෝව සොයා ගනීමේ ගෞරවය ටෙස්ලා අතින් ගිලිහෙන්නේ එලෙසිනි. ‍එසේම එක්ස් කිරණ මුලින්ම යොදා ගැනීමේ ගෞරවයත් ටෙස්ලාට හිමිවිය යුතු බව පැවසේ.


    teslalab.jpg


    නමුත් නිකොලා ටෙස්ලාගේ ශ්‍රේෂ්ඨතම සිහිනය වූයේ රැහැන් නොමැති විදුලි මගින් මුලු ලොවටම නොමිලේ විදුලිය ලබා දීමයි. පෘථිවියෙන් පිටත සිටද පෘථිවිය තුලද සැරි සරණ දහස් ගණනක් විද්‍යුත් චුම්බක තරංග පිළිඹදවද අධ්‍යයනය කල ටෙස්ලා එම තරංග යොදා ගනිමින් නොමිලේ විදුලිය ලබා ගැනීමේ උත්සායක් දැරුවේය.ලොව පුරා දුප්පතුන් හා ධනවතුන් වෙනසක් නොබලා බලය බෙදා දීම ඔහුගේ සිහිනය විය. එසේම ටෙස්ලාගේ මෙම සිහිනය සැබෑ වුවහොත් සාගර තරණය කරන නෞකාවේ සිට මෝටර් රථ නිවෙස් හා අහසේ ගමන් කරන ගුවන් යානාද මෙහි ප්‍රයෝජනය නොමිලේ ලබනු ඇත. විද්‍යුත් චුම්බක තරංග විකාශනය කරන ලෙසම මෙසේ කල හැකි බව පෙන්වූ ටෙස්ලා ඔහුගේ විද්‍යාගාරයේ සිට සැතපුම් ගණන් දුර ස්ථාන වල සිට රැහැන් නොමැතිව විදුලි බුබුළු දල්වා පෙන්වීය. ලොව පුරා පිහිටුවන කුලුණු මගින් ලබා පරිසරයේ ඇති ස්වාභාවිත තරංග ශක්තිය ට්‍රාන්ස් පෝමර භාවිතයෙන් වැඩි දියුණු කර අනතුරැව ලොව පුරා බෙදා හැරීමට ඔහුට හැකි වනු ඇත. ඔහුගේ විද්‍යාගාරයට ඉහළින් එසවුණු කුලුණෙන් අහසට සිට නිල්වන් විදුලි ධාරා ඇදී ගිය අතර සැතපුම් ගණන් දුර ප්‍රදේශ වල අහස ගුගුරවමින් කලු වලා වන්ගෙන් වැසී යන්නට විය.
    ගුවන් විදුලි සිහිනය බිද වැීමෙන් අමනාපයට පත් මොර්ගන් ටෙස්ලා තනිකර යාම උත්සහ දරන විට එය වළක්වා ගැනීමට ටෙස්ලා තම සිහිනය වුණු රැහැන් නොමැති විදුලිය ලොව පුරා බෙදා හැරීම පිළිඹදව මොර්ගන්ට දන්වා සිටියේය. ඔවුන් ඉදිකළ කුලුණ පළමුවෙන්ම මේ සදහායාදා ගැනෙනු ඇත. නමුත් කථාන්තර වලට අනුව ජේ පී මෝර්ගන් විමසා සිට ඇත්තේ එකම පැනයකි.
    මීටර් සවි කරන්නේ කොහේද?
    මෝර්ගන් ඉවත්ව යාමත් සමග ටෙස්ලාගේ මෙම නොමිලේ විදුලිය ලබා දීමේ සිහිනය බිද වැටුණි. පසු කලක හමුදා අතින් ‍මෙම කුලුණ විනාශ වුණු අතර ටෙස්ලා ගේ සාමාණාත්වතාවය නැවතත් ලොවට ලබා දීමට කිසිවකු උත්සාකලේ දැයි හෝ කිසිවකු ටෙස්ලා කල පරිදි එය කිරීමට හැකියාවක් ලබා ගත්තේදැයි දැන ගනීමට නොමැත. නමුත් ඒ බිද වැටුණේ ලෝකය වෙනතක හැරවීමට තිබුණු මහා පාලමකි. නමුත් තවත් කතාවකට අනුව තම නිර්මාණයේ ඇති බිහිසුණු පැත්ත ටෙස්ලාම දුටු නිසා එය නවතා දැමූ බවද කියවේ. මන්ද යත් ඕනෑම අවස්ථාවකදී අයන ගෝලයේ සිට ‍වොල්ට් බිලියන දෙකක පමණ විදුලි ධාරවක් පොළවට ඇද දැමීමට එයට හැකියාව තිබුණු බැවිනි. අහස් යානා නෞකා මහා නගර සැණෙකින් අලුවී යනු ඇත. පරමාණු බෝම්බය ඉක්මවා යන බලයක් ඉන් ජනිත වනු ඇත.
    tesla_nikola.jpg

