අතු ගාල එපා වෙලාද?එහෙනම් මේක කියවන්න

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    අද මම කතා කරන්නෙ robotic vacuum cleaners ගැන. ගොඩක් අය මේ ගැන නම් මීට කලින් අහල ඇති ඒත් නම අහල තිබුනට ඒක වැඩ කරන්නෙ කොහොමද ඒකෙ තියෙන features මොනවද කියලනම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති ඉතින් මේ article එක එයාල වෙනුවෙන්.

    මේ ලෝකයට මුල්ම robotic vacuum cleaner එක එළීදැක්වුනේ 1996 වර්ශයේදි . නමුත් එය සාර්ථක යන්ත්‍රයක් වුනේ නෑ. Bugs බොහො ප්‍රමාණයක් ඒ තුල අඩංඟු උනා. නමුත් එය ඉතාමත් වැදගත් නිර්මාණයක් ලෙස සැලකෙන්නේ මෙම සංකල්පය ලෝකයට පලමු වරට පැමිණියේ මෙම යන්ත්‍රය නිසාවෙන් වීමයි.එයින් පසු විවිධ සමාගම් විවිධ වෙළද නාම යටතේ විවිධ යන්ත්‍ර වෙළදපොළට එළිදක්වන්නට යොමු වුනා.

    මෙම යන්ත්‍ර තවම අප රට තුල එතරම් ප්‍රචලිත නොවුනත් බොහෝ රටවල එය මේ වනවිට ප්‍රායෝගිකව භාවිත වෙනව .අප රටේත් මෙය භාවිතා කරන පිරිස් නැතුවාම නොවෙයි. ඉතින් අපි මෙහි ඇති features කිහිපයක් පිළිබදව විමසා බලමු.

    robot-vacuum-cleaner.png

    Robotic vacuum
    අප යම් කිසි ප්‍රදේශයක් මෙම යන්ත්‍රයට ලබාදුන් පසු සම්පූර්ණයෙන්ම ස්ව්‍යංක්‍රීයව අප දී ඇති සම්පූර්ණ ප්‍රදේශයම පිරිසිදු කිරීමට මෙම යන්ත්‍රයට හැකියාව තිබෙනව . මෙය auto mode ලෙස හදුන් වනවා. මෙම auto mode මුල් කාලයේදී ක්‍රියා කරන ලද්දේ යන්ත්‍රය අහඹු ලෙස දෙන ලද ප්‍රදේශයේ සෑම තැනම චලනය වීමට සැලැස්වීමෙනුයි . නමුත් මෙම ක්‍රමය ඉතාමත් අකාර්යක්ෂම බව පසුව නිශ්පාදකයන් හට වැටහුනා . මේ ක්‍රමය මගින් දෙන ලද සම්පූර්ණ ප්‍රදේශයම පිරිසිදු නොවීමත් සමහර ප්‍රදේශ කිහිප වරක් පිරිසිදු වීමත් මීට හේතු වුනා. එම නිසා battery යේ ආයු කාලයද ඉක්මනින් අවසන් වීම සිද්ධ වුනා. මේ නිසා පසුව ලේසර් තාක්ෂණය , camera හෝ sensors යොදාගනිමින් දෙන ලද ප්‍රදේශය හොදින් අධ්‍යනය කර ඉන්පසු යම්කිසි පිළිවෙළක් ඇතුව එම ප්‍රදේශය තුල චලනය වෙමින් එය පිරිසිදු කිරීමේ ක්‍රමය මෙම යන්ත්‍ර තුලට ඇතුලු වුනා

    තවද වර්තමානයේ සාදන යන්ත්‍ර වලට දෙන ලද පොළොවේ ස්වභාවය අවභෝධ කරගෙන ඒ අනුව vacuum කිරීම සදහා යොදන බලය ස්වයංක්‍රීයව අඩු වැඩි කරගැනීමට ද හැකියාව පවතී මේ නිසා වැඩි කාර්යක්ෂම තාවයකින් යුතුව තම කාර්යය කිරීමට වර්තමානයේදී මෙම යන්ත්‍ර ව්ලට හැකියාව ලැබී ඇත

    මෙය කෙසේ දියුණු වූවත් ත්වමත් මෙහි අඩුපාඩු ඇත. මෙහි ඇති එක් අඩුපාඩුවක් නම් සාමාන්‍ය vacuum cleaner එකකට තරම් බලයක් මේ තුල නොමැති වීමයි . එම නිසා සමහර රළු මතුපිටවල් මනා ලෙස පිරිසිදු කරීමට මෙයට හැකියාවක් නොමැත. එමෙන්ම මෙය පිරිසිදු කිරීම සදහා ලබාගන්නා කාලය අධික වීමද තවත් එක් ගැටලුවකි.

    කෙසේ වෙතත් මෙම යන්ත්‍රය දිනෙන් දින අලුත් වෙමින් මෙම හැටලු වලට පිලියම් ලැබෙමින් පවතී . එම නිසා ලංකාව තුලද මේවා ප්‍රායෝගික භාවිතයට පැමිනෙන කාලය වැඩි ඈතක නොවේ.
    article : https://geeks.lk/robotic-vacuum-cleaners-0/
    තව මේ වගේ ලිපි කියවන්න : GEEKS 👈 👈 (click here)
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාලෙකට ඉස්සර 'අනුරාධ' (@AnuradhaRa)ගෙදර අතුගාන ප්‍රශ්ණයක් දාලා තිබුණ මතකයි...
     
    • Love
    Reactions: AnuradhaRa

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අතුගාන ඵකට වඩා වැකුම් කරන ඵක තමා හොඳ..අතු ගානකොට බලපං දූවිලි උඩට යන හැටි..ඒ දූවිලි උඩට ගිහින් හැමතැනම රැදෙනවා..අඩු ගානෙ සතියකට දෙපාරක්වත් වැකුම් කරනවනම් ගෙදර දූවිලි අඩු වෙනවා.
     
    • Like
    Reactions: pjgprabath