අදට හරියටම අවුරුද්දයි

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අදට හරියටම අවුරුද්දයි

    23031288_1883680821949132_4106468992769689658_n.jpg


    අද දිනට පණ්ඩිත් අමරදේවයාණන් අප අතරින් නික්ම ගොස් වසරක් සපිරෙනවා. එතුමා අභාවපාත්‍රවූ විට බොහෝ අය ගුණ වැයුම් කළද​, වසරක් සපිරෙන් අද දිනයේ එතුමාව මතක් වූයේ සීමිත පිරිසකට පමණි. මාධය් නාලිකා කිහිපයක් ඇරුණු විට අනිත් නාලිකාවලට එය අමතකවී තිබීම කණාගාටුවට කරුණකි. එතුමාගේ ගීත කොටස්, ඇතැම් සිදුවීම් හා වීඩියෝ දර්ශන විකුණාගෙන කෑ ගොසිප් මාධ්‍යකාරයන්ටත් එය අමතකවී ගොසින් ය​. එකල කිඹුල් කඳුලු හලමින් අමරදේවයාණන් ගැන පෝස්ට් සාදා මුදල් ඉපයූ ඔවුන්, අමරදේවයාණන්ගේ වර්ෂ පූර්ණය මාකට් කල නොහැකි පුවතක් නිසා විහින් අමතක කර ඇත​. facebook එක දෙස බැලුවත් කිහිප දෙනෙක් ඇරුණු විට අමරදේවයාණන් ගැන සැමට අමතකවී ඇත​.

    ඔබ කොතෙක් සමාජයට යහපතක් සිදු කළද , ඔබ මිය ගොස් දින කිහිපයකට පසු එය සැමටම අමතක වේ. ඒ කටුක සත්‍ය දැනගෙන ජීවත් වෙමු.



    අමරදේවයාණෙනි.... ඔබට නිවන් සුව අත්වේවා
     
    Last edited:
    • Like
    Reactions: lilman