අතුරුදහන්වු මැලේසියානු MH370 ගුවන් යානය මැඩග&a

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
අතුරුදහන්වු මැලේසියානු MH370 ගුවන් යානය මැඩග&a

MH%2B370.jpg


මගීන් 239 ක් සමගින් මැලේසියාවෙ, ක්වාලාලමිපුර් සිට චීනයේ බිජිං බලා ගමන් කරමින් තිබු මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 ගුවන් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් තොගයක් මැඩගස්කර් හිදි සොයා ගත් බව ප්‍රංශ ගුවන් හමුදා නිළධාරින් පවසා සිටියි.

පසුගිය 2014 වසරේ මාර්තු මස 08 වෙනිදා අතුරුදහන්වු මෙම මගී ගුවන් යානය සෙවිම සදහා වසරකට වැඩි කලක් මැලේසියාව, ප්‍රංශය ඇතුලු රටවල් කිහිපයක ගුවන් හා නාවික සෙබලුන් 1000 කට වැඩි පිරිසක් මෙහෙයුමි දියත් කල අතර මෑත කාලින ඉතිහාසයේ සිදුවු අද්භුත ගුවන් යානා අනතුර මෙය බවට ලොව පුරා මතයක් ගොඩනැගි තිබුනා.

කෙසේ නමුත් ප්‍රංශ ගුවන් හමුදා භට පිරිස් විසින් පවසන ආකාරයට මෙම ගුවන් යානා සුන්බුන් සොයා ගෙන ඇත්තේ මැඩගස්කර් රාජ්‍යයට නාවික සැතපුමි 850 ක් පමන දුරින් පිහිටි "රියුනියන් දිවයින" අසල තිබියදිය.

"අප සොයා ගත් සුන්බුන් කොටස් දිවයිනට රැගෙන යාමට කටයුතු කරනවා. එහිදි අප බලාපොරොත්තු වෙනවා එම සුන්බුන් කොටස් වැඩිදුර පරික්ෂා කොට මෙි සත්‍ය වශයෙන්ම අතුරුදහන්වු MH370 ගුවන් යානයේ කොටස්ද කියා තහවුරු කර ගන්න", ප්‍රංශ ගුවන් හමුදාවෙ මාධ්‍ය ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍ය අමතා ප්‍රකාශ කල බව ප්‍රවෘත්ති සේවය වාර්තා කලා.

චිනය බලා ගමන් කරමින් තිබු මෙම MH370 ගුවන් යානය මැලේසියාව හා වියටිනාමය අතර මැද ගුවන් තලයේදි සිය ගමනාන්තය වෙනස් කල බවට ගුවන් සේවයේ බලධාරින් ප්‍රකාශ කර තිබුනත් එයට හේතුවු කරුණ කුමක්ද කියා කාහටත් සිතා ගත නොහැකි වුනා.

කෙසේ නමුත් දැනට හමුවු සුන්බුන් අතුරුදහන්වු MH370 ගුවන් යානාවෙ නමි වැළලි යාමට ගිය අභිරහසක සත්‍ය කරුණු ඉදිරියේදි දැනගැනිමට අපට අවස්ථාව හිමිවනවා නොඅනුමානයි.


MH%2B370%2BFound.jpg


source (blackbox)
 
Last edited: