අදත් ඉතින් කන් පිරෙන්න අහගන්නට හැකිය

plant

Member
Oct 23, 2016
123
10
0
අදත් ඉතින් කන් පිරෙන්න අහගන්නට හැකිය

පවුලේ බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත...
අක්කගෙන් බැනුම් අහන්නට ඕනෑය....
අයියාගෙන් ටොකු කන්නට ඕනෑය...අම්මට කඩේ යන්නට ඕනෑය...අත්තම්මාට බුලත් කොටන්නට ඕනෑය....
සීයාට පත්තර ගේන්නට ඕනෑය....
සෝට් ඇන්ඩ් සුවිට් කියනවා නම් ගෙදර අප්පු ජොබ් එක කොරන්නට ඕනෑය....
අනිත් බොකම සින් එක අක්කා සහ අයියා කොරන දේවල් වලට මම බැනුම් අහන්නට ඕනෑ එකය......
ගිය මාසේ අක්කාට ප්රොමොසන් එකක් සෙන්ටි මෙන්ටල් වෙලාය....
ඒකට බැනුම් ඇහුවේ මම ය.....
අක්කාට නම් අහවල් පෝස්ට් එකක් තියනවාය...තොට තාමත් විභාගේ පාස් වෙන්නට බැරිය...
තෝ නම් මැට්ටෙක්ය ආදී ලෙස මගේ චරිතාපදානයම අම්මා කුස්සියේ ඉදන් ගායනා කරයි.....

පහු ගිය සතියේ අයියා මොකක්දෝ ජිල් ටෝන් විභාගයක් ලියලා පාස් වෙලාය....
ඒකටත් බැනුම් ඇහුවේ මමය.....
අයියා නම් පාස් වෙනවාය...තොට නම් තාමත් බැරිය...අපතයා වගේ ගිල ගිල හිටපිය...බ්ලා...බ්ලා.....
අම්මා ආයෙත් මගේ චරිතාපදානය කැසට් එක ප්ලේ කරනවාය....
අකුරක්වත් අඩු නැතුව ඒ සැට් එක ඒ විදිහටම ඕක ඩේලි අහන නිසාම මට ඕක කට පාඩන්ය....
බාලයා වීමේ අනිත් සීන් එක නම් ගමේ උන් විභාග පාස් උනාම බැනුම් අහන්න ඕනෙත් මම ය....
උඩහා ගෙදර මැගිලින් ඇන්ටිගේ දුව කැම්පස් සිලෙක්ට් උන දවසේ එක දිගට වරු තුනක් පිරිත් අහන්නාසේ බැනුම් ඇහුවෙමි....

අපරාදේ කියන්නට බැරිය වේල් පිරිතක් වගේය....
මොන මල හත් ඉලව්වක් උනත් මට බනින්නේ නැතුව ගෙදර උන්ට ලල් එකක් නැතිය.....
දවසකට එක පාරක්වත් බැනුම් ඇහුවේ නැත්තම් මටත් නිකන් පාලුයි පාලුයි වගේය.....
පවුලේ බාලයා වීම එච්චරටම බොක සීන් එකක්ය....
මම හෙනම අප් සැට් එකේ පහල වෙල දිහාට මංගැච්චුවෙමි....
වෙල අයිනේ දොබ ගහ යට සෙන්ටි මෙන්ටල් වෙන්නටය.....
අනේ දෙයියෙක්ටවත් මේ දුක පේන්නේ නැති හැටියක්.....????

මම නිකමට ස්ටේටස් අප් ඩේට් කලෙමි....
සර බරස් හඩින් දොබ ගහේ අතු දෙකක් මැදින් කවුදෝ මන්දා බිමට පත බෑවුනි....
මල හත් ඉල්ලවට ගහපු කලාබරේ කිව්වලු..මම ගහ පිටිපස්සට පැන්නෙමි.....
සේප් එකේ රබර් ඇහැකරකවා බැලුවෙමි....
අයි.එස්.අයි.එස් කාරයෙක්වත් ද දන්නේ නැත....
කොන්ද අත ගගා නැගිට්ට බුවා සේප් එකේ වට පිට බලා මට ඩයල් කරේය.....

"දරුව..."

" මම ද අයියේ..."
මම සේප් එකේ ඇසුවෙමි....
.
"ඔව්...ඔබ තමා දරුව...මම මේ වෘක්ශ්යේ වෘක්ශ දේවතාව වෙමි...ඔබේ දුක දැක මෙහි පැමිනියෙමි...."

අම්මට හුටු රුක් දෙයියෙක්...මූ මගේ දුක දැකලා ආවා කිව්වට මූ පත බෑවිච්ච හැටියට මටත් දුක හිතුනේ...
වැරදි තැනක් එහෙම වැදුනනන්ම් රුක් දෙයියාට මෙතනම වඩ දිය බෑවෙනවාය

"මගේ දුක කිව්වේ අයියේ...නෑ මේ මම කිව්වේ දෙයියෝ....???"

"ඔබේ පවුලේ අය ඔබට ඉතා පහත් ලෙස සලකනවා නේද.....??
මට නුබට උදව් කල හැකී...ඔබට මම වරයක් ලබා දෙන්නම්...කැමති දෙයක් ඇත් නම් ඉල්ලව....."

අම්මටහුඩු....මූ නම් දෙයියෙක් නෙමෙයි දේවලයක්...දෙන්න හිතෙනවා උම්මා පෝලිමක්....
මොකක්ද ඉල්ලන්නේ....???
හෙනම බොක සීන් එකක් නේ දෙයියොත් ඇවිල්ලා දැම්මේ....
සල්ලි ඉල්ලනවද....
ජනාධිපති කම ගත්තොත් නරකද...
ඉල්ලනව නම් ජාති අසූ හාරදාහකුයි තව හතරකුයි තියනවාය...
ඒ උනාට බුවාට දෙන්න පුලුවන් එකයි නේ.....

ඒ අස්සේ ගහ උඩින් සද්දයක් ඇහෙනවාය....චූටි පුතා...චූටි පුතා....කෝ මේකා...
කවදාවත් දේව සභාවට වෙලාවට යන්න එන්නේ නෑ...අක්කලා අයියලා දිහා බලලවත් හැදෙන්නේ නෑ මේ පුබ් බූරුවා...කෝ මේකා....

මම සේප් එකේ රුක් දෙයියාට රබර් ඇහැ දැම්මෙමි.....

ඌ හෙනම අප්සැට් එකේය...මම කිසි දෙයක් නෑහුන ගානට උන්නෙමි....

"මාව තමයි ඕයි හොයන්නේ...අපේ පවුලෙත් බාලයා මම..එපා වෙලා ඉන්නෙ ඕයි...දේව ලෝකෙ කියලත් වෙනසක් නෑ ඕයි...මෙහෙ උන් ම නේ එහෙ ඉන්නෙ....."

අම්මට හුදු මෙච්චර වෙලා දරුවා කියපු බුවා දැන් මට ඕයි කියනවාය...

ඇයි බන් දෙයියනේ උබට බැරිද බන් උබේ පවර් එකෙන් මුකුත් කරන්න....

මොනා කියලා කරන්නද කරන්නද ඕයි.....
අපිට වර දෙන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි නේ.....කවුරු හරි මිනිහෙක් ඉතින් හිත උනු වෙලා දීපු වරයකට මාව පවුලේ වැඩිමලා කරන්න කියලා ඉල්ලුවොත් ඉතින් තමයි....
නැත්තන් ඉතින් සදා දුකේ තමා....

මට බුවා ගැන හෙනට අප්සැට් හිතුනි.....
හරි මම වරයට ඉල්ලන්නේ ඔහේ පවුලේ වැඩිමලා කරන්න කියලා....
මම හෙන සිරා මූනක් අරන් කිව්වේමි....

මල්ලි මාර හිත හොද කොල්ලෙක් නේ මල්ලි....
මම මල්ලිට කොහොම ස්තූති කරන්නද දන්නේ නෑ ඕයි...මට ඉස්තූති කියන්න දෙයක් නෑ.....
රුක් දෙයියා හෙනම සෙන්ටි මෙන්ටල් විදිහට කදුලු පුරවන් බලන් ඉන්නවාය.....
මමත් හෙනම ගැම්මෙන් දෙයියාට ෆේස් කරනවාය
දෙයියෝ බේරිලා හිටින්කො කියලා කට ගන්න හම්බුනේ නැතිය......
හෙනම සීතල වතුර පාරක් උඩින් පත බෑවුනි....

නොදකින් පස්ස පැත්තට එලිය වැටෙනකම් බුදියනවා මී හරකා.....නැගිටලා පොතක් බලා ගන්නවා...ඊට කලින් අර මිදුලේ තියන පොල් ටික ලෙලි ගහනවා....බ්ලා...බ්ලා......

අම්මාගේ කැසට් එක කුස්සියෙන් ඇහෙනවාය....
කෝ රුක් දෙයියා...
මම වටපිට සර්ච් පාරක් දැම්මෙමි.....
එහෙම එකෙක් නැතිය...
අපිට ඉතින් එහෙම උන් එන්නෙ හීනෙන් විතරය....
කාමරෙන් එලියට එද්දි ටෙලිවිසොන් එකේ නිවුස් යනවාය....

"සිරස්තල"
සමාන්ය පෙල ප්රතිඵල අද නිකුත් කෙරේ......

මල හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු....
වසලා හමාරය....අදත් ඉතින් කන් පිරෙන්න අහගන්නට හැකිය......
අනේ හීනෙන් ආපු රුක් දෙයියෝ....
ඇත්තටම වරෙන්කො......
මාව බේරපන්කො....

සටහන
-වාසනාවන්ත-

http://wasanawanthaya.blogspot.com/2016/07/blog-post_21.html#more
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් පවුලේ බාලයා :D වාසිත් තියෙනවා බන්. හැමෝම එක එක ඒවා ගෙනත් දෙනව පඩි හම්බුනාම, වගකීම් අඩුයි ඔක්කොම කරල දෙනව මොනවා උනත් පොඩි එකානේ කියල.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාලකන්නි සක්කිලි සිංහලු බන්.අපේ කාලකන්නි ජාතියට හරියන්නේ නැත්තේ ඕකමයි.පවුලෙන්ම තමා මානසිකව වැටෙන්නේ.වෙනස්කම් වෙන්නේ.අපේ හුකන්නලා ළමයි තුන් හතර දෙනෙක් හැදුවොත් එකෙක්ට වැඩියෙන් සලකනවා.එතකොට වෙන්නේ පවුලේ අනිත් උන් බේද වෙන එක.ඉතින් හිතපන් පවුලේ සාමයක් නැතුව ජාතියේ සාමයක් තියෙයිද.එකමතු කමක් තියෙයිද.මහ සක්කිලිම වැඩක් ඕක.ඔහොම කරන උන් තමා අද කාලේ වැඩියෙන්ම මහලු මඩම් වල ඉන්නේ.ඇයි එකෙක්ට සලකනවා.අන්තිමට ඒ සලකන එකා උන් ගැන බලන්නෙත් නැහැ.අනිත් උන් බලන්නෙත් නැහැ.මෝඩ හැතිකරේ.එකෙක්ට සලකන්න ඕන නම් එකෙක් හැදුවානම් ඉවරයිනේ.
     
    aththa kathawa ..hbai hadissiyen thama..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,846
    113
    අදාල නෑනේ
    කාලකන්නි සක්කිලි සිංහලු බන්.අපේ කාලකන්නි ජාතියට හරියන්නේ නැත්තේ ඕකමයි.පවුලෙන්ම තමා මානසිකව වැටෙන්නේ.වෙනස්කම් වෙන්නේ.අපේ හුකන්නලා ළමයි තුන් හතර දෙනෙක් හැදුවොත් එකෙක්ට වැඩියෙන් සලකනවා.එතකොට වෙන්නේ පවුලේ අනිත් උන් බේද වෙන එක.ඉතින් හිතපන් පවුලේ සාමයක් නැතුව ජාතියේ සාමයක් තියෙයිද.එකමතු කමක් තියෙයිද.මහ සක්කිලිම වැඩක් ඕක.ඔහොම කරන උන් තමා අද කාලේ වැඩියෙන්ම මහලු මඩම් වල ඉන්නේ.ඇයි එකෙක්ට සලකනවා.අන්තිමට ඒ සලකන එකා උන් ගැන බලන්නෙත් නැහැ.අනිත් උන් බලන්නෙත් නැහැ.මෝඩ හැතිකරේ.එකෙක්ට සලකන්න ඕන නම් එකෙක් හැදුවානම් ඉවරයිනේ.

    bump
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අම්මටසිරි....
    මගේ බොගේ පෝස්ටුවක් නෙව......
    ගෙනාව තැනත් එක්කම දැම්ම එකට නම් ස්තූතී කීවා ඕන්
    :yes::yes::yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,766
    113
    මාත් පවුලේ බාලයා :D වාසිත් තියෙනවා බන්. හැමෝම එක එක ඒවා ගෙනත් දෙනව පඩි හම්බුනාම, වගකීම් අඩුයි ඔක්කොම කරල දෙනව මොනවා උනත් පොඩි එකානේ කියල.

    :(

    Wish I had elder brothers or sisters
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    අම්මටසිරි....
    මගේ බොගේ පෝස්ටුවක් නෙව......
    ගෙනාව තැනත් එක්කම දැම්ම එකට නම් ස්තූතී කීවා ඕන්
    :yes::yes::yes::yes::yes:
    :sorry::sorry::sorry: :)
    blog eka hoya gaththe paththare giyapu kathawakin
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    නෙදකින් මුන්...
    යකෝ පව්ලේ පොඩි එකාගේ වාසි ගන්නවත් මුන් දන්නෑ ..,,

    යකෝ ගෙදර තමන්ගේ තැන හදාගන්න බැරී එකා කොමද කියපන්කො සමාජේ තැනක් හදාගන්නේ..,,

    අන්තිමට බැදලත් ගැනිගෙනුත් බැනුම් අහන්නේ ඔය වගේ උන් තමා ..,,