අදින් පසු Megaupload නෑ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    Naha Machan A panatha Eye Usa Goverment 1 Illa As Karagaththa..Dan CAse 1 naha................
    ow dannwa mchan.. bt meka a case eken krna bari nisa krpu ekak. mediafire ekatath wrrnin deela tyne koi weleda sure na..

    mea thrd eke last page s wala info dala athi
    http://www.elakiri.com/forum/showthread.php?p=11874070


    menna mu ekata gyma ena wrning eka

    banner.jpg
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ♥-Aurora-♥;11891867 said:
    පිස්සු හැදෙයි! මගෙ මුළු සේසතම තිබුනෙ MU වල. අනාතයි :( :( :(

    එහෙනම් ඔයත් වන්දි ඉල්ලල නඩුවක් දාන්න:lol:
    jst kiddin..no hard feelings :)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    Code:
    http://www.universalmusic.com.br/




    මීට විනාඩි කීපයකට කලින් Anonymous ලා විසින් ඉහත සදහන් කල වෙබ් අඩවිය හැක් කරනා ලදී.




    ghost.jpg

    If Megaupload is down....

    You Are Down Too!!!

    GhostOfThreads
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    සෝපා (SOPA) නරක ඇයි? 2 කොටස

    90 මුල කොංග‍්‍රස් එක නීතියක් ගේනවා. ඒක හැමදෙයක්ම වෙනස් කළා. ඒකට කියන්නෙ ‘ ඕඩියෝ හෝම් රෙකෝඩින් ඇක්ට්’ කියල (1992). ඒකට අනුව ගෙවල් වල මිනිස්සු රේඩියෝ එකේ යන ඒවා ටේප් වලට රෙකෝඞ් කරලා යාලූවො අතර බෙදන එක අපරාධයක් නෙමෙයි. ඒත් හයි කොලිටි කොපි ගොඩක් හදලා ඒවා විකුණනවා නම් ඒක වැරැුද්දක්. ඒ ගොල්ලො හිතුවා මේකෙන් ප‍්‍රශ්නෙ විසඳෙයි කියල. මොකද නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන පටිගත කිරීම ගැන ඒ ගොල්ලො නීතියක් හදල.

    ඒත් මේක නෙමෙයි මීඩියා ඉන්ඩස්ටි‍්‍ර එකට ඕන. ඒ ගොල්ලොන්ට ඕන කොපි හදන එක එහෙම්පිටින්ම නවත්තන්න. මේ නීතියත් එක්ක මීඩියා බිස්නස් එකට වැඬේ අත්අරින්න වුණා. මොකද නීතිය පැහැදිලියි. ඒත් ඒකෙන් මිනිස්සු වැඩිවැඩියෙන් මීඩියා ලෝකෙ ඇතුලට එනවා. ඒක බිස්නස් අතින් අවාසියි.

    ඉතිං ඒ ගොල්ලො ප්ලෑන් ‘බී’ එකට ගියා. ඒකට කාලයක් ගතවුණා. මේක එලියට ආවෙ 1998දි. ඒක තමයි ඩිජිටල් මිලේනියම් කොපි රයිට් ඇක්ට් එක. ඒකෙන් කොපි කරන්න බැරි ඩිජිටල් දේවල් හදන එක නීත්‍යානුකූල වුණා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ කොපි කරන්න බැරි ඩිජිටල් දේවල් නෑ. ඒක හරියට තෙත නැති වතුර බෙදන්න යනවා වගේ.

    ‘බිට්ස්’ කොහොමත් කොපි කරන්න පුළුවන්. ඒක තමයි කොම්පියුටර් වලින් කරන්නෙ. කොපි කරන්න බැරි බිට්ස් හදන්න බැරි හින්ද මීඩියා කොම්පැණි වලින් කළේ කොම්පියුටර් වල, වීඩියෝ ගේම් වල තියෙන කොපි කරන උපාංග නැති කරන එක.

    කොපි කරන්න බැරි බිට්ස් කතාව ඇත්තක් කරන්න ඒ ගොල්ලො වෙන වැඩක් කළා. කොපි කරන්න පුළුවන් උපාංග අක‍්‍රිය කරන සිස්ටම් එකක් අඳුන්වලා දුන්නා. වීඩියෝ ප්ලේයර් එකක් හරි, කොම්පියුටර් එකක් හරි ගෙදර ගෙනියද්දි ඒකෙ කොපි කරන්න බැරි වෙන විදිහෙ සිස්ටම් එකක් එක්කයි ඔයාට ගන්න වෙන්නෙ. ඒක රිසෙට් කරන්න තහනම්. ඒ කියන්නෙ ඔයා ගෙදර ගෙනියන්නෙ සම්පූර්ණ කැසට්, වීඩියෝ ප්ලේයර් එකක්, කොම්පියුටරයක් නෙමෙයි. ඒක බාගෙට කැඩිලා. ඒත් ඒක හරිගස්සන්න තහනම්. නීතියෙන් බැරි වුණාම ඒ ගොල්ලො මේ විදිහට තාක්‍ෂණයෙන් ඒ වැඬේ කරන්න බැලූවා.

    ඒත් මේකෙ ගොඩක් සංකීර්ණතා මතු වුණා. ඒ හැම එකකටත් වඩා ඉන්ටර්නෙට් මිනිස්සු අතරෙ ජනප‍්‍රිය වෙන්න ගත්තා. ඉන්ටර්නෙට් එකත් එක්ක බලද්දි මේ කොපි කරන උපකරණ වලින් කරන්න දෙයක් නැති තරං. ලෝකෙ අවුරුදු 12ට වැඩි හැම කෙනෙක්ම ඔන්ලයින් දේවල් බෙදා ගන්නවා අනිත් පුරවැසියන් එක්ක. ලියන දේවල්, පිංතූර, ඕඩියෝ, වීඩියෝ, අපි නොදන්න, කලින් තිබුණු, දැන් තියෙන, හැම දෙයක්ම අපි බෙදා ගන්නවා. මේකෙන් තරම් මීඩියා ඉන්ඩස්ටි‍්‍ර එක බය වුණේ නෑ වෙන මොකකින්වත්ම.

    සෝපා/පිපා කියන්නෙ දෙවෙනි වටය.
    ඉස්සෙල්ලා කරන්න ගිය වැඬේ සර්ජිකල් වැඩක් කිව්වොත් මේක නියුක්ලියර් වැඩක්. මේකෙන් පුළුවන් ලෝකෙම දේවල් වාරණය කරන්න.
    මේක කරන්න ඒගොල්ලො ඒ අයිපී ඇඩ‍්‍රස් වලට මගපෙන්වන කවුරු වුණත් එලියට ඇදලා දානවා. සර්ච් එන්ජින්, යූසර් ලිස්ට්, ඔන්ලයින් ඩිරෙක්ටරි හැම එකක්ම මේකට අහු වෙනවා. ඉන්ටර්නෙට් එකේ ලොකුම ප්‍රොඩියුසර් ලා ගූගල්වත්, යාහූ වත් නෙමෙයි. ඒ අපි. අපිටයි මේ පොලිසිය එන්නෙ. සෝපා/පිපා වල තියෙන ඇත්ත තර්ජනය මේ දේවල් බෙදා ගන්න අපිට තියෙන නිදහස නැති කරන එක.

    සෝපා/පිපා වලදි පරණ නීතිය අනිත් පැත්තට හැරිලා. ඉස්සර වැරැුද්දක් ඔප්පු කරන තෙක් ඔබ නිවැරදිකරුවෙක්. ඒත් මේ අනුව ඔබ නිවැරදියි කියල ඔප්පු කරන තෙක් කොහොමත් ඔබ වැරදිකරුවෙක් (ලංකාවෙ නං කොහොමත් නීතිය මේ විදිහයි*
    ඔබට කිසි දෙයක් බෙදා ගන්න බෑ ඒ දේවල් ඒ කට්ටිය අකමැති දේවල් නෙමෙයි කියල සනාථ නොකර. අපි පාවිච්චි කරන, ඒ වගේම අලූත් අවස්ථා ගොඩක් විවෘත වෙන තැනක් මේ අවහිර කරන්නෙ.
    එක යූසර් කෙනෙක්ව අල්ලන්න රුපියලක් වියදම් වෙනවා නම් ඒ රුපියලෙන් මිලියන ගාණක් යූසර් ලට දෙන සර්විස් එකක් කඩාගෙන වැටෙනවා. මේ පණත් වලින් කරන්නෙ අර බේකරිය ඉස්සරහ තිබ්බ බෝඞ් එක හැමතැනම එල්ලන එක. යූ ටියුබ්, ට්විටර් හැම එකකටම මේ බෝඞ් එක එනවා.

    මේ පණත් වලින් වෙන දේ ඒ ගොල්ලො යෝජනා කරන එකට වඩා වෙනස්. මේ සනාථ කිරීම කියන බාධකය ගේන එකෙන් අපි ඔක්කොම එකපාර හොරු වෙනවා. අපි නිර්මාණ කරන, ප්‍රොඩියුස් කරන, බෙදා ගන්න හැම මොහොතකම අපි හොරු. අපිට මේ හැකියාව බා දෙන ටෙඞ්, යූ ටියුබ්, ට්විටර් වගේ අයට වෙනවා එක්කො පොලිස්කාර තැනට මාරු වෙන්න. නැත්තං නීතිය කඩ කරන අයගෙ පැත්තට වැටෙන්න.

    මේ ගැන දෙකක් කරන්න පුළුවන්.
    එකක් ලේසියි. අනික අමාරුයි.
    ලේසි එක තමයි, ඔබ ඇමරිකානු පුරවැසියෙක් නම් කතා කරන්න ඔබේ මහජන නියෝජිතයන්ට. මේ සෝපා/පිපා ගේන්න වැඩ කරන අයට ඩොලර් මිලියන ගණන් ඒ කොම්පැණි වලින් ගෙවනවා. අපිට එහෙම සල්ලි නෑ. ඒත් අපිට පුළුවන් අපේ නියෝජිතයන්ට කියන්න, අපිව හොරු විදිහට සලකන්න එපා කියල. ඉන්ටර්නෙට් එක සීමා කරන මේ පණත් වලට අපි විරුද්ධයි කියල. ඇමරිකානුවෙක් නෙමෙයි නං ඒත් ඔයගොල්ලන්ට පුළුවන් අඳුරන ඇමරිකානු අයට කතා කරන්න. කතා කරලා කියන් මේ විරෝධය පළ කරන්න කියල.
    මේක ජාතික ප‍්‍රශ්නයක් වගේ පෙණුනට මේක මුලූ ලෝකෙටම බලපාන ප‍්‍රශ්නයක්. මේකෙන් සීමා වෙන්නෙ ඇමරිකාවෙ ඉන්ටර්නෙට් එක විතරක් නෙමෙයි. අපි හැමෝගෙම ඉන්ටර්නෙට් එක.

    අමාරු දේ මේකයි.
    තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න නියමිතයි. සෝපා/පිපා කියන්නෙ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන බෙදා ගැනීම් ගැන ප‍්‍රශ්නයක් නෙමෙයි. මීඩියා ඉන්ඩස්ටි‍්‍ර එකට ඕන හැම විදිහකම බෙදාගැනීම් නවත්තන්න. අපිට සිද්ද වෙනවා කොංග‍්‍රස් එකට ඒත්තු ගන්වන්න මේ බෙදා ගැනීම් වල නීත්‍යානුකූල බව පරීක්‍ෂා කරලා ඊට පස්සෙ තීරණයක් ගැනීමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහ කියල. නැතුව හැම බෙදාහදාගැනීමක්ම හොරකමක් විදිහට සැලකීම නෙමෙයි කියල.
    ඒ ටික තේරුම් ගන්න කල් තව ගොඩක් දේවල් ඉස්සරහට එයි. අමාරු දේ ඒකයි.

    (ක්ලේ ෂර්කිගේ කතාවේ දළ පරිවර්තනයක්)


    Pahe Kalliya පහේ කල්ලිය
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    සෝපා (SOPA) නරක ඇයි?

    මේක නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ප‍්‍රසන්න විතානගේ වගේ අයට දිරවන්නෙ නැති කතාවක්. ක්ලේ ෂර්කි සෝපා/පිපා පණත් වලින් අපේ බෙදා හදා ගැනීමේ නිදහසට කෙළ වෙන හැටි ගැන කතා කරනවා. කතාව පටන් ගනිද්දි එයා කඬේක එල්ලලා තිබ්බ බෝඞ් එකක් ප්‍රොජෙක්ට් කරලා පෙන්නුවා.
    මේක අපේ ගෙවල් ගාව තියෙන පොඩි කොලේජ් බේකරියක දොරේ එල්ලලා තිබුණෙ.
    ‘මීට පස්සෙ පිටතින් ගේන පිංතූර කේක් උඩ අයිසින් කිරීම කරනු නොලැබේ’
    ඉස්සෙල්ලා ඉස්කෝලෙ ළමයින්ට පුළුවන් ඒගොල්ලො ආසම පිංතූර අරන් ඇවිත් ඒ ගොල්ලොන්ගෙ බර්ත්ඬේ කේක් උඩ අයිසින් කරගන්න. ළමයි ආසම කාටූන් වලට. ලිට්ල් මර්මේඞ්, මිකී මවුස්. ඊට පස්සෙ ළමයි ආස කාටූන් කේක් උඩ දාන්න බැරි වුණා. ඒක කොපි රයිට් වයලේෂන් එකක්.
    ‘අපි මේ වැඬේ නවත්තලා දානවා’ බේකරිය කිව්වා. ඇමචර්ස්ලට මේ මැෂින් එක පාවිච්චි කරන්න බෑ (මේ අයිසින් කරන්නෙ මැෂින් එකකින්* ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔයාට පුළුවන් අපිට ගෙවලා අපි හදලා තියෙන රූප පාවිච්චි කරන්න.

    කොංග‍්‍රස් එකේ දැන් කෙටුම්පත් දෙකක් තියෙනවා. එකක් සෝපා. අනික පීපා. සෝපා කියන්නෙ ඔන්ලයින් පයිරසි (කොපි රයිට් නැති කවර හෝ දෙයක් පාවිච්චි කිරීම* නවත්තන්න කියල. ඒක ගේන්නෙ සෙනෙට් එකෙන්.
    පිපා කියන්නෙ ‘ප්‍රොටෙක්ට් අයිපී’ කියන එක කෙටියෙන්. නිර්මාණාත්මක ආර්ථිකයට (ක‍්‍රියේටිව් ඉකොනොමි* සිද්ද වෙන සැබෑ ඔන්ලයින් තර්ජන වැළැක්වීම සහ බුද්ධිමය දේපොල ආරක්‍ෂාව වෙනුවෙනුයි ඒ පණත.
    මේවා කොංග‍්‍රස් එකට වැඩක් නැතුවට කරන වැඩ. සෝපා/පිපා වලින් කරන්න යන්නෙ අර බේකරියේ බෝඞ් එකේ තියෙන කතාව. කොපි රයිට්ස් වලට ලැබෙන ගාණ වැඩි කරගන්නයි උවමනාව.
    එතකොට අලූත් අයට වැඩක් කරන්න බෑ (හරියට අපිට නං ටොරානා එකෙන් සිංහල චිත‍්‍රපටි අරන් බලන්න සල්ලි නෑ වගේ) ගොඩක් අලූත් දේවල් සිද්ද වෙන එක නවතිනවා. (ලංකාවෙ අපි ලෝකෙ චිත‍්‍රපටි බලන්න පටන් ගත්තෙ බම්බලපිටියෙ බොලිවුඞ් එකට පිං සිද්ද වෙන්න. කොපි රයිට් තිබ්බා නම් අද අලූත් සෙට් එකේ තියෙන සිනමාව ගැන දැනුම එහෙම්පිටින්ම නවතිනවා*

    ඒ ගොල්ලො මේක කරන්න යන්නෙ කොපි රයිට් කඩනවා කියන සයිට් අඳුරගෙනයි. ඒවා කොහොමද අඳුරගන්නෙ කියලා මේ පණතෙ කොතනවත් නෑ. ඊට පස්සෙ ඒ ගොල්ලො ඒවයේ ඩොමේන් නම අවලංගු කරනවා.
    ඒ කියන්නෙ www.ගූගල.com වෙනුවට ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ 76.88.99 වගේ මැෂින් කෝඞ් එකක්. ඒක මිනිස්සුන්ට කියවෙන්නෙ නෑ.

    ඒත් මේක හරියන වැඩක් නෙමෙයි. කොහොම හරි මේ කෝඞ් එක මතක තියාගෙන අපිට පුළුවන් ආයිමත් ගූගල් යන්න. මේ පණතට වඩා ඇත්ත ප‍්‍රශ්නෙ ලොකුයි. මේ ප‍්‍රශ්නෙ වටේ තියෙන පොලිස්කාර ගතියයි මේකෙ ඇත්තට සම්බන්ධ.

    මේ වගේ ඒ ගොල්ලොන්ගෙ අරමුණවත් ඉටුවෙන්නෙ නැති, ඒ වෙනුවට ගොඩක් අතුරු ආබාධ ඇති කරන පණතක් ගේන්නෙ ඇයි කියල තේරුම් ගන්න ඒකෙ පසුබිම් කතාව දැනගන්න වෙනවා. මේ සෝපා/පිපා කියන පණත් කුරුටු ගෑවෙන්නෙ විසිවෙනි ශතවර්ෂෙ පටන් ගත්ත මීඩියා කොම්පැණි වලින්.

    විසිවෙනි සියවස කියන්නෙ මීඩියා වලට මරු කාලයක්. මේකෙ තියෙන ලොකුම හේතුව හි`ගකම. ඔයා ටීවී ෂෝ එකක් හදනවා නම්, ඒක මීට කලින් හදලා තියෙන අනිත් ටීවී ෂෝ වලට වඩා හොඳ වෙන්න ඕන නෑ. ඒක හොඳ වෙන්න ඕන එකම වෙලාවෙ විකාශය වෙන අනිත් ටීවී ෂෝ දෙකට වඩා හොඳ එකක් විතරයි. ඒක හරි පහල මට්ටමක්. කිසි අමාරුවක් නෑ. පොඩි දෙයක් කළත් ඔයාට ඇමරිකාවෙ ජනගහණයෙන් තුනෙන් එකක් ඉන්නවා. ජරාවක්ම නොවී ටිකක් විතර හොඳ එකක් කරන්න විතරයි තියෙන්නෙ. ඒක හරියට සල්ලි ප‍්‍රින්ට් කරන්න ලයිෂන් එකකුයි නිකං දෙන තීන්ත බැරල් එකකුයි තියෙනවා වගේ.

    ඒත් තාක්‍ෂණය දියුණු වුණා. ඒක තමයි තාක්‍ෂණයෙ විදිහ. ඒකෙන් මේ හි`ගකම ටිකෙන් ටික අහෝසි වුණා. මං මේ කියන්නෙ ඩිජිටල් තාක්‍ෂණය ගැන නෙමෙයි. ඇනලොග් කාලෙ ගැන. කැසට් පටි, වීඩියෝ පටි, ෆොටෝ කොපි මැෂින් මේ හි`ගකම වෙනුවට ගොඩක් අවස්ථා ඇති කළා. මීඩියා බිස්නස් එක තිගැස්සෙන තරම් අවස්ථා ගොඩක් අපිට ලැබුණ. අපි නිකං අලගෙඩි නෙමෙයි. අපි දේවල් පරිභෝජනය කරනවා විතරක් නෙමෙයි. අපි පාවිච්චි කරනවා තමයි. ඒත් මේ හැම අලූත් හඳුන්වාදීමක් එක්කම අපි තව තව දේවල් ප්‍රොඩියුස් කරන්න කැමති වුණා. ඒවගේම බෙදාහදා ගන්නත් කැමති වුණා. මේ හැම එකකින්ම මීඩියා බිස්නස් බය වුණා.

    ඇමරිකාවෙ මෝෂන් පික්චර් සමාගමේ ජැක් වැලෙන්ටි කියනවා, මේ දරුණු කැසට් රෙකෝඩර් එක හරියට ජැක් රිපර් (ලොව පතල ස්ත‍්‍රී ¥ෂකයෙක්* වගේ සහ හොලිවුඩය හරියට ගෙදර තනියෙන් ඉන්න ගෑනු කෙනෙක් වගේ කියල. ඒක තමයි මේක පේන විදිහ. ඒ හින්ද මීඩියා ඉන්ඩස්ටි‍්‍ර එක කොංග‍්‍රස් එකෙන් වැඳලා ඉල්ලූවා මේකට මොකක් හරි කරන්න කියල. ඔන්න කොංග‍්‍රස් එක කළා.