    nikola_tesla.jpg

    nikola-tesla.jpg

    613808-1.gif


    කෙසේ වුවත් 1936 වසරේ ටෙස්ලා වෙතින් ලැබුණේ අමුතුම ආරංචියකි. එනම් ඔහු මාරාන්තික අවියක් නිපදවා ඇති බවයි. “Particle Beam Weapon” ලෙස හැදිණුවුණු මේ මගින් ටෙස්ලා බලාපොරාත්තුව වී ඇත්තේ ලෝක සාමයයි. ඔහු එහි සටහන් වෙන් කර තම රටට සීමා නොකර තවත් රට වලට ලබා දුන්නේ එබැවිනි. එවිට කිසිදු රටකට තවත් රටකින් අනවසරයෙන් ලගා වීමට නොහැකි වනු ඇත. එසේ වුවත් එය වරදවා තේරුම් ගැනීම ටෙස්ලාට ඉතිහාසයේ නියමිත ස්ථානය හිමි නොවීමට හේතුව බවද පැවසේ. මුලින්ම තාරකා යුද වැඩ පිළිවෙළ පිළඹදව මෙසේ සිහින දුටුවේ ටෙස්ලායි.
    ටෙස්ලා විසින් සිදු කරන ලද නිර්මාණ හා සිත්ගන්නා සුලු පර්යේෂණ නිමැවුම් සිය ගණනක් අන්තර් ජාලය තුළින් සොයා ගනීමට හැක. වරක් ටෙස්ලාගේ පර්යේෂණ වලට සහභාගී වුණු ලේඛකයකු වුණු රොබර්ට් අන්ඩර්වුඩ් නැමැත්තා පවසා තිබුණේ මිනිසකු ක්ෂණයකින් මරා දැමීමට සමත් වොල්ට් දහස් ගණනක විදුලිය ඔහුගේ පර්යේෂණා ගාරය තුළදී තම සිරුර හරහා ගිය බවත්, මෙම විදුලිය කිසිදු හානියකින් සිදු නොකරන බවත් ඔහු පවසා තිබුණි.
    අතිශයින් නිර්මාණශීලී වෙනස් ලෙස සිතන්නකු වූ ටෙස්ලාගේ ‍සමහර පර්යේෂණ අද දක්වාත් ලොව පුරා සිදු වනු ඇත. නොබෙල් ත්‍යාග දහසක් ලබා දිය යුතු වුවත් එකදු නොබෙල් ත්‍යාගයවත් නොලබා අවසන් කාලයේ වැඩි මුදලකටවත් හිමි කම් නොකිවූ ටෙස්ලාගේ කතාව එසේ අවසන් වුවත් 1979 වර්ෂයේ ටෙස්ලාගේ පර්යේෂණ ප්‍රතිනිර්මාණය කරමින් සිදු කල ජෝන් හචිසන් නැමැත්තාට අත් දකින්නට වූයේ අමුතුම සිදු වීමකටයි. ටෙස්ලා දගර ගණනාවක්, ස්ථිති විද්‍යුත් යන්ත්‍රයක්, වැන් ඩී ග්‍රාප් ජනකයක් සමග පර්යේෂණ කල හචිසන් අක්‍රමවත් විද්‍යුත් චුම්බක ශක්තිය නිසා තම පර්යේෂණා ගාරය තුළදී ප්‍රතිගුරුත්වය, ලෝහ ජෙලි මෙන් මෘදු වීම. ලෝහ හා ලී වැනි ප්‍රති විරුද්ධ මාධ්‍ය එකිනෙක හා කිරීම වැනි අද්භූත කරුණු ගණනවාක් විටින් විට යම් යම් අවස්ථාවල සිදුවනු අධ්‍යයන කළේය. නමුත් මෙය නැවත නැවත සිදු කිරීමට අපොහොසත් වුණු ඔහු අවසානයේ මෙවැනි සිදුවීම් වීඩියෝ පටි ගත කර අමෙරිකානු ආරක්ෂණ අංශ වලටද පෙන්වා ඇති මුත් නැවතත් සිදු කිරීමට අපහසු වීම නිසා ඒ පිළිඹදව කිසිදු අවධානයක් ලබා ගැනීමට සමත් වී නොමැත.
    JohnHutchison1.jpg




    The Hutchison Effect
    John Hutchison describes the Hutchison Effect


    හචිසන් විසින් සිදු කරන සම්මුඛ සාකච්ඡා බොහෝමයක් අන්තර් ජාලය තුළ දැක ගනීමට හැකි අතර ඔහු විසින් වීඩියෝ ගත කල බව පැවසෙන අද්භූත වීඩියෝ දර්ශන කිහිපයක් ඉහත වීඩියෝ තුළින් දැක ගනීමට හැක. නමුත් හචිසන් බොරු කාරයකු බවට කෙරෙන චෝදනා ප්‍රමාණය වැඩිය. මෙය වැඩි දියුණු වීමට ප්‍රධාන හේතුවක් වූයේ වරක් ඔහු විසින් ඉදිරිපත් කල වීඩියෝවක ඉහළින් එල්ලන ලද කම්බි කැබැල්ලක් දැක ගනීමට ලැබීමයි. පසුව එය පිළිගත් ඔහු විසින් පවසා තිබුණේ එය සත්‍යයක් බවත් හදිස්සියේ සිදුවන එම සිදුවීම් නැවත ප්‍රති නිර්මාණය කිරීමට නොහැකි නිසා එවැනි දෙයක් සිදු කල බවත්ය ඒ හැරුණු කොට තමුත් අත්දුටු දේ සත්‍ය බව ඔහු පවසයි. මෙම සිදුවීම් හචිසන් සිදුවීම (HUTCHISON EFFECT) ලෙස ප්‍රචලිතය. ඔහු නිවැරදි නම් සමහර විට නිකොලා ටෙස්ලා වැනි වෙනස් චින්තකයකුට එවැන්නක් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනු ඇත. සමහර විට විද්‍යුතය කාන්දම් බලය ආදිය පිළිඹද අද විද්‍යාවේ නිර්වචන නිවැරදි නොවනවා වන්නටද ඇත.
    DSC04651_ss.jpg




    source :www.sinhalabuddhist.com
    crazy stuff yo .hay r u a fan of marvel comics ?
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි