අනූව දශකයේ මැද භාගයට කිට්ටු දිනයක කොලඹ පිහිටි රාවය පුවත්පතේ ප්‍රධාන කාර්‍යාලයට නිර්නාමික ලිපියක් ලැබී තිබිණි.
ඉන් කියැවුනේ භීෂණ සමයේදී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් මරා දමා සූරියකන්දේ කදු මුදුනක වල දමා ඇති බවයි.
එවකට රාවය කතුවරයා වූ වික්ටර් අයිවන් මේ විස්තරය බස්නාහිර පලාත් මහ ඇමතිනියවූ චන්ද්‍රිකා කුමාරණතුංගට දැන්වූ පසු ඇයගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණේ නායකයින් රැසක් මේ වග සොයා බැලීමට සූරියකන්දට පිටත් විය.
පවිත්‍රා වන්නිආරච්චි , මංගල සමරවීර , මහින්ද රාජපක්ෂ වැනි ශ්‍රිලනිප ප්‍රබලයන් මෙන්ම වාසුදේව නානායක්කාර වැනි වමේ නායකයින්ද ඒ ගමනේ කොටස්කරුවන් විය.
පොලිසියේ සහ ආණ්ඩුවේ බාධාවන්ද නොතකමින් අදාල කදු මුදුනට ලගා වී දවස තිස්සේ කදු ගැටය මත හැම අස්සක් මුල්ලක් නෑරම හාරමින් කල ක්‍රියාන්විතයේ ප්‍රථිපලය වූයේ සිසුන් රැසකගේ දිරාපත්වූ මල සිරුරු උඩට මතු වීමයි...
අවසානයේ සූරියකන්දේ ඛේදවාචකය ලොව පුරා ප්‍රචලිතවූ අතර විපක්ෂයේ සිටි පොදුජන එක්සත් පෙරමුණ රට පුරා සෑම මැතිවරණ වේදිකාවකම මේ වග කියමින් යූඇන්පී ආණ්ඩුව පට්ට පතුරු ගැසුවේ බලයට පැමිණි විගස අපරාධකරුවන් හම ගසන බවට ප්‍රතිඥා දෙමිනි.
පවිතාදේවි වන්නිආරච්චි මහත්මිය වින්දිතයින් වෙනුවෙන් නීති සහයද ලබා දුන් අතර ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සිටිමින් හමුදාව සමග එක්ව සිය පාසලේ සිසුන් ඝාතනය කල ලොකුගලප්පත්තිට අධිකරණය විසින් වසර හතක සිර දඩුවමක් ලබා දුන්නේය...
යූඇන්පී ආණ්ඩුව ඊලග මහමැතිවරණයෙන් පරාජය වූ අතර පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කර චන්ද්‍රිකා මැතිණිය අගමැති ධූරයටත් , මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති ධූරයටත් පත් විය.
පවිත්‍රාදේවි වන්නිආරච්චි මෙන්ම නාලන්ද එල්ලාවල මහතාද රත්නපුරයෙන් නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තු ගත විය.
පසුව නාලන්ද එල්ලාවල මහතා තමුන්ගේම රජයක් පවතින සමයේ මහ පාරේ රැලියක් මැද ඝාතනය වූයෙන් එම චෝදනාව එල්ල වූයේ සූරියකන්දේ පැල්ලමක්ද නමට ගාවා ගෙන සිටි එවකට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේටයි...
අවසානයේ ඉන් දශකයකට පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉදගත් පසු එදා රත්නපුර දිස්ත්‍රික්කය පුරා භීෂණය පැතිරවූ එජාප ආණ්ඩුවේ ප්‍රභලයා වූ නන්ද මැතිව් හට ලබා දුන් දඩුවම වූයේ බරපතල වැඩ සහිතව ඌව පලාත් ආණ්ඩුකාරකමයි...
තමුන් සමග එකම පාර්ලිමේන්තුවේ විසූ මිතුරා නාලන්ද එල්ලාවල ඝාතනය කල සුසන්ත පුංචිනිලමේ හට කැබිනට් අමාත්‍යධූරයක්ද ඔහු ලබා දුනි.
සුසන්ත පුංචිනිලමේ සමග එම කැබිනට්ටුවේම එක් පසෙක පවිතා වන්නිආරච්චිත් , ඩිලාන් පෙරේරාත් , වාසුදේව නානායක්කාරත් වාඩි විය.
රට වටේ ඇටකටු හාරමින් , මව් පෙරමුණු පිහිටුවමින් , දරුවන් මල අම්මලා බදා ගනිමින් , ජිනීවා ගොස් පැමිණිලි කරමින් නැටූ ශ්‍රිලනිපයේ මානව හිමිකම් නාඩගම අවසාන වූයේ එලෙසිනි....
පහත ඡායාරූපයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ තිබෙන හිස් කබලට කතා කිරීමට හැකියාව තිබුණා නම් නැවත වතාවක් විලාප තබමින් දුවගෙන ගොස් සූරියකන්දේම වැලලෙනු ඇත.
FB උපුටනයකි..
Last edited: