අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන..

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන..

    ggggggggggggg.jpg

    පාසල් වියේ සිට මිය යන තෙක්ම ගණිත කර්ම සදහා භාවිතා අප භාවිතා කරන කැල්කියුලේටරයේ ඇති MR, MC, M+, M- යන බොත්තම් හතර ඔබට මතකද? වසර ගණනාවක් පුරාවට ගණිත ගැටළු විසදීම සදහා කැල්කියුලේටරය භාවිතා කලත් ඔබ කී වරක් මෙම බොත්තම් හතර භාවිතා කර ඇතිද?ඔබේ පිලිතුර එක්වරක්වත් නෑ යන්න නම් එය පුදුමයට කරුණක් නොවේ.
    ඇත්ත වශයෙන්ම මේ අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන මොනවාද?

    සංකීර්ණ ගණිත සමීකරණ අඩු පියවර ගණනකින් සිදු කිරීම සදහා මෙම බොත්තම් හරත ඇති අතර ඒවායේ නම් සෑදී ඇත්තේ මෙසේයි.

    MR : Memory Recall (කැල්කියුලේටරයේ මතකයේ ඇති අගය ආපසු ලබා ගැනීමට)

    MC : Memory Clear(කැල්කියුලේටරයේ මතකය ශූන්‍ය කිරීමට)

    M+ : Memory Add (සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයට එකතු කිරීමට)

    M- : Memory Subtract(සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයෙන් අඩු කිරීමට)

    උදාහරණයක් ලෙස පහත සමීකරණය සලකමු.
    (123 x 3) + (55 - 24) + (10^2) - (7 x 8) = ???

    විද්‍යාත්මක කැල්කියුලේටරයක් (Scientific Calculator) නොවන සාමාන්‍ය කැල්කියුලේටරයකින් මෙවැනි සුළු කිරීමක් සිදු කිරීමට නම් ඔබට පියවර ගණනාවක් අවශ්‍ය වන නමුත් MR, MC, M+, M- යන බොත්තම් භාවිතා කිරීමෙන් සාමාන්‍ය කැල්කියුලේටරයකින් පවා ඔබට මෙම සමීකරණය එක් පියවරකින් විසදීම සිදු කල හැකියි.

    ඒ සදහා ප්‍රථමයෙන් (123 x 3) යන සුළු කිරීම සිදු කර M+ බොත්තම එබිය යුතු අතර එවිට 123 x 3 යන සුළු කිරීමේ පිලිතුර වන 369 යන්න කැල්කියුලේටරයේ මතකයේ තැන්පත් වේ.
    ඉන්පසු (55 - 24) යන සුළු කිරීම සිදු කර යලිත් M+ බොත්තම එබිය යුතු අතර එවිට (55 - 24) යන සුළු කිරීමේ පිලිතුර වන 21 යන්න කැල්කියුලේටරයේ මතකයේ ඇති පලමුව සිදු කල සුළු කිරීමේ පිලිතුර වන 369 ට එකතු වේ.
    ඉන්පසු පෙර පරිදිම (10 ^ 2) යන සුළු කිරීම සිදු කර M+බොත්තම එබිය යුතු අතර එවිට 10^2 යන සුළු කිරීමේ පිලිතුර වන 100 යන්න කැල්කියුලේටරයේ මතකයට එකතු වේ.
    අවසාන වශයෙන් (7 x 8) යන සුළු කිරීම සිදු කර M-බොත්තම එබිය යුතු අතර එවිට (7 x 8) යන සුළු කිරීමේ පිලිතුර වන 56 කැල්කියුලේටරයේ මතකයේ ඇති අගයෙන් අඩු වේ.
    අවසානයේ කැල්කියුලේටරයේ මතකයේ ගබඩා වී ඇති අවසන් පිලිතුර ලබා ගැනීමට MR යන බොත්තම එබිය යුතු අතර එවිට මුළු සමීකරනයේ අවසන් පිලිතුර වන 444 යන්න කැල්කියුලේටරයේ තිරයේ සටහන් වේ.

    ---උපුටාගැනීමකි ----
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අද්බූත වෙන්නේ කොහොමද බන් මම දැනුවත්ව එක්දාස් නවසිය අනු ගණන්වල මුලත් ඔය ඔප්ෂන් වලින් වැඩ ගන්න ලංකාවේ මිනිස්සු දැනන් හිටියා
     

    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    අද්බූත වෙන්නේ කොහොමද බන් මම දැනුවත්ව එක්දාස් නවසිය අනු ගණන්වල මුලත් ඔය ඔප්ෂන් වලින් වැඩ ගන්න ලංකාවේ මිනිස්සු දැනන් හිටියා

    20% k 30% inna athi mcn eth godak aye dan na
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගුලක් අද්බුතයි :dull: ඕක අදද බන් උබල දන්නේ? ඔච්චර ඕක ගැන නොදන්නා එවුන් ඉන්නවා කියල හිතන්නත් අමාරුයි කොච්චර සරල බටන් ද ඕව. 5 වසරේ එකෙක් උනත් දන්නව

    ඔය Button වලින් වෙන්නේ මොකක්ද දන්නේ නැති එවුන් Programming නුත් කරනවද දන්නැ :eek:
     
    Last edited: