අතුරුදන් වෙමු

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මෙබඳු භයානක පනතක්‌ අපේ රටේ ඉතිහාසයේ මීට පෙර සම්මත වෙලා නෑ.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193න් මේ ජාත්‍යන්තර සම්මුතිය පිළිඅරගෙන තිබෙන්නෙ රටවල් 52 යි. අපේ රටත් ඒ 52 ට අයිතියි.
ඉන්දියාව, ඇමරිකාව, චීනය, රුසියාව මේ සම්මුතිය පිළිගන්නෙ නෑ.

ආත්මගරුත්වයක්‌ තියෙන කිසිම රටක්‌ මේ සම්මුතියට අත්සන් කරන්නෙත් නෑ.
පිළිගන්නෙත් නෑ. පිළිගන්නෙ නැත්තේ අත්සන් කරන්නෙ නැත්තේ මේ ජාත්‍යන්තර සම්මුතියෙ තියෙන භයානක කොන්දේසි නිසා.

ජාත්‍යන්තර සම්මුතියේ එන බලහත්කාරයෙන් අතුරුදන් කරවීම අර්ථ නිරූපණය කර ඇති වගන්තිය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කළේ නෑ.
එහි සිංහල පිටපතක්‌ කිසිවෙකුට දුන්නෙත් නෑ. එහෙම එකක්‌ ඇත්තෙත් නෑ.

කිසියම් පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඉන් මිදී වෙනත් රටකට පලාගොස්‌ හෝ සැඟවී සිටියහොත් මේ අනුව ඔහු අතුරුදන් වූ තැනැත්තෙකු සේ සලකා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග දුන් සහ එය ක්‍රියාත්මක කළ සියලුම නිලධාරීන් නීතිය ඉදිරියේ අපරාධයක්‌ සිදුකළ තැනැත්තන් බවට පත්වෙනවා. නියෝගය දුන්නේ ජනාධිපති වුවත් එය නිදහසට කාරණයක්‌ නොවන බව එහි සඳහන්. ඒ අනුව ඉහත ආකාරයට අතුරුදන් වූ පුද්ගලයකු වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට අණ දුන් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ සෑම නිලධාරියකුම ඉහත රටවල් 52 තුළ කවර රටක සිටියත් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියි.

අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පත්කරගන්නේ රජයේ නිලධාරි නෙමෙයි. ඕනෑම එන්ජීඕ කාරයෙකුට වුණත් මේකට පත් වෙන්න පුළුවන්. මේ කාර්යාලයේ නිලධාරීන්ට රටේ ඕනෑම ආරක්‌ෂක හමුදා කඳවුරකට, රජයේ කාර්යාලයකට ඕනෑම වේලාවක ඇතුල් වී ඕනෑම ලේඛනයක්‌ හෝ උපකරණයක්‌ පරීක්‌ෂා කර බැලීමට සහ අවශ්‍ය නම් රැගෙන යැමට බලතල තිබෙනවා. එවැනි බලතල අපේ රටේ කිසිම ආයතනයකට නෑ. සුප්‍රිම් උසාවියටත් නෑ. හමුදා කඳවුරු, පොලීසි, රහස්‌ පොලිසිය, බුද්ධි තොරතුරු මධ්‍යස්‌ථානය වැනි රටේ ඕනෑම ආරක්‌ෂක ස්‌ථානයකට ඇතුළු වී අවශ්‍ය ඕනෑම තොරතුරක්‌ ලබාගැනීමට ඕනෑම උපකරණයක්‌ අත්අඩංගුවට ගැනීමට සීල් තැබීමට ඔවුන්ට බලතල ලබා දී තිබෙනවා. ඔවුන්ගේ නියෝගවලට පිටුපෑම ඇපල් උසාවියේ නියෝගයක්‌ නොපිළිපැදීම හා සමාන දඬුවම් ලැබිය හැකි වරදක්‌. මීට පෙර අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් වාර්තාවල සඳහන් පුද්ගලයින් පිළිබඳවත් පරීක්‌ෂා කිරීමේ බලතල මේ කාර්යාලයට පවරා තිබෙනවා. විදේශයක සිට සාක්‌ෂි දෙන පුද්ගලයකු මෙරටට නොගෙන්වා අන්තර්ජාලය ඔස්‌සේ වීඩියෝ දර්ශන මගින් දෙන සාක්‌ෂි භාරගැනීමටත් මේ කාර්යාලයට බලතල තිබෙනවා. මුහුණ වසාගෙන වුවත් සාක්‌ෂි දෙන්න පුළුවන්. අපේ රටේ නීතිය අනුව වගඋත්තරකරුවකු හමුදාවේ හෝ පොලිසියේ නිලධාරියෙකුට දුන් කටඋත්තරයක්‌ ඔහුට එරෙහි සාක්‌ෂියක්‌ ලෙස ඉදිරිපත් කරන්න බෑ. නමුත් මේ කාර්යාලයට අවශ්‍ය නම් චූදිතයෙක්‌ ඔවුන්ට දුන් කටඋත්තරයක්‌ එම චූදිතයාට එරෙහිව සාක්‌ෂියක්‌ ලෙස ඉදිරිපත් කිරීමේ බලතල ලබාදී තිබෙනවා. අපේ රටේ නීතිය අනුව ප්‍රවාද සාක්‌කි එනම් මට මේක අහවලා කිව්ව. ඔහුට කියල තියෙන්නෙ අහවලා ආදී වශයෙන් දෙන සාක්‌ෂි අපේ උසාවිය පිළිගන්නෙ නෑ. නමුත් මේ කාර්යාලයට ඒ බලතලත් දීල තියෙනව. ඇත්තවශයෙන්ම මේ කාර්යාලය පිහිටුවා තිබෙන්නේ නැති සාක්‌කි හදන්න. මේක සාක්‌කි නිෂ්පාදනාගාරයක්‌.

මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ
නීතිඥ කල්‍යානන්ද තිරාණගම
ලිපිය
 

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා පනවා ඇති අණපනත් දෙස බලන විට අපේ රටේ ත්‍රස්‌තවාදී මර්දන පනත බොහොම ලිහිල් එකක්‌. මේ යෝජනා මාලාව තුළ එයත් අහෝසි කරන්නැයි කර ඇති යෝජනාව දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ පනත අහෝසි කළ විට රටේ ජාතික ආරක්‌ෂාව දුර්වල වෙනවා. දැන් නැවතත් රටේ ප්‍රදේශ ගණනාවකින් බෝම්බ සෑදීමට ගන්නා ටී.එන්.ටී. සහ සී 4 වැනි අධිබලැති පුපුරන ද්‍රව්‍ය හසුවී තිබෙනවා. මේ පනත ඉවත් කළවිට මේවා සම්බන්ධව සිදුකරන පරීක්‌ෂණ අඩාල වෙනවා. ත්‍රස්‌තවාදයට අනුබල දෙන්නන් අත්අඩංගුවේ රඳවා පරීක්‌ෂණ සිදුකිරීමට නොහැකි වෙනවා. මේ පනත ඉවත් කිරීම නිසා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සැකකරුවකුට ලැබෙන වරප්‍රසාද ත්‍රස්‌තවාදී සැකකරුවන්ටත් ලැබෙනවා. එය ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌.

මහජන ආරක්‌ෂක පනතත් ඉවත් කළ යුතු බව මේ යෝජනාවලියේ ඇති තවත් යෝජනාවක්‌. රට හදිසි අවස්‌ථාවකට මුහුණ දුන් විටක හමුදාව කැඳවීමේ හැකියාව තිබෙන්නේ මහජන ආරක්‌ෂක පනතට අනුවයි. 1947 මහා වැඩවර්ජනයක්‌ දියත් වූ අවස්‌ථාවේ මෙම පනත සම්මත කර ගැනීමෙන් පසුවයි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යැමට හැකිවුණේ. මේ පනත නීතියක්‌ ලෙස පැනවූයේ ඉන් පසුවයි. දැන් මහජන ආරක්‌ෂක පනත තිබෙන්නේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක්‌ වශයෙනුයි. යම් හෙයකින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන විට එය මෙම ඉල්ලීම මත හෝ එය ඉවත් කළ හොත් හදිසි අවස්‌ථාවකදී හමුදාව කැඳවාගත නොහැකිව රට අරාජික තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.

එසේම අද රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ හමුදා සාමාජිකයන් සිරගතවීමේ අවදානමකට මුහුණ පා සිටිනවා. මෙය රට වෙනුවෙන් හමුදාවේ කැපවීම අධෛර්යය කිරීමක්‌. ජීවිත පරිත්‍යාගයෙන් අපේ රට රැකගත් හමුදා සාමාජිකයන්ට අද බටහිර රටවල ආරක්‌ෂාව වෙනුවෙන් කැපවීමට සිදුවෙලා. මුහුqදු මාර්ග ආරක්‌ෂා කිරීමට අපේ නාවික හමුදාව යෙදවීමේ සූදානමක්‌ තිබෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඉන්දියානු සාගරය සුරක්‌ෂිත කලාපයක්‌ බවට පත්කිරීම එහි අරමුණයි. ඇමරිකානු විදේශ ආරක්‌ෂක බලඇණිවලට සහය වීමට අපේ ගුවන් හමුදාව යොදවාගැනීමටත් සැලසුමක්‌ තිබෙනවා. පසුගියදා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමත් මේ හා සම්බන්ධයි. එක්‌සත් ජාතීන්ගේ හමුදා වෙනත් රටවල සිදුකරන කලබගෑනිවලදී ඇතිවන ගැටුම් පාලනය කිරීමට අපේ හමුදා යොදවා ගැනීමටත් සැලසුමක්‌ තිබෙනවා. ඒ අනුව අපේ රට ආරක්‌ෂා කරනවාට වඩා අද අපේ හමුදාවන්ට වෙනත් රාජකාරී පැවරෙමින් තිබෙන බව පෙනෙනවා.
අපේ රටේ ආරක්‌ෂක හමුදා සිදුකළා යෑයි කියන මනුෂ්‍ය ඝාතන හා යුද අපරාධ පිළිබඳව මෙම වාර්තාවෙන් චෝදනා කර ඇතත් ඒ සඳහා පිළිගත හැකි කිසිදු සාක්‌ෂියක්‌ නෑ. යම්කිසි අපරාධයක්‌ සිදුකළ ආරක්‌Aෂක අංශ සාමාජිකයා හෝ එම කණ්‌ඩායමට පමණක්‌ නොව ඔවුන්ගේ ප්‍රධානියා පවා ඊට වගකිවයුතු බවත් එවැනි දේ යළි සිදුනොවන ලෙස බරපතළ දඬුවම් ඔවුන්ට ලබාදිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කොට තිබෙනවා. මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත් වඩා මෙයින් චෝදනා එල්ල වී ඇත්තේ පොලිසියටයි. හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් මෙන්ම නිලධාරිනියනුත් සැකකරුවන්ට සහ සැකකාරියන්ට ලිංගික අඩන්තේට්‌ටම් කළ බවට චෝදනා නගා තිබෙනවා. පොලිස්‌ නිලධාරිනියක්‌ ආරක්‌ෂක පියවරක්‌ ලෙස කාන්තාවකගේ සිරුර පරීක්‌ෂා කිරීමත් ලිංගික අතවරයක්‌ ලෙස මෙම වාර්තාව හඳුන්වා තිබෙනවා.

මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම