අතීත මතකය

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    සිගරට් දුම ඇදලා ඔය දෙතොල් සිප ගද්දි
    ඔයාට ඒ සුවඳ දැනෙන්න ඇති,

    බීලා බීලා ඔයත් එක්ක පාරේ යද්දි
    මන් දෙපැත්තට වැනෙන්න ඇති,

    ගoජා ගහලා ඔයා දිහා බලන් ඉද්දි
    පොඩි වෙලා රතුවෙච්ච මගේ ඇස් ඔයා දකින්න ඇති,

    ගුලි දාලා මන් පිස්සෙක් වගේ හිනා වෙද්දි
    හිත ඇතුලෙන් ඔයා ගොඩක් අඬන්න ඇති,

    පැණි දාලා ඔයා එක්ක ඇවිදිද්දි
    මගෙ කකුල් පැටලෙන්න ඇති,

    ටැබා දාලා ඔය අත අල්ලද්දි
    මගේ අත වෙව්ලන්න ඇති,

    ඈෂ් ගහලා විනාඩියෙන් විනාඩියට පළතුරු කද්දි
    ඔයා පුදුමයෙන් මන් දිහා බලන් ඉන්න ඇති,

    ඔයා මේ හැමදේම දැන දැන
    විඳව විඳව මට ආදරය කරන්න ඇති,

    ඔයාට මන් නිසා ජීවිතේ එපා වෙද්දි
    මාව දාලා යන්න හිතෙන්න ඇති,

    අපි වෙන්වුන තැන මන් තාම බලන් ඉද්දි
    ඔයා දැන් ගොඩක් දුර ගිහින් ඇති,

    ඇඳි බැඳි රැඳි නිති විඳි තුනි නොවි සැදි තිබි
    සිත්තම බොඳ වෙලා යන්න ඇති,

    ඒත් අදටත්,
    මන් වගේම ඔයත් මට ආදරේ කරනවා ඇති......


    පසුවදන: බුකියෙන් ඉස්සුවේ.. මේකෙ සමහර ඒවා හිතට වැදුන නිසා දැම්මේ කට්ටියට බලන්න..ඇත්ත ඒ අතීතයට තාමත් ආදරෙයි..