අත පැටලී හරි ජරමරයක් වෙයී.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අත පැටලී හරි ජරමරයක් වෙයී.

    තුන්වෙනි විනිසුරුට අත පැටලී හරි ජරමරයක් වෙයී.

    අත් වැරදීම් කියන ඒවා ලෝකේ කොහෙත් සිදුවෙනවා, සමහර අත්වැරදි නිසා සමහර වෙලාවට ලොකු ප්‍රශ්ණ වලට මුහුන දෙන්න සිද්දවෙනවා. මේ ඇවිල්ලා ක්‍රිකට් තරගයකදි වෙච්ච දෙයක්.


    aus.jpg


    ඊයේ දිනයේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පෑවති තරගයේදී සුරේෂ් රයිනා යැවූ 28වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි, ඔස්ට්‍රේලියා ක්‍රීඩක මයික් හසීගේ කඩුල්ල බිද දැමු අතර එය දැවී යාමක් ද යන්න සටහන් කිරිමට තෙවැනි විනිසුරු වෙත යොමු කරනු ලැබුවා.
    තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරන බෘස් ඔක්සෙන්ෆොඩ්, සටහන් කළේ ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු විදියට.
    අනතුරුව මයික් හසී පිටියෙන් ඉවතට යනවිට ඔහු පසු පස හඹා ගිය පිටියේ විනිසුරු දෙපළ සැල කළේ තෙවැනි විනිසුරු වැරදීමකින් මයික් හසී දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සටහන් කලා කියලයි.
    ඒ අනුව හසීට නැවතත් ක්‍රීඩා කිරමේ අවස්ථාව උදා විය.
    විස්තර විචාරකයින් පවසන ආකාරයට සිදුව ඇත්තේ තෙවැනි විනිසුරුවරයා විසින් සිය තීරණය ප්‍රකාශය කිරිම සදහා තද කිරිමට අවශ්‍ය බොත්තම වෙනුවට වැරද බොත්තම තද කරලා තියෙනවා කියලයි.
     

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    අද වැරදීමක් උනාට හදන්නේ නැ නිව්ස් කියද්දීවත්. වැරැද්ද හදනවානම් ඒක හොදයි. වැරදි නොකර ඉන්නවානම් බොහොම හොදයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අද වැරදීමක් උනාට හදන්නේ නැ නිව්ස් කියද්දීවත්. වැරැද්ද හදනවානම් ඒක හොදයි. වැරදි නොකර ඉන්නවානම් බොහොම හොදයි.

    Sirawatana Atta Machan.