අතීතයේදී පිටිසක්වල ජීවීන් පෘථිවියේ ඇතැම&
පිටසක් වල ජීවීන් හා පෘථිවියේ ඉදිකිරීම් හා සම්බන්ධ කතිකාවතේදී ලැබෙන හොදම සාක්‍ෂියක් නම් ලෝකය පුරා විසිරී ඇති පිරමීඩ සමූහයයි. බොහෝදෙනාට පිරමීඩ කිවු සැනින් මිසරය නැතහොත් දැන් හදුන්වන ඊජිප්තුව මතකයට නැගුනත් සැබැවින්ම සංඛ්‍යාත්මක අතින් පිරමීඩ වල අයිතිකරුවන් වීමේ ගරුත්වය ලැබෙන්නේ දකුණු ඇමරිකානුවන්ටය. දකුණු ඇමරිකානු මහද්වීපය පුරා විසිරී සිටි ඉපැරණි ජනවර්ග විසින් තනනු ලැබුවායැයි කියනා
මෙක්සිකෝවේ Teotihuacan හි ඇති සුවිශාල හා ඉපැරණි Sun සහ Moon Pyramid යුගලය ඇතුළුව පිරමීඩ 10,000 කට අධික ප්‍රමාණයක් මෙම මහද්වීපය පුරා විසිරී තිබෙන බව පැවසිය යුතුය. නිදසුනක් ලෙස ගෝතමාලවේ ටිකාල් ප්‍රදේශයේ පමණක් පිරමීඩ 80 ක් පමණ තිබෙන බව පැවසේ.
මෙහි ඇති ප්‍රධානම කාරණය වනුයේ මෙම පිරමීඩ බහුතරයක් ඇතැම් විට ලෝකයේ එකිනෙකට ඉතාම විශාල ලෙස දුර බැහැරව තිබියදී එක සමාන ගති ලක්‍ෂන වලින් සමන්විත වීම මෙන්ම එදා තිබූ තාක්‍ෂනික හැකියාවන්ට අනුව සියුම්ව නිර්මාණ කිරීම හා ඒවායේ ප්‍රධාන ගොඩනැගීම් ඒකකය වන සුවිශාල ගල් කුට්ටි හෝ පසුව මෙම ලිපියේදීද පැවසෙන බොස්නියාවේ Visoko හි සැගව ඇති සුවිශාල පිරමීඩයේ කොන්ක්‍රීට් කුට්ටි කෙසේ එසවූවාදැයි අදහා ගත නොහැකි බවයි.
උදාහරණයක් ලෙස ගතහොත් වසර 4500 ක් පමණ පැරණි හා එවකට මිනිසා විසින් නිර්මාණය කරනා ලද උසම ගොඩනැගිල්ල සේ සලකන ගීසාහි මහා පිරමීඩ අක්කර 13 ක වපසරියක විහිදී පිහිටා තිබෙන අතර එහි විශාලතමයා වන Khufu පිරමීඩයේ උස අඩි 455 කි. එහෙත් අතීතයේ මෙය උසින් අඩි 481 ක් පමණ වන්නට ඇතැයි සැලකෙන අතර ගල් කුට්ටි මිලියන 2.5 ක් යොදා ගෙන තිබෙන අතර මෙම ගල්කුට්ටි වල මුළු බර පමණක් ටොන් මිලියන 6 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. යොදා ගන්නා ලද ගල් කුට්ටි අතුරෙන් බරම ගල් කුට්ටිය පමණක් ටොන් 70 ක පමණ බරකින් යුතුවූ බව පැවසේ.
තවද මෙම ගල් කුට්ටි එම වැඩබිම අසලිනම් සොයා ගත් ඒවා නොව එයින් සැතපුම් 500 ක පමණ දුර බැහැර සිට රැගෙන එනූ ලැබූ බවද පැවසේනම් මෙතරම් බරසාර ගල් කුට්ටි එසවීම පැටවීම බෑම හා නැවත ඔසවා පිරමීඩයේ ස්ථාන ගත කිරීම කෙසේ සිදුවූවාදැයි අනුමානයන් මිස සැබෑ ලෙසම පැවසිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. එසේම මිසර මෙන්ම මායා ගෝත්‍ර වල පුරා වෘත වල ඇති සමාන කමද මේවා මිනිසුන් විසින් තැනූවක් නොව මිනිසුන් හා එකතුව වැඩි දායකත්වය පිටින් පැමිණි ජීවින් විශේෂයක් විසින් තැනූ බවට පළ වන මතතයි. එනම් මෙම ගෝත්‍ර දෙකේම පැරණි පුරාවෘත වල පවසන මිහිපිටට අහසින් දෙවියන් පැමිණ මෙම දේවල් තනා නැවත ගිය බව හා නැවත යන විට එම දැනුමද රැගෙන ගිය බවයි. එමෙන්ම ඇතැම් අය පළ කරන මතය වන මිනිසුන් විසින් මේවා තැනුවේ නම් සැලසමු කෙටුම් පත් හෙවත් Blue print ආදියේ අඩුම තරමින් කුඩා කොටසක් හෝ සොයා ගැනීමට නොහැකිව තිබෙන්නේ මන්ද යන පැනයයි. මෙවන් නිර්මාණයන් හිතේ තබාගෙන පමණක් නිර්මණය සම්පූර්ණ කිරීමට නොහැකි බව පවසන අතර සැලසුම් ඇදීම්, ඒවා අධ්‍යයනය කුමන යුගයක ඉදිකළත් අත්‍යාවශ්‍ය බව එම ප්‍රශ්නය අසන්නන්ගේ මතය වේ. එසේම මේවා ඉදිකළේ මියගිය රජවරුන්ගේ දේහ තැන්පත් කිරීමට යයි සාමාන්‍යයෙන් පැවසුනත් ඇතැම් විට නිදන් හොරුන් විසින් පැහැර ගෙන ගිය ලදුව හෝ අස්ථාන ගතව තිබෙන්නට ඉඩ ඇතත් බොහෝමයක් රජවරුන්ගේ හෝ වෙනයම් අයෙකුගේ දේහ තැන්පත්ව නොතිබූ බවද ප්‍රකාශ වේ.
කිහිපවිටක්ම මෙම ලිපියේ පවා පැවසූ පරිදි එකම නිර්මාණයේ හැඩයට ප්‍රමාණයට ආසන්නතා ඇති නිර්මාණ ලෝකයේ විවිද ප්‍රදේශ වල හමුවීමද තවත් ගැටළු ඇති කරන්නකි. උදාහරණ කිහිපියක්ම පවසන්නනේ නම් ගීසාහි පිරමීඩ වලට හැඩයෙන් ප්‍රමාණයෙන් ඉතා ආසන්න බවක් ගන්නා එහෙත් බාහිර ලෝකය මෑතක් වන තුරු කදු ගැට ලෙස සලකණු ලැබූ පිරමීඩ ඉතාලියේ මිලාන්හි Montevecchia හිදී සොයා ගැනීමයි.
බැලූ බැල්මට සොබාදහමේ නිර්මාණයක් ලෙස පෙනුනත් මේවා පිළිබදව ගවේෂනය කර ඇති උදවිය පවසන්නේ මේ තිබෙන්නේ පස්වලින් යටවී ඇති මිනිසුන් හෝ වෙනයම් ජීවි විශේෂයක් තනනා ලද පිරමීඩ බව හා ආසන්නයට ගිය විට සුවිශාල ගොඩනැගිල්ලක සාක්‍ෂි හමුවන බවයි.
තවද ඔරායන් තරු රාශියට අනුකූල වන ලෙස ගීසාහි පිරමීඩ මෙන්ම දකුණු ඇමරිකානු Sun සහ Moon pyramids පිහිටා තිබීමද සුවිශේෂ සමානකමකි.
මෙවන් සැඟව ඇති තවත් පිරමීඩයක තොරතුරු 2005 දී බොස්නියාවෙන්ද හමුවිය. මෙයද කාලයක් පුරා මිනිසුන් දැක්කේ කදුගැටයක් ලෙසිනි. බොස්නියාවේ අගනුවර වන සරෙයිවෝ නගරයෙන් සැතපුම් 25 ක් වයඹ දෙසට වන්නට පිහිටා ඇති Visoko ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානය පිරමිඩයක හැඩය හා ඒවාට ආවේණික ගති ලක්‍ෂන වලින්ද යුතුවන බව විද්‍යාඥ මතයයි. එපමණක් නොව මේවා ගවේෂනයට ගිය පිරිසට හමුවුයේ ඇත්තෙන්ම කදු ගැටයක් නොව මානව හෝ වෙනයම් පිරිසකගේ මැදිහත් වීමකින් සිදුවූ ඉදිකිරීමක නෂ්ඨාවශේෂයි.
මෙහි මාවත් ගල් පතුරු ආධාරයෙන් තනා තිබෙන අතර මේවායේ ගල් අතර බැදීම ඇති කිරීමට භාවිතා කළ බදාමයේ කාලය නිර්ණය කළ විට ඒවා වසර 12,500 ක් පමණ පැරණි බවද තහවුරු විය. කෙසේවෙතත් ආරක්‍ෂක හේතු හෝ රාජ්‍ය රහස් වශයෙන් හෝ වෙනයම් හේතුවක් මත මෙම පිරමීඩයේ තොරතුරු එතරම් බාහිර ලෝකයට නිරාවරණය විමට ඉඩක් නොලැබී තිබෙන නිසා නිශ්චිතව පැවසීමට නොහැකි අතර සැබැවින්ම ගතහොත් ඉතිහාසය නැවත ලිවීමට පවා මෙම නිර්මාණය හේතුවිය හැකි බවයි. මන්ද මෙතරම් කාලයක් ලෝකයේ පැරණිම හා එවකට මිනිසා විසින් ඉදි කළ ගොඩනැගිල්ලේ ගරුත්වය ගීසාහි පිරමීඩය සතුකරගෙන තිබුනත් මෙහි වයස මෙන්ම සුවිශාලත්වයද විශාලය. එනම් උස අඩි 722 කි.
http://www.the-savoisien.com/wawa-conspi/viewtopic.php?id=1217
http://en.wikipedia.org/wiki/Bosnian_pyramids
තවත් කාරණයක් නම් මෙම පිරමීඩය නිර්මාණයට ගල් කුට්ටි වලට අමතරව නිර්මාණයක කරනා ලද කොන්ක්‍රීට් කුට්ටිද භාවිතා කර තිබීමයි.
මෙම නිර්මාණය සදහා යොදා ගත් කොන්ක්‍රීට් කුට්ටි වල මුළු බරම පමණක් ටොන් මිලියන 80 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
මෙසේ ලෝකයෙන් වසන් වී ඇති තවත් සුවිශාල පිරමීඩ ඇති ස්ථානයක් ලෙස සැලකෙන ස්ථානයකි චීනයේ Shoanxi පළාතේ ඇති පිරමීඩ. මෙම ප්‍රදේශයේ මෙවන් ස්ථාන 37 ක් පමණ තිබෙන බව පැවසෙන අතර ඇමරිකානු ගුවන් නියමවුවෙකු විසින් 1945 දී දකිනා ලදුව මුලින්ම Newyork Times පුවත්පතින් හෙළිදරව් කරනා ලදි.
කෙසේවෙතත් ඉතා දැඩි සේ තම රටේ රහස් රකිනා චීන රජය 70 දශකයේ පටන් විවිද බාදකද මෙම ප්‍රදේශයට පිවිසීමට නොහැකි සේ පිහිටුවා තිබෙන අතර ඔවුන් සෑම විටකම මෙවා ස්වභාවික කදු සේ හැඟවෙන ආකාරයට හැසිරෙන අතර තවමත් හරිහැටි හදුනාගැනීමේ හැකියාවක් ලබා දී නොමැත. කොහොමනමුත් අතීත චීන අධිරාජ්‍යයන්ගේ වාර්තාවල අහසින් මිනිසුන් පැමිණි බවට තොරතුරු සටහන් කර ඇත. එසේ නම් මෙම අද්භූත කදුගැට එලෙස පැමිණෙන අමුත්තන්ගේ පැමිණීමේ හා පිටවීමේ ස්ථානද?
එදා දිස්වූ ආකාරය
දැන් විවිද බාදක යොදා තිබේ
බාහිර පෙනුමේ ඇති ආසන්නතම සමාන කම්වලට මේවාද හොද උදාහරණයි. එකම් මෙම කාම්බෝජයේ හින්දු සම්භව්‍ය ඇති දේවාලය හා ටිකාල් හි මායා දේවස්ථානයද එකවගේමයි.
එසේම ඉන්දුනීසියාවේ ජාවා පළාත් ආශ්‍රිතව පිහිටා ඇති Candi Sukh හින්දු දේවොල් හා මැක්සිකෝවේ යුකටාන් පළාතේ පිහිටා ඇති Chichen Itza පිරමිඩාකාර දේවස්ථානයද සමානත්වයක් උසුලයි.
මේවා එකම පිරිසක් විසින් තනන ලද ඒවාද?
http://en.wikipedia.org/wiki/Chichen_Itza
http://en.wikipedia.org/wiki/Sukuh
http://solo.yogyes.com/en/see-and-do/archaeological-sight/candi-sukuh/
පිරමීඩ පමණක් නොව කිසිසේත්ම ලිහා ගැනීමට නොහැකිව පවතින "නූල් බෝලයක්" බොලිවියාවේ ලෝපාස් නගරයට සැතපුම් 45 ක් බටහිරින්, අන්දීස් කදුකරයෙන් හමුවේ.
මුහුදු මට්ටමෙන් අඩි 12,800 ක් උසින් පිහිටි මෙම ස්ථානය ලෝක පූජිතව ඇත්තේ Puma Punku ලෙසටයි. මෙම ස්ථානය කිසිසේත්ම මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව අහසින් පැමිණි අමුත්තන් පිරිසක් විසින් එකරැයකින් තැනූ බවට අතීතයේ පමණක් නොව වර්ථමානයේ පවා ගෝත්‍රිකයන් පමණක් නොව බහුතරයක් විද්‍යාඥයන් පවා පවසන ස්ථානයකි. මෙහි ඇති විශේෂත්ව නම් සුවිශාල මෙගාලිතික ගල්කුට්ටි නොව ඒවා කොටස් කිරීම, ඒවායේ සුමට මතුපිටවල් ඇති නිර්මාණය, සමාන කෝණ වලින් යුතු ස්ථාන, සමාන දුරකින් යුතු සිදුරු ආදිය කෙසේවත් එදා මිහිපිට තිබූ තාක්‍ෂනයෙන් කළ නොහැකි බවට විද්‍යාඥවක් "පොළවේ පස් කා" පැවසීමයි. එතරම් ඒවා විශිෂ්ඨය.
එක සමාන දුරකින් සියුම් ලෙස කර ඇති සිදුරු
අතිශයින්ම සුමට මතුපිට
මෙම ගල් තඩි සියුම් ලෙස කොටස් කිරීම හා මේසයක මතුපිට මෙන් ඒවායේ සුමට මතුපිට මැදීමට අද තිබෙනා ලේසර් තාක්‍ෂනයෙන් පවා නොහැකි බව සාක්‍ෂි සමගම ඔප්පු කර පෙන්වන අතර ආසන්න වශයෙන් හෝ සමාන කැපුම් සුමට කිරීම කළ හැක්කේ Diamond cut තාක්‍ෂනය ඔස්සේ පමණක් බව පෙන්වයි.
ඇතැම් පාශන වල හමුවන එක හා සමාන දුරකින් යුතු හා සියුම් බවෙන් යුතු සිදුරු නූතන විදුලි බලවේග මෙවලමකින් මිස එදා ආදි කල්පිත ගෝත්‍රිකයන්ගේ Tool වලින් සිදු කළ නොහැකි බව අතීතකාමයට ප්‍රියතාවය දක්වන්නන්ට අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදුවන බවද පැවසේ.
http://en.wikipedia.org/wiki/Pumapunku
එසේම මීට වසර 2000 කට පමණ පෙර තැනූවක් ලෙස සලකන මෙහි විසිරී ඇති ගල් කුට්ටි වලින් විශාලතමයා අඩි 26 ක් දිගය. බර පමණක් ටොන් 100 කි. අනෙක් කාරණය නම් මෙම ගල් විශේෂය අවටින් සොයා ගැනීමටනොහැකිවා පමණක් නොව ඒවා මීට සැතපුම් 60 ක පමණ දුර බැහැර සිටි රැගෙන මෙම කදුකරයට රැගෙන ආයුතු වීම හා මෙම උක්ත ප්‍රදේශ පුරා විශාල ගස් නොවැවෙන නිසා එදා ක්‍රමයට අනුව ලී කොටන් මතින් තල්ලු කරගෙන ඒමට ශක්‍යතාවයක්ද නැති බව විද්‍යාඥයන් පවසයි. එසේනම් මෙම සුවිශාල දැවැන්ත ගල් තඩි රැගෙන විත් ඒවා කපා ඔපමට්ටම් කර නිසි ලෙස ස්ථාන ගත කළේ කවුරුන්ද? ඒ කෙසේද? මෙතරම් බරකින් යුතු සුවිශාල පදාර්ථයක් එසවීම හිතා ගන්නටත් බැරි කාරණයකි එදා.
තවත් අපුරූ ස්ථානයක් මෙම ස්ථානයෙන් සැතපුම් භාගයක් ඊසාන දිගට වන්නට හමුවේ. මෙම ස්ථානය හදුන්වනු ලබන්නේ Tiwanaku ලෙසිනි. කලින් පැවසූ Puma Punku සහ මෙම ස්ථාන දෙකම ඉදිකර ඇත්තේ එකම කාල වකවානුවේ බව නූතන විද්‍යානුකූල ක්‍රම වලින්ද සොයා ගෙන තිබේ. එහෙත් ඉදිකිරීම් දෙකම සිදුකර ඇත්තේ එකම අය විසින් නොව පිරිස් දෙකක් විසිනි. අනෙක නම් Puma Punku හි තිබූ තරම් තාක්‍ෂිනික විජ්ජාවක් මෙහි හමු නොවන බවයි. එසේනම් මෙම දෙවන ඉදිකිරීම කරනු ලැබුවේ කවුද? වෙනකවුරුවත් නොව අප විසිනි. තේරෙන බසින් කියනවා නම් මිනිසුන් විසිනි.
එහෙත් Puma Punku යනු කවර කටයුත්තක් අරඹයා ඉදිකරනු හෝ පවත්වාගෙන යනු ලැබූ ස්ථානයක් බව කාටවත් කීමට නොහැකි මුත් මෙම ස්ථානය නම් කුමක් සදහා ඉදිකරනු ලැබුවේද යන්න ගැටළුවක් නොවේ. සැබැවින්ම මෙම ස්ථානය දෙවියන් ඇදහීමට භාවිතා කළ ආගමික් ස්ථානයකි. එහෙත් නූතන විද්‍යාඥයන් මෙම ස්ථානය නිකම්ම නිකම් ආගමික ස්ථානයක් ලෙස සැලකීමට කැමැත්තක් නොමැත. ඔවුන්ගේ මතය අනුව මෙම ස්ථානය පිටසක්වල ජීවින් මෙලොවට ගොඩ බට ස්ථානයකි. මෙය ඒ සදහා ඔවුන්ට පහසුවන පිණිස ඉදිකරනු ලද්දකි.
http://en.wikipedia.org/wiki/Tiwanaku
http://www.jqjacobs.net/andes/tiwanaku.html
කොහොමනමුත් ක්‍රි.ව. 11 වන විට අභිරහස් ලෙස ජනශුන්‍යව අතහැර දමනු ලැබූ මෙම ස්ථානයේ ඇති ඉදිකිරිම් හා කැටයම්ද කුතුහලය දනවන්නකි. මෙහි බිත්තියේ නෙරා ඇති සේ ඇඹු මිනිස් හිස් අතර නූතනයේ ජනප්‍රිය alien මුහුණු තිබීමෙන් මෙම ස්ථානයට පැමිණෙන පිටසක්වල ජීවින් පිළිබදව සත්‍ය ලෙසම මිනිසුන් දැන සිටි බවට සාක්‍ෂියක්ද?
බිත්තියේ ඇති පිටතට නෙරන ලෙස සැකසූ මුහුණු
පිටසක්වල ජීවියෙකුගේ වැනි මුහුණක්
එසේම මෙහි ඇති ඉදිකිරීම් පිළිබදව වන්දනාමාන කරනා දෙවියාට උඩුරැවුල් යටිරැවුල් තිබීමද උභතෝකෝටික ගැටළුවකි. මන්ද ආදි දකුණු ඇමරිකානු ගෝත්‍රිකයන් උඩුරැවුල් හෝ යටි රැවුල් වැවීම සිදුනොකළ බැවිනි. එහෙත් මෙම පිළිරූවලට සමාන රූප ඇත්තන් සුමේරියන්වරුන්ගේ පිළිරූ වලින් හමුවේ.
ක්‍රි.පූ. 5300 සිට ක්‍රි.පූ. 2000 දක්වා වාසය කළ බව පැවසෙන අතර ඔවුන් ජීවත්වූ ප්‍රදේශය හා බොලිවියාවේ මෙම ප්‍රදේශය අතර දුර ප්‍රමාණය සැතපුම් 8000 කට වඩා වැඩි බවද පැවසේ. මෙතරම් දුරකතරක් ගෙවා බොලිවියාවේ ආදි ඉන්දියානුවන් සුමේරියන්වරුවෙත ගොස් ගොඩනැගිල ඉදිකිරීමේ ශාස්ත්‍රය උගත්තේද? එසේ ඉගෙන පැමිණ මෙම tiwanaku වැනි ඉදිකිරීම් සිදුකළාද? එසේත් නැතහොත් සුමේරියවරු මෙහි පැමිණ ඉදිකිරීම සිදුකළාද? එසේත් නැතහොත් ඉදිකිරීම් දෙවියා ලෙස පිටසක්වල ජීවියෙකු වෙනුවෙන් සැලකිලි දැක්වූවාද?
ඉදිකිරීම් දෙයියා
සුමේරියන් පිළිරුවක්
සුමේරියන්වරු සිටියේ බොලිවියාවේ සිට මෙතරම් දුරකිනි
http://www.newworldencyclopedia.org/entry/Sumerian_Civilization
කොහොමනමුත් පුරාවිද්‍යාඥයන් පිටසක්වල ජීවීන් හා සම්බන්ධ මාතෘකා අතර සම්බන්ධතාවයක් නැත. ඒ නිසා මෙම ද්විත්ව ඉදිකිරීම්වලම ගරුත්වය ඔවුන් විසින් ලබාදෙන්නේ එදා බොලිවියාව, චිලි වැනි රටවල ජීවත්වූ Aymara නම් දකුනු ඇමරිකානු ගෝත්‍රය වෙතයි. එහෙත් පිටසක්වල ජීවින් හා සම්බන්ධ විද්‍යාඥයන් එලෙස නිකම්ම ඒ ගරුත්වය මෙම ඉන්දියානු ගෝත්‍රිකයන් වෙත ලබාදීමට සූදානමක් නොමැත. එයට හේතුව tiwanaku කෙසේවෙතත් Puma Punku හි ඇති සුවිශේෂී ගල් කැටයම්, පිරිද්දීම හා නිර්මාණ කටයුතු ආදිය සැලසුම් පිළියෙල කිරීම, ඒවා ලේඛණ ගත කිරීම ආදිය පවත්වාගෙන යමින් කළ යුතු කාර්යයකි. එහෙත් මෙම Aymara ගෝත්‍රිකයන් යනු එදා මළපොතේ අකුරක්වත් නොදැන සිටි ගෝත්‍රිකයන් පිරිසක් ලෙස සලකන නිසා ඔවුන් වැනි "මැට්ටන්" කෙසේනම් එයට වසර දෙදහස් ගණනක තාක්‍ෂනයට පවා ඇතැම් විට යානොවෙන ඉදිකිරීමක් කරනනේදැයි? ඔවුන් ප්‍රශ්න කරති.
http://web.mesacc.edu/dept/d10/asb/anthro2003/archy/aymara/aymara.html
http://en.wikipedia.org/wiki/Aymara_people
කෙසේවෙතත් tiwanaku යන ස්ථානයට වඩා Puma Punku යනු වර්ථමානයේ නම් යකා නැටූ කම්මලක් වැනිය. එහි ඇති දැවැන්ත පාශාන කුට්ටි සිසීකඩා විසිරී ඇත්තේ සුනාමියකට අසුවූ සෙයියාවකිනි. ඇතැම් ඒවායේ නිකම්ම පස් නොව මඩ තැන්පත්ව ඇති ආකාරය නිසා මෙම ස්ථානයට කඩා වැදුන දැවැන්ත රළ පහරකින් මෙම ස්ථානය විනාශව යන්නට ඇති බව ඇතමෙකු පවසයි. තවත් අයෙක් පවසන්නේ ලොකු භූමිකම්පාවකට හසුව "Lego" කැබලි මෙන් තැන තැන විසිරෙන්නට ඇති බවයි. තවකෙකු දැවැන්ත උල්කාපාතයක් කඩා වැදීමෙන් මෙම ගල් නන්නත්තාරවන්නට හේතුවන්නට ඇතැයි පවසන අතර තවකෙකු අපගේ අහිංසක ලෝකය පිටසක්වල ජීවින් දෙකොට්ඨාශයකගේ යුදපිටියක් බවට මෙම ස්ථානය පරිවර්ථනය කර ගත් නිසා ඔවුන් භාවිතා කළ බර අවි වලින් මෙම ගල් තැන තැන විසිරෙන්නට ඇති බවට සැක පළ කරයි. කෙසේවෙතත් තවත් අය පවසන්නේ පිටසක්වල ඉදිකිරීම් සදහා අවශ්‍ය දේවල් තනන්නට මෙම ස්ථානය වැඩබිමක් වූ බවටයි. එම කටයුත්ත අහවර වූ පසුව ඔවුන්තේ තාක්‍ෂිනක රහස් පිටස්තරයන්ට පත්වීම වැලැක්වීමට ඔවුන් විසින්ම මෙම ස්ථානය විනාශ කර පිටව යන්නට ඇති බවයි.
Puma Punku එදා මෙලෙස පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ
මුලින්ම පැවසූ පරිදි මෙම Puma Punku යනු අතීතයේ පටන් මිනිසා විසින් නොව පිටස්තරයන් විසින් තනනු ලැබූ බවට සැලකූ බවට හොදම උදාහරණයක් ලෙස සලකන්නේ ස්පාඤයවරුන් මෙම ප්‍රදේශ අත්පත් කරගත් පසු එවකට එහි පාලනය ගෙන ගිය පාලකයා වෙතින් මෙම Puma Punku යනු කවර ආකාරයේ ස්ථානයක් දැයි විමසූ විට "එය අප විසින් ඉදිකරන ලද්දක් නොවෙයි. අහසින් පැමිණි අය එක රැයකින් ඉදිකරන ලද්දක්" බව පැවසීමයි.
උපුටා ගත්තේ සත් සමුදුර බ්ලොග් අඩවියෙනි
අප ජීවත් වන මහ පොළොවේ පුරාණ ජනතාව බිහිකර ඇති ඇතැම් නිර්මාණ පුදුමාකාරය. ඇත්තෙන්ම ඒවා එදා තිබූ තාක්‍ෂනය අනුව බිහිකරන්නට හැකියාවක් තිබුනේ දැයි සැකයක් ඇතැම් විට ඔබටත් පහළ වී ඇති. සමහර නිර්මාණ කුමක් සදහා කවුරුන් විසින් බිහිකළා දැයි අදටත් අභිරහසකි.ඇතැම් දේවල් ආගමික මුහුණුවරකින් දේවත්වයක් ආරෝපණය කර ඇති මුත් අභ්‍යවකාශ ජීවීන් පිළිබදව අධ්‍යයනය කරන විද්වතුන්ගේ මතය නම් ඇතැම් විට පැරණි ගෝත්‍රිකයන් මේ දේවත්වයන් සලකන ඇතැම් දෙවිවරුන් පිටසක්වලින් මහ පොළවට පැමිණි පිටසක්වල ජීවින් විය හැකි බවයි. ලෝකයේ එකිනෙකට ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිදුකර තිබෙනා ඉපැරණි ඉදිකිරීම් සදහා කර ඇති ගණිතමය ගණනය කිරීම්, තාරකා ශාස්ත්‍රය යොදා ගැනීම හා භූවිශමතා ලක්‍ෂන සැලකිල්ලට ගැනීම හා ඒව උපයෝගී කර ගෙන ඇති ආකාරය ඉතාමත් සමානය. එය එකම ගොඩනැගිලි ශාස්ත්‍රය උගන්වන පාසලක එකම ගුරුරවයෙකුගෙන් ඉගෙන ගත්තා හා සමාන බව පිටසක්වල ජීවීන් පෘථිවියේ ක්‍රියාදාමයන් සදහා සම්බන්ධ වූ බවට සාක්‍ෂි ගෙන හැර දක්වන විද්වතුන්ගේ මතයයි. මේ පිළිබදව නිර්මාණය කර ඇති හොදම වැඩසටහන් මාලාව නම් Ancient Aliens වාර්තාමය චිත්‍රපටිදාමයයි.
එසේම ලෝකයේ ඇති තවත් ගොඩනැගීම් එදා තිබූ තාක්‍ෂනය උපයෝගී කරගෙන කෙසේ නිර්මාණය කළා දැයි අදටත් අභිරහසක් වන අතර තවත් නිර්මාණ සිදුකළේ කුමන හේතුවක් අරඹයා දැයි යන ගැටළුව තවමත් නිශ්චිතවම විසදා ගැනීමට සමත් නොවී ඇති අතර අනුමාන වශයෙන් මත ඉදිරිපත් වීම හා එයින් වඩාත් ගැලපෙනවායැයි හැගෙන මතය ඒ ඒ වකවානු වල ආදේශ කිරීම පමණක් සිදුකර ඇත. උදාහරණයක් ලෙස මීට වසර දෙකකට පමණ පෙරාතුව සත් සමුදුරේම පළ කළ මහ පොළව මත ඇඳි අභිරහස් සිතුවම් ලිපියේදී කතා කළ නස්කා රේඛා පිළිබදවද මෙම ගැටළුව මතුවූ බව ඔබට මතක ඇති.