අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ

    අතුරුදන් කාන්තාව ගේ කවන්ධය හමු වේ​



    ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

    ඒ අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි.

    කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපණ ශාලවක් ඉදිරිපිටට පැමිණෙන ඇය, එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.
    එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිට ව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත.

    ඔවුන් පිට ව යන්නේ, KI 3030 දරන අලු පැහැති මෝටර් රථයකින් වන අතර, එතැන් සිට අදාළ කාන්තව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.
    පසු ව මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.

    ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.
    ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කර ඇත.
    අනතුරු ව ඔහු ගේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගෙන තිබේ.

    ඒ පිළිබඳ සපුගස්කන්ද පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව ඔවුන් විමර්ශන සිදු කරන අතරතුර දී ඊයේ දහවල් අදාළ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ සිරුර දින දිකක සිට අතුරුදන් ටී.ජී ප්‍රදීපා නම් 51 හැවිරිදි කාන්තාව ගේ බවට ඇය ගේ ඥාතීන් විසින් අද පස්වරුවේ හඳුනාගත් බවයි.

    එමෙන්ම ඇය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව ද ඔහු සඳහන් කළේය.
    මේ වනවිට සුධීර වසන්ත නම් 55 හැවිරිදි අදාළ පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය හා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     
    • Sad
    Reactions: NRTG

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    අපේ ගෙවල් පැත්තේ උනේ ඕක. අරු රට පැනල කියල කියනව ගමේ කට්ටිය. ඇත්තද දන්නේ නැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.

    mona hithakin maranawada dane neha ban.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    CCTV තියෙන නිසා කතාව නිකන් ටීවී එකේ ෆිල්ම් එකක් බලනවා වගේ බලන් ඉඳලා පොලිසියට ඔක්කොම අල්ලගෙන අල්ලගෙන යන්න තියෙන්නේ...වාහනේ නොම්බර ඉඳලා තියෙනවා...ඒකෙන් වාහනේ අයිති එකාව හොයාගෙන, එතනින් උගේ ගේ හොයාගෙන, උගෙන් ගම ඔක්කොම අහගෙන වැඩේ කරන්නයි තියෙන්නේ...😅.

    හිතපන් cctv නැති කාලෙක කොයි තරම් අමාරු වෙන්න ඇතිද ඔය වගේ අපරාධයක් හොයන්න..:sorry:

    අපිට ගූගල්, චැට් gpt , AI තියෙනවා වගේ ඇති පොලිසියට cctv තියෙන එක :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඌව දැක්කම පේනවා බාගෙට පරිනාමය වෙච්ච වදුරෙක් වගේ මිනිහෙක් කියලා
    😅😅අවුරුදු 20ක් තිස්සේ මූත් ඵක්ක කොටු පැන්නට ඒකිට වෙනම ගාණක් දෙන්න ඕන..සමහරවිට ඒ ගාණ ඉල්ලුවහම වෙන්න අැති මරන්නත් අැත්තේ.😅
     
    • Haha
    • Like
    Reactions: iworld and NRTG