අද ඔබේ සැමියා, පෙර භවයක ඔබේ පුතා! කළකිරෙන, අති දීර්ඝ සංසාර කතාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    3,205
    7,338
    113
    Colombo

    පංචාල රට වැසියන්ගේ සියලු සම්පත්වලට අධිපති බ්‍රහ්මදත්ත කියල රජ්ජුරු කෙනෙක් හිටියා. බොහෝ කලක් ගෙවුනාට පස්සේ ඒ රජතුමා කලුරිය කළා.

    ඒ රජ්ජුරුවන්ට උබ්බරී කියල බිසොවක් හිටියා. ඒ බිසව රජතුමා ආදාහනය කරපු තැනට ගිහින් වැළපෙනවා. බඹදත් රජු නැවත දකින්ට නැති නිසා ‘බ්‍රහ්මදත්ත, ඔබ කොහිද’ කිය කියා හඬනවා.

    එතැනට ධර්මයෙහි හැසිරෙන මුනිවරයෙක් වන සෘෂිවරයෙක් ආවා. ඔහු එතැනට ඇවිදින් ඒ රැස්වෙලා හිටිය මිනිසුන් ගෙන් මෙහෙම ඇහුවා.

    නොයෙක් සුවඳවර්ග විහිදෙන මේ සොහොන කාගෙද? මේ බිරිඳ හඬන්නේ කවුරු වෙනුවෙන්ද?’ මිනිස් ලෝකයෙන් දුර වූ පරලොව ගිය ස්වාමීයා වන.​

    බ්‍රහ්මදත්ත රජතුමාව දකින්ට නැති නිසයි මෑ ‘බ්‍රහ්මදත්ත’ කිය කියා හඬන්නෙ කියල එතැනට රැස් වෙච්ච මිනිසුන් අර සෘෂිවරයාට කිව්වා

    නිදුකාණන් වහන්ස, බ්‍රහ්මදත්ත රජතුමාට යහපතක්ම වේවා! මේ නොයෙක් ආකාරයේ සුවඳ පැතිරෙන මේ සොහොන ඒ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ තමයි.​


    ඒ රජ්ජුරුවන්ගෙ බිරිඳ තමයි මේ මනුලොවින් දුර වූ පරලොව ගිය තමන්ගෙ ස්වාමියා වන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ව දැකගන්ට නැතුව අඬන්නෙ. ‘බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත’ කිය කියා වැළපෙනවා.

    ‘බ්‍රහ්මදත්ත’ යන නම ඇති අසූහයදාහක් දෙනා මේ සොහොනේ දවල තියෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගෙන් කවුරු වෙනුවෙන්ද?​


    ස්වාමීනි, පංචාල රටේ යස ඉසුරුවලට අධිපතිව මේ රජ්ජුරුවෝ හිටියේ. මෙයා චූළනී රජ්ජුරුවන්ගෙ පුතා. මං කැමති හැමදේම දෙනවා. අන්න ඒ මගේ ස්වාමියා වෙනුවෙන් තමයි මං සෝක කරන්නෙ.

    ඒ වුණාට ඔය සියලුම රජවරුන්ට කියන්නෙ බ්‍රහ්මදත්ත යන නාමයයි. ඔය හැමෝම පංචාල රටේ යස ඉසුරුවලට අධිපති වෙලා හිටියෙ. ඒ හැමෝම චූළනී රජ්ජුරුවන්ගේ පුතුන් හැටියටයි හිටියේ.​


    ඒ සෑම රජ කෙනෙකුටම අනුපිළිවෙලින් අග්‍රමහේසිකාව වුනේ ඔබමයි. ඉතින් කලින් හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් අත් හැරල අන්තිම රජ්ජුරුවන්ට අඬන්නෙ මොකටද?​


    නිදුකාණන් වහන්ස, එතකොට මං මේසා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දිගටම ආවේ ස්ත්‍රියක් වෙලාද? එතකොට ඔබ කියන්නෙ මං සංසාරෙ බොහෝ වාර ගණනාවක් මේ ස්ත්‍රිත්වයද ලැබුවේ?​


    ඔබ ස්ත්‍රියක් වෙලත් තියෙනවා. පිරිමියෙක් වෙලත් තියෙනවා. තිරිසන් යෝනියෙත් ඉපදිලා තියෙනවා. ඔය විදිහට අතීතයට ගිය ආත්මභාව ගැන නම් කෙළවරක් දකින්ට බෑ.​


    ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා.​


    මගේ පපුව ඇතුළේ ඇනි ඇනී තිබුණු ශෝක හුල ඔබ උදුරලා දැම්මා. ස්වාමි ශෝකය නිසා මං ගොඩාක් ශෝකයෙන් පෙළි පෙළී හිටියෙ. ඔබ ඒක දුරු කළා.​


    මහාමුනිතුමනි, ඔබවහන්සේගේ අවවාදය අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල් වුන කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මං සෝක වෙන්නෙ නෑ. හඬන්නෙ නෑ.​


    ඒ ශ්‍රමණයන් වහන්සේගේ සුභාෂිත වචනවලට ඇය හොඳින් සවන් දුන්නා. පාත්‍රා සිවුරු අරගෙන අනගාරික සාසනයෙහි පැවිදි වුනා.​


    ඔය විදිහට ඈ ගිහි ගෙදරින් නික්මිලා අනගාරික සාසනයෙහි පැවිදි වුනාට පස්සෙ බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවා.​


    ගමක් ගමක් පාසා සැරිසරා ගියා. නියම් ගමක් පාසා, රාජධානියක් පාසා සැරිසරා ගියා. උරුවෙල් කියන ගම්මානය තියෙන්නේ යම් තැනකද අන්න එතැන තමයි ඇය කලුරිය කළේ.​


    ඇය මෛත්‍රී සමාධිය වැඩුවේ බඹලොව ඉපදීම පිණිසයි. ස්ත්‍රීභාවය පිණිස ඇති ඇල්ම අත්හැරල ඇය බඹලොව ඉපදුනා.​

     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,281
    113
    බුදු දහම අනාත්මවාදී නේද? විඥානය උන්ත් එක තැනකින් තවත් තැනකට ගියත් කලින් පුද්ගලයගෙ ව්ඥානය නෙමෙයි නේද අලුතෙන් ඉපදෙන පුද්ගලයට ලැබෙන්නෙ? (විඥානය බිදි බිදී සකස් වෙනව නේද නිතරම?) මාන්ශ ශරීරය කොහොමත් වෙනස් නෙ? ඉතින් කලින් මැරුණු පුද්ගලයම ආයිත් උපදිනව වෙන්න බෑ නේද?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    3,205
    7,338
    113
    Colombo
    කිසි පදනමක් නැති මෝඩ බණ. 😆

    බුදු දහම අනාත්මවාදී නේද? විඥානය උන්ත් එක තැනකින් තවත් තැනකට ගියත් කලින් පුද්ගලයගෙ ව්ඥානය නෙමෙයි නේද අලුතෙන් ඉපදෙන පුද්ගලයට ලැබෙන්නෙ? (විඥානය බිදි බිදී සකස් වෙනව නේද නිතරම?) මාන්ශ ශරීරය කොහොමත් වෙනස් නෙ? ඉතින් කලින් මැරුණු පුද්ගලයම ආයිත් උපදිනව වෙන්න බෑ නේද?
    හෑම දෙයක්ම වෙනස් වෙනව, එත් එකම විඥානය තමයි දිගටම යන්නේ. එකත් වෙනස් වෙනවා
    ------ Post added on Mar 30, 2022 at 12:28 AM
     
    • Haha
    Reactions: ජොසී

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    3,171
    5,911
    113
    කොහෙද ඕයි කළකිරෙන්නෙ. ඕක තමයි ෆෙටිෂ් එක. කෙල්ලට අම්මි හුම්මි ගාගෙන ඉන්නෙ සි බෞ ඉමෝෂනල් කොල්ලො ටික.