අද කාලයේ යශෝදරවක්,,,

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    අද කාලයේ යශෝදරවක්,,,

    tckb.jpghttp:


    ලෝකවාසී දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන්කොට තිබු සුදු සැරයටි දිනය ඊයේ දිනයේ (15) පැවැත්වූ අතර එම දිනයේදී දෘශ්‍යාබාධිත සෙබලෙකුගේ විවාහය සිදු කිරීම ලැබීම රණවිරු සෙවනේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවට විශේෂ අත්දැකීමක් විය.

    අවසන් සටනේදී පුද්ගල නාශක බිම්බෝම්බයකට හසුවී දෘශ්‍යබාධිතව මෙන්ම වම් පාදයේ දණහිසට පහල ඉවත්කර ඇති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හයවන බල ඇණියේ ලාන්ස් කෝප්‍රල් උපුල් ඉන්ද්‍රජිත් රණවිරුවා ඊයේ දිනයේ පැවති විවාහ උත්සවයේ මනාලයා වේ.

    ඉන්ද්‍රජිත් 2009 මැයි මස හතරවන දින තුවාල ලබා ඇතිඅතර 2009 ඔක්තෝබර් 05 වන දින රාගම රණවිරු සෙවනට ඇතුළත්කොට ඇත. එහිදී දෘශ්‍යාබාධිත දාම් චෙස් ක්‍රීඩා පුහුණුවීම් ලබාගත් ඉන්ද්‍රජිත් සමස්ත ලංකා දෘශ්‍යාබාධිත චෙස් තරඟාවලියේ තෙවන ස්ථානයද ලබාගෙන ඇත.

    ඊයේ දිනයේ පැවති විවාහ උත්සවයේ මනාලිය වුයේ බුත්තල හේවා කොඩිතුවක්කුගේ තිලිනි ප්‍රියදර්ශනී නම් පෙර පාසල් ගුරුවරිය වේ. සිය සැමියා සමග මධුසමය ගත කිරීමට යාමට මත්තෙන් මාධ්‍යය ඇමතු ඇය පවසා තිබුනේ මෙවැන්නක්.

    "මගේ ගම බුත්තල දුෂ්කර ගම්මානයක්.මගේ පවුලේ සහෝදර සහෝදරියෝ දෙන්නෙක්..මම සාම්න්යයපෙල දක්වා ඉගෙනගත්ත..එදා ඉදන්ම මා කැමැත්තෙන් හිටියේ අබාධිත රණවිරුවෙකුගේ ජීවිතයට අත්වැලක් වෙන්න.ඒ නිසාම රාගම රණවිරු සෙවනට මම ලිපියක් යැව්වා මගේ අදහස දන්වා..රාගම රණවිරු සෙවනේ මේජර් ප්‍රේමදාස මහතා මට ඉන්ද්‍රජිත්ව හදුන්වා දුන්නා..

    ඉන්ද්‍රජිත් හරි අහිංසකයි..ඒ නිසාම ඔහු කෙරේ මගේ ආදරය වැඩි උනා..මගේ තනි කැමැත්තට අබාධිත රණවිරුවෙක් එක්ක විවාහ වෙනවට එතරම් කැමැත්තක් නොතිබුනත් පසුව දෙපාර්ශවයේම ආශීර්වාදය හිමිවුණා..මම ඉන්ද්‍රජිත්ව ආදරෙයන් රැකබලා ගන්නවා..මගේ මහත්තයාගේ ගම කිතුල්ගල..

    ඔහු එහි ගෙයක් හදාගෙන යනවා..අපි ගමේ ගිහින් ඒ ගෙදර පදිංචිවෙලා ඉතිරි වැඩ ටික නිම කරන්නයි බලාපොරොත්තුව.. "

    ගම්පහ බැලුම්මහර පබාවී උත්සව ශාලාවේ පවතී විවාහ උත්සවයේ බරපැන දරා තිබුනේ සියනෑ අපි නම් සංවිධානය විසිනි.




    ගත්තේ,,
    PHP:
    33